ඔස්ට්‍රේලියාව තුළ තවමත් ගෙවී යන්නේ ශීත සෘතුවය.
ජුනි මාසයෙන් ආරම්භ වන ශීත සෘතුව දින දර්ශනයට අනුව නම් ගෙවී යන අගෝස්තු මාසයෙන් අවසන් වේ.
නමුත් තවමත් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලින් ශීතල කාලගුණයක් වාර්තා වන අතර බොහෝ විට රාත්‍රී කාලයේදී ඉතා අඩු උෂ්ණත්වයක් පවා වාර්තා වේ.
ශීත කාලයේදී සුවපහසු සහ උණුසුම් නින්දක් උදෙසා බොහෝ දෙනා Electric blankets හෙවත් විදුලි පොරවනයන් භාවිතා කරයි.
නමුත් ඔබ භාවිතා කරන විදුලි පොරවනය කෙතරම් ආරක්ෂා සහිතද යන්න සොයා ගැනීමට ඔබ දන්නවාද?
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
නිවාස හා ගෙවතු පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු ගෙනෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන www.domain.com.au වෙබ් අඩවිය ඔබේ විදුලි පොරවනය කෙතරම් ආරක්ෂා සහිතද යන්න සොයා බැලීමට සරල උපදෙස් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඔබේ විදුලි පොරවනය පළුදු වී ඇත්දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?
විදුලි පොරවනය ඔබේ ඇඳ මත එලීමට පෙර එහි වයරය (විදුලි රැහැන), පාලන ස්විචය සහ පේනුව (plug එක) පරීක්ෂා කර බලන්න.
වයරයේ යම් ස්ථානයක් ඉලිප්පීමක් හෝ පළුදු වීමක් ඇත්නම් හෝ කැඩී යාමක් හෝ යම් සීරීම් ලකුණු හෝ ඇත්නම් ඒ පිළිබඳ සැළකිලිමත් විය යුතුය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
එවැනි මතුපිටින් පෙනෙන කිසිදු පලුද්දක් නොමැතිනම් ඔබේ විදුලි පොරවනයේ ස්විචය පන ගන්වා එහි ඉහළම උෂ්ණත්ව අගයට කරකවන ලෙස domain වෙබ් අඩවිය පවසයි.
ඉන් අනතුරුව මිනිත්තු 15 ක් පුරාවට එය ඒ පරිද්දෙන්ම රත්වන්නට තබා ඒ දෙස බලා සිටින ලෙස ඔවුන් පවසයි.
මිනිත්තු 15 කට පසු ස්විචය ක්‍රියා විරහිත කර විදුලි පොරවනයේ මතුපිට පුරාවට ඔබේ අතගෙන ගොස් අසාමාන්‍ය ලෙස උණුසුම් වූ ස්ථාන ඇත්දැයි පරීක්ෂා කරන්න.
එලෙස අසාමාන්‍ය ලෙස උණුසුම් වූ ස්ථාන ඇතිවන්නේ පොරවනය තුළ ඇති උණුසුම් කිරීමේ දඟරය පළුදු වී ඇතිනම් බව domain වෙබ් අඩවිය පවසයි.
කෙසේනමුත් ඔබේ විදුලි පොරවනය කෙතරම් හොඳ තත්ත්වයක පැවතියත් එය සෑම වසර 5 කට වරක්ම මාරු කිරීමට වග බලාගත යුතු බවත් ඔවුන් පවසයි.

ඔබේ විදුලි පොරවනය ආරක්ෂාකාරීව භාවිත කිරීමට සරල පියවර කිහිපයක්.
- විදුලි පොරවනයේ වයරය සහ ස්විචය ඔබේ ඇඳෙන් සහ ඇඳ ඇතිරිල්ලෙන් වෙන්ව සිටින සේ තබා ගන්න.
- විදුලි පොරවනය ක්‍රියාත්මක කර දිගු වෙලාවක් කිසි කෙනෙකු හෝ නොමැතිව තබා නොයන්න.
- විදුලි පොරවනය ක්‍රියාත්මක කර ඒ මත බර සහිත ද්‍රව්‍ය නොතබන්න.
- ඔබේ විදුලි පොරවනය ක්‍රියාත්මක කර තබා කිසි විටෙක නින්දට නොයන්න. සැමවිටම නින්දට පෙර එය ක්‍රියාත්මක කර නිදා ගැනීමට යාමේදී එය ක්‍රියා විරහිත කරන්න.
- ඔබේ විදුලි පොරවනය භාවිතා නොකර එය අල්මාරියේ හෝ වෙනත් ස්ථානයක තැන්පත් කිරීමේදී කිසි දිනෙක එය නොනැමිය යුතුය, සැමවිටම එය රෝල් කර තබන්න.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

