ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ rental vacancy rate හෙවත් කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතිකය සැලකිය යුතු ලෙස පහත බැස ඇති බව වාර්තා වේ.
එය පසුගිය ජූලි මාසය වන විට 1.8% ක් දක්වා පහත වැටී ඇති බව Real Estate Institute of Victoria හෙවත් REIV ආයතනයේ නවතම දත්ත පෙන්වා දෙයි.
ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට එය පසුගිය 16 වසර තුළ ලත් පහළම කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතිකය වේ.

කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතිකය
REIV ආයතනය පවසන ආකාරයට හිතකර කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතිකය ලෙස 3% මට්ටම සලකයි.
එහිදී ඉල්ලුමට සරිලන සැලකිය යුතු ලෙස සැපයුමක් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
පාසුගිය වසරේදී මෙල්බර්න් නුවර කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතිකය 2.3% සිට 1.5% දක්වා අඩුවුණු බවත් එනිසාම කුලී නිවැසියන්ට නිවාසයක් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්වූ බවත් සඳහන්.
එමෙන්ම මෙල්බර්න් නුවරින් පිටත පිහිටි නගර වලද කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතිකය 1.6% දක්වා අඩුවී තිබේ.

ජනගහනය වැඩිවීම
මෙලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතිකය ශීග්‍රව පහල වැටීමට ප්‍රධනතම හේතුව ප්‍රාන්තයේ ජනගහනය අධික ලෙස ඉහළ යාම බව Real Estate Institute of Victoria ආයතනය පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශයට අනුව පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජනගහන වර්ධනය 2.3% කින් ඉහළ ගිය අතර එය පුද්ගලයින් වශයෙන් 143,000 කි.

කුලී නිවාස වලට වික්ටෝරියානු ප්‍රාන්තයේ නව නීති
වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා පවතින නීති සංශෝධනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගිය මාසයේ යෝජනාවක් ගෙන ආවේය.
සුළු වටිනාකමකින් යුත් ගිවිසුම් මුදල් (bond), දිගු කාලීන බදු කාලයන්, තම සුරතල් සතුන් නිවසේ තබා ගැනීමට අවසර දීම වැනි සංශෝධන මෙහි අන්තර්ගත වේ.
කෙසේවෙතත්, මෙම නව නීති පසුගිය අගෝස්තු 23 වන දින වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවෙන් සම්මත වූ අතර එය දැන් සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට සූදානම්ය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

