SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට නුදුරේදීම ලැබෙන්නට යන ආර්ථික වාසිය මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙම වැඩසටහන සඳහා හිමිකම් කියනුයේ ඩොලර් මිලියන 3 කට වඩා වටිනාකමින් අඩු නිවෙස් වන අතර නිවෙස් හිමියාම එහි පදිංචිව සිටිය යුතුවේ.

Australian dollars
Consumers are the most impacted by the dollar fall Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට නුදුරේදීම සූර්ය පැනල 50% ක වට්ටමක් සහිතව තම නිවෙස් වලට සවි කරගත හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය වාර්තා කරයි.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඒ සඳහා ඩොලර් බිලියන 1.24 ක ප්‍රතිපාදන වැඩසටහනක් පසුගිය සතියේදී නිවේදනය කළ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Victorians to get half-price solar panels under State Government scheme
Source: AAP

නව සූර්ය පැනල වැඩසටහනට හිමිකම් කිව හැක්කේ කා හටද?

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මෙම නව සූර්ය පැනල වැඩසටහන යටතේ වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට තම නිවෙස් සඳහා සූර්ය පැනල සවි කරගැනීමට ඩොලර් 4,550 ක මුදලක් පෙර ගෙවුම් වශයෙන් රජයෙන් හිමිවන අතර ඉතිරි 50% ක මුදල වසර 4 ක කාලයක් ඇතුළත ගෙවීමට හැකි බව සඳහන්.

මෙම වැඩසටහන සඳහා හිමිකම් කියනුයේ ඩොලර් මිලියන 3 කට වඩා වටිනාකමින් අඩු නිවෙස් වන අතර නිවෙස් හිමියාම එහි පදිංචිව සිටිය යුතුවේ.

එමෙන්ම නිවැසියන්ගේ සම්පූර්ණ වාර්ෂික ආදායම් එකතුව ඩොලර් 180,000 ට වඩා අඩුවීමද තවත් එක් ප්‍රධාන සුදුසුකමකි.

Victorians to get half-price solar panels under State Government scheme
Source: AAP

නව සූර්ය පැනල වැඩසටහන

මෙම නව සූර්ය පැනල වැඩසටහන යටතේ වසර 10 ක කාලයක් තුළ නිවාස 650,000 කට සූර්ය පැනල සවි කිරීම සිදු කෙරේ.

මේ මගින් වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් දහස් ගණනකට වසරකට තම විදුලිය බිලෙන් ඩොලර් 890 ක් පමණ ඉතිරි කරගත හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

එමෙන්ම මෙම වැඩසටහන යටතේ 4kW සූර්ය පැනල පද්ධතියක් සවිකිරීමේදී වික්ටෝරියානු නිවැසියෙකුට ඩොලර් 2,225 ක් දක්වා ඉතිරියක් හිමිකරදෙන බවද ප්‍රාන්ත රජය පවසයි.

මේ අතර ප්‍රාන්ත රජයේ මෙම යෝජනාවට Environment Victoria ආයතනය තම ප්‍රසාදය පළ කර සිටින බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

සූර්ය පැනල අවශ්‍ය සෑම වික්ටෝරියානු නිවැසියෙකුටම දැන් ඒ සඳහා දැරිය හැකි මට්ටමේ අවස්ථාවක් හිමිව ඇති බවත් තමන්ගේ විදුලිය බිල පාලනය කරගැනීමට මේ නිසා ඔවුන්ට අවස්ථාව හිමිවෙන බවත්  Environment Victoria හි ප්‍රධාන විධායක Mark Wakeham පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now