ඔස්ට්‍රේලියානුවන් මධ්‍යසාර පානය කිරීමේ අඩුවීමක් දක්නට ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් ගේ ඇල්කොහොල් පරිභෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

50 වසරකට පසුව පහළම ඇල්කොහොල් පරිභෝජන අගය
2016/17 වසරේදී ඔස්ට්‍රේලියානුවන් ලීටර් මිලියන 186 ක ඇල්කොහොල් පරිභෝජනය කර ඇති බවත් 1961/62 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ පහළම අගය එය බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙයි.
එම අගයට අනුව වයස අවුරදු 15 ට වැඩි සෑම පුද්ගලයෙකුම වසරකට ලීටර් 9.4 ක ඇල්කොහොල් පරිභෝජනය කරන බවට සැසඳිය හැකි බවද සඳහන්.
එනම් කුඩා ප්‍රමාණයේ බීර බෝතල් 224 ක්, වයින්බෝතල් 38 ක්, සයිඩර් බෝතල් 17 ක්, පූර්ව මිශ්‍ර කරන ලද මධ්‍යසාර කෑන් 33ක් සහ මධ්‍යසාර බෝතල් 4 ක ට සමානවේ.

මෙතෙක් වාර්තාවූ ඉහලම ඇල්කොහොල් පරිභෝජන අගය
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ ඉහලම ඇල්කොහොල් පරිභෝජන අගය 1974/75 වර්ෂයෙන් වාර්තා වේ.
එහිදී වසරකට පුද්ගලයෙකුගේ සාමන්‍යය බීර පරිභෝජනය කුඩා ප්‍රමාණයේ බීර බෝතල් 500 ක් බව සඳහන්.

ජනප්‍රියම පානය
ඔස්ට්‍රේලියානුවන්ගේ ඇල්කොහොල් පරිභෝජන අගය 2016/17 වසරේදී පහළ යාමට ප්‍රධානතම සාධකය වන්නේ විශාල ලෙස බීර පරිභෝජනය අඩුවීම බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
මීට පෙර වසර සමග සසඳන කල එය 3.4% ක හෙවත් ලීටර් මිලියන 2.6 ක පහත වැටීමකි.
නමුත් තවමත් ඔස්ට්‍රෙලියානුවන්ගේ ජනප්‍රියම මධ්‍යසාරය බවට පත්ව ඇත්තේ බීර බවත් එය 2016/17 වසරේදී 39.2% ක පරිභෝජන ප්‍රතිශතයක් ගත් බවත් වාර්තා වේ.
වයින් එහි දෙවනි තැනට පත්ව ඇත්තේ 38.3% ක ප්‍රතිශතයක් ගනිමිනි.
ඉන් අනතුරුව මධ්‍යසාර 13.1% ක්ද ready-to-drink මධ්‍යසාර වර්ග 6% ක් ද සහ සයිඩර් 3.4% ක්ද යනුවෙන් ලැයිස්තුවේ ඊළඟ ස්ථාන වලට පත්ව ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

