ගුවන් තොටුපොළක නිදා ගැනීම තහනම්ද? (SBS සිංහල/වාර්තා)

ලොව අධික ලෙස Transit සහිත විශාල ගුවන් තොටුපොළ වල, මෙලෙස නිදා ගැනීම් බහුලව දක්නට ලැබේ.

Sleeping in airports

Source: Flickr

ඔබ විදෙස් සංචාරයක යෙදෙන විට ගුවන් තොටුපොළක නිදාගෙන තිබෙනවාද? යම් හෙයකින් ඔබ ගුවන් තොටුපොළ වෙත පැය කිහිපයකට පෙරාතුව පැමිණි විට හෝ ඔබේ ගුවන් යානය ප්‍රමාද වන බව නිවේදනය කළ විට හෝ ඇතැම් පුද්ගලයින් ගුවන් තොටුපොළ වල කෙටි නින්දකට හෝ දිගු නින්දකට මුල පුරයි.

ඇත්තෙන්ම ගුවන් තොටුපොළක නිදා ගැනීමට අවසර තිබේද? නැතිනම් එය තහනම්ද?

මේ පිළිබඳ ලෝක ප්‍රකට Traveller වෙබ් අඩවිය ගවේෂණාත්මක තොරතුරු ඇතුළත් ලිපියක් ප්‍රකාශයට පත් කර තිබුණි.

Sleeping in airports
Sleeping in airports Source: Flickr

ගුවන් මගීන් ගුවන් තොටුපොළ වල නිදාගන්නේ ඇයි?

Traveller වෙබ් අඩවිය සිදු කළ සොයා බැලීම් වලට අනුව ගුවන් යානා වල සිදුවන ප්‍රමාද වීම් මීට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබේ.

සැලකිය යුතු පැය ගණනක් ප්‍රමාද වීම් නිසා ගුවන් මගීන් හට ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට හැකියාවක් නොලැබෙන බැවින් ගුවන් තොටුපොළ වල මෙලෙස නිදා ගැනීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇත.

එමෙන්ම, අතරමග නැවතුමක් සහිත (Transit එකක් සහිත) ගුවන් ගමනකදී අදාළ Transit එක දිගු වේලාවක් හෝ එය සැලකිය යුතු ලෙස තවත් ප්‍රමාද වනවා නම් අදාළ ගුවන් මගීන් ගුවන් තොටුපොළ වල නිදා ගැනීමේ සම්භාවිතාව ඉහළ වේ.

නමුත් ඉහත පාර්ශව දෙකටම අයත් නොවන තවත් ගුවන් මගී ඛාණ්ඩයක් පිළිබඳ Traveller වෙබ් අඩවියට තොරතුරු හමුවී තිබේ.

එනම් තම ගුවන් ගමනට නියමිත වේලාවට පෙර ඉතාමත් වේලාසනින් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ද මෙලෙස මේ ක්‍රියාකාරකම සිදු කරන බව හෙළිවී ඇත.

ලොව අධික ලෙස Transit සහිත විශාල ගුවන් තොටුපොළ වල, මෙලෙස නිදා ගැනීම් බහුලව දක්නට ලැබේ.

Sleeping in airports
Source: Flickr

ලොව ප්‍රසිද්ධ ගුවන් තොටුපොළ වල ප්‍රතිචාර

තම ගුවන් යානය පැමිණෙන තෙක් නිදා ගැනීමට හැකි ගුවන් තොටුපොළ පිළිබඳ Sleeping in Airports වෙබ් අඩවිය නිරතුරුවම තොරතුරු සපයයි.

උදාහරණ ලෙස ලන්ඩන් ගුවන් තොටුපොළේ බොහෝ අවස්ථා වලදී ගුවන් මගීන්ට දීර්ග ලෙස නිදා ගැනීමට ඉඩ නොදෙන බවත් ආරක්ෂක අංශ විසින් ඒ පිළිබඳ සොයා බලන බවත් එම වෙබ් අඩවිය පවසයි.

එමෙන්ම ඇතැම් ගුවන් ගමන් පර්යන්ත වල කිසිසේත්ම නිදා ගැනීමට ඉඩ නොදෙන බවද දැනුම් දී තිබේ.

මේ අතර සිඩ්නි ගුවන් තොටුපොළේ දේශීය ගුවන් ගමන් පර්යන්තය රාත්‍රී කාලයේදී වසා දමන බවද ඔවුන් පවසයි.

එමෙන්ම ගුවන් තොටුපොළේ නිදා ගන්නන් හට සිඩ්නි ගුවන් තොටුපොළ බලධාරීන් අනතුරු ඇඟවීම් සිදු කරන බවද Sleeping in Airports වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම සිඩ්නි ගුවන් තොටුපොළේ බහුතරයක් බංකු අත් ඇඳි (armrests) සහිතව නිමවා ඇති බවත් මාර්බල් පොළොව නිදා ගනීමට ඉතා සීතල බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙල්බන් ගුවන් තොටුපොළේද තත්ත්වය ඊට සමාන බව Sleeping in Airports වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙල්බන් ගුවන් තොටුපොළේ T4 පර්යන්තය ද රාත්‍රී කාලයේදී වසා දමන බව පැවසේ.

ඩුබායි ගුවන් තොටුපොළ කෙටි නින්දක් සඳහා මගීන්ට අවස්ථාව උදාකර දී ඇති බවද ඔවුන් වාර්තා කරයි.

කෙසේවෙතත්, සෑම ගුවන් තොටුපොළකම සිටින බලධාරීන් මේ සඳහා අවසර නොදෙන නමුත් ඔබ සාධාරණ හේතු කාරුණිකව ඉදරිපත් කරන්නේ නම් ඔවුන් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන බවද Sleeping in Airports වෙබ් අඩවිය වාර්තා කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now