ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අයදුම් කිරීම අන් කෙදිනකටත් වඩා වර්තමානයේ ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කළ 189,000 ක පමණ පිරිසක් තම අයදුම්පත සලකා බැලෙන තෙක් බලා සිටින බව නවතම දත්ත පෙන්වා දෙයි.

ඉතිහාසයේ වාර්තාගත අගයක්.
2015 වසරේදී ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කළ පුද්ගලයින් ප්‍රමාණය 23,000 ක් පමණ වූ අතර 2018 වන විට එම ප්‍රමාණය 8 ගුණයක් වී ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට 2016-17 වසරේදී 137,750 පිරිසකට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිරිනමා ඇති අතර ඔවුන් රටවල් 120 කට අධික පරාසයක ජාතීන් බවද සඳහන්.
ඉන්දියාව එම වසරෙහි පෙරමුණ ගත් අතර එක්සත් රාජධානිය දෙවැනි තැනත් පිලිපීනය තුන්වන තැනත් ලබා ගෙනේ තිබුණි.
ශ්‍රී ලාංකිකයින් 4,487 ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා එම ලයිස්තුවේ 6 වන ස්ථානය හිමි කරගන්නට සමත් විය.

පුරවැසිභාවය පිරිනැමීම අසාමාන්‍ය ලෙස ප්‍රමාද වෙයි.
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා යොමු කෙරෙන අයදුම්පත් ප්‍රමාණය ක්‍රමිකව ඉහළ යත්ම අයදුම්පත් සලකා බැලීමට ගතවන කාලය වැඩිවී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් අයදුම්කරුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුගේම අයදුම්පත් සලකා බැලීමට ගතවන සාමන්‍ය කාලය වසර එකහමාරක් පමණ වන බව සඳහන්.
මෙම දීර්ග බල සිටීමේ කාලය බරපතල තත්ත්වයක් බව ලියාපදිංචි සංක්‍රමණික ඒජන්ත්වරියක් වන Julie Williams, SBS පුවත් වෙත පැවසුවාය.
රජයේ රැකියා වලට අයදුම් කිරීම, සහන සහිත අධ්‍යාපනය ලබා ගැනීම වැනි දේවල් මේ හේතුවෙන් අදාළ අයදුම්කරුවන්ට ප්‍රමාද වන බව ඇය පෙන්වා දෙයි.

ප්‍රමාද වීමට හේතු
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා යොමු කෙරුණු අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වීමට හේතු කිහිපයක් බලපාන බව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පවසයි.
මෑතක සිට ත්‍රස්ත තර්ජන හමුවේ ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වීම මත එක් එක් අයදුම්පත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බැවින් ඒ සඳහා අමතර කාලයක් වැයවන බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම කම්කරු පක්ෂ රජය සමයේ නීති විරෝධීව යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට පැමිණි 50,000 ක ගේ පමණ අයදුම්පත් සලකා බැලීමට සිදුවීම පිළිබඳවද ඔහු චෝදනා කරයි.
ඔවුන් protection visa වල සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කර ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව සහතික කරගැනීමට අදාළ සාක්ෂි සහ ලිපි ලේඛන සොයා ගැනීමේ අර්බුදයකට රජයට මුහුණ දීමට සිදුව ඇති හෙයින් අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිව ඇති බව අමාත්‍යවරයා පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

