උසස් සුදුසුකම්, නිපුණතා සහ අත්දැකීම් වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර අධ්‍යාපන වෙළෙඳ පොළත් සමග ඒවා හුවමාරු කරගැනීමේ අරමුණින් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජය අතිරේක උපාධිධාරී නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවක් (Graduate Skilled Migration List) හඳුන්වා දීමට යයි.
බටහිර ඔස්ට්‍රේලියාවේ පමණක් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා ලොව හොඳම බුද්ධිමතුන් සහ සේවා සපයන්නන් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට කැඳවීම ප්‍රධාන අරමුණ බව ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.

නවතම උපාධිධාරී නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය හඳුන්වා දීමට යන මෙම නවතම උපාධිධාරී නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව සඳහා පශ්චාත් උපාධිධාරීන්, ශාස්ත්‍රීය උපාධිධාරීන්, ගෞරව උපාධිධාරීන් සහ අනෙකුත් උසස් උපාධිධාරීන් හට අයදුම් කිරීමට හැකි බව වාර්තා වේ.
එමගින් ඔවුන්ට නිපුණතා සංක්‍රමණිකයින් (skilled migration) ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිවේ.
මේ හරහා උසස් තත්ත්වයෙන් සහ බුද්ධි මට්ටමින් යුත් අන්තර්ජාතික සිසුන් විශාල සංඛ්‍යාවක් බටහිර ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කරගැනීමද ප්‍රාන්ත රජයේ තවත් එක් අපේක්ෂාවකි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පවතින නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවට මෙය කෙසේ බලපායිද?
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට පවතින නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවට මෙම හඳුන්වා දීමට සැරසෙන නවතම උපාධිධාරී නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවෙන් කිසිදු බලපෑමක් සිදු නොවෙන බව ප්‍රාන්ත රජය අවධාරණය කරයි.
එමෙන්ම නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සහ අදාළ රැකියා වීසා ලබා දීමේදී බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබූ හොඳම සහ දීප්තිමත්ම සිසුන් හට ප්‍රමුඛත්වය ලබා දෙන බවද පැවසේ.
අනාගත රැකියා වෙළෙඳ පොළ පිළිබඳ මනා අවබෝධයකින් නවීන විද්‍යාව හා තාක්ෂණය සමග ඉදිරියට යන උපාධිධාරීන් සහ බුද්ධිමතුන් ප්‍රාන්තය තුළ බිහි කිරීම සහ ප්‍රාන්තයට ආරාධනා කිරීම මේ සියලු වැඩසටහන් වල මූලික අභිමතාර්ථය වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුව

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

