SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල මෙල්බර්න් වලට. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ගෝල්ඩ් කෝස්ට් හි පිහිටි මීටර් 322.5 ක් උසැති Q1 ගොඩනැගිල්ලට වඩා මෙය උසින් වැඩිය.

Australia's tallest building
Source: Flickr

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට මේ වන විට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

The guardian පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මේ වන විට ඔස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ගෝල්ඩ් කෝස්ට් හි පිහිටි මීටර් 322.5 ක් උසැති Q1 ගොඩනැගිල්ලට වඩා මෙය උසින් වැඩිය.

එනම් ඉදිකිරීමට යන මෙම නව ගොඩනැගිල්ලේ උස මීටර් 356.2 කි.

Green Spine residential tower නමින් හඳුන්වන මෙය ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නොකඩවා 7 වරක් කිරුළු පැළඳි මෙල්බර්න් නුවර ඉදි කිරීමට අදහස් කර තිබේ.

Australia's tallest building
Q1 Building, Gold Coast Source: Flickr

Green Spine residential tower

මෙල්බන් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයට (CBD) දකුණින් සහ Yarra ගංගාවට ආසන්නව ඉදිකිරීමට නියමිත මෙම Green Spine residential tower ගොඩනැගිල්ල, කුළුණු (towers) දෙකකින් යුක්ත වේ.

ඉන් එක් කුළුණක් මීටර් 356.2 ක් වන අතර අනෙක මීටර් 252 කි.

මෙම කුළුණු ද්විතවයම ඇඹරුණු වීදුරු මුහුණත් වලින් සමන්විත වන අතරම මුදුන් වල මහජනතාවට පවා යාමට හැකි  උද්භිද උද්‍යාන නිර්මාණය කිරීමට අදහස් කර ඇත.

Image

නිර්මාණ සැලසුම් 6 ක්.

Green Spine residential tower සඳහා නිර්මාණ සැලසුම් 6 ක් පසුගිය මාසයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas විසින් එළිදක්වන ලදී.

ඒ අනුව මෙම සැලසුම් 6 න්, Green Spine residential tower සඳහා උචිත සැලසුම තෝරාගැනීමට මාස 6 ක කාලයක් ලබා දෙන බව පසුගිය බදාදා නිවේදනය කළේය.

මෙම තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයද ඔස්ට්‍රේලියාවේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ප්‍රජාවද එක්වන බව සඳහන්.

නමුත් මෙම තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මැදිහත්වීම තේරුම්ගත නොහැකි බව මෙල්බන් නගර සභාවේ ග්‍රීන්ස් පක්ෂයේ සභික Rohan Leppert,  Guardian Australia වෙත පැවසීය.

Australia's tallest building
Melbourne Source: Wikipedia

මෙල්බර්න් වල උසම ගොඩනැගිලි.

මෙල්බර්න් හි මේ වන විට උසම ගොඩනැගිල්ල ලෙස පවතින්නේ Eureka Tower වන අතර එහි උස මීටර් 297.3 කි.

මේ අතර එම ලයිස්තුවේ දෙවනි තැන හිමිව ඇත්තේ 120 Collins Street ගොඩනැගිල්ලට වන අතර එහි උස මීටර් 264.9 කි.

පසුගිය මැයි මාසයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ රාජකීය සංගමය විසින් මෙල්බර්න් CBD හි මීටර් 300 ක උසකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකරන බවට නිවේදනය කළේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now