ශීත කාලයේදී ප්‍රකාශිත උෂ්ණත්වයට වඩා ඇඟට දැනෙන උෂ්ණත්වය පහළ අගයක් ගන්නේ ඇයි? (SBS සිංහල/වාර්තා)

ඔබේ ජංගම දුරකතනයේ හෝ වෙනයම් කාලගුණ දත්ත සපයන මාධ්‍යයක උෂ්ණත්වය සෙල්සියස් 13 ක් ලෙස සටහන්ව තිබුණත් ඔබට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් 6 ක් විය හැකිය. මෙම අත්දැකීම ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ දෙනෙකුට ශීත කාලයේදී අත්දකින්නට ලැබෙන සුලබ අත්දැකීමකි.

Why 'feels like' temperature is lower than standard temperature in winter?

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ තවමත් ගෙවී යන්නේ ශීත කාලය වේ.

ශීත කාලයේදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන සෑම දෙනෙකුම පාහේ නිරන්තරයෙන්ම පාහේ උෂ්ණත්වය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වයි.

ඔබේ ජංගම දුරකතනයේ හෝ වෙනයම් කාලගුණ දත්ත සපයන මාධ්‍යයක උෂ්ණත්වය සෙල්සියස් 13 ක් ලෙස සටහන්ව තිබුණත් ඔබට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් 6 ක් විය හැකිය.

මෙම අත්දැකීම ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ දෙනෙකුට ශීත කාලයේදී අත්දකින්නට ලැබෙන සුලබ අත්දැකීමකි.

ඇත්තෙන්ම, මෙලෙස වන්නේ ඇයිදැයි ABC පුවත් වෙබ් අඩවිය ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයෙන් විමසීමක් කර තිබුණි.
Winter
Source: Flickr

ප්‍රායෝගික හේතුව

සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් "feels like" temperature හෝ apparent temperature (AT) යනු ශීත දේශගුණයට සුදුසු පරිදි ඇඳුම් ඇඳගෙන සිටින සාමන්‍ය පුද්ගලයෙකු එළිමහනේ හෙවනක් යට සිටින විට දැනෙන උෂ්ණත්වය බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ කාලගුණ විද්‍යාඥ Matthew Marshall පැවසීය.

මේ තත්ත්වයට ආර්ද්‍රතාව සහ සුළං තත්ත්වයද බලපාන බව ඔහු පැවසීය.
Melbourne CBD
Source: AAP

ආර්ද්‍රතාවයේ සහ සුළඟේ බලපෑම

සීතල සුළං රැළි සහ ආර්ද්‍රතාව පවතින උෂ්ණත්වයට වඩා ඔබට උණුසුම හෝ සිසිලස දනවන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පෙන්වා දෙයි.

ශීත කාලයේදී පාරිසරික උෂ්ණත්වයට වඩා සුළං වල සීතල බවක් ඇති බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ  Jenny Sturrock පැහැදිලි කළාය.

එමෙන්ම ඉහළ ආර්ද්‍රතාව හේතුවෙන් ග්‍රීෂ්ම කාලයේදී පවතින පාරිසරික උෂ්ණත්වයට වඩා රස්නයක් ඔබේ සිරුරට දැනෙන බවද ඇය පැහැදිලි කළාය.

මෙය එකසේ ශීත කාලයටද බලපාන බව ඇය පැවසුවාය.
Winter
Source: www.bom.gov.au

මේ සතියේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව වාර්තා වන උෂ්ණත්වය අඩුම දින

සිඩ්නි

අගෝස්තු 21 - අඟහරුවාදා

උපරිම උෂ්ණත්වය - 19 C

අවම උෂ්ණත්වය - 7 C

මෙල්බර්න්

අගෝස්තු 23,24 සහ 25 - බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා

උපරිම උෂ්ණත්වය - 18 C

අවම උෂ්ණත්වය - 5 C

බ්‍රිස්බන්

අගෝස්තු 21 - අඟහරුවාදා

උපරිම උෂ්ණත්වය - 24 C

අවම උෂ්ණත්වය - 6 C

පර්ත්

අගෝස්තු 23 - බ්‍රහස්පතින්දා

උපරිම උෂ්ණත්වය - 18 C

අවම උෂ්ණත්වය - 6 C

ඇඩිලේඩ්

අගෝස්තු 21 - අඟහරුවාදා

උපරිම උෂ්ණත්වය - 15 C

අවම උෂ්ණත්වය - 7 C

හෝබාට්

අගෝස්තු 22 - බදාදා

උපරිම උෂ්ණත්වය - 15 C

අවම උෂ්ණත්වය - 3 C

කැන්බරා

අගෝස්තු 24 - සිකුරාදා

උපරිම උෂ්ණත්වය - 15 C

අවම උෂ්ණත්වය - (-1) C

ඩාවින්

අගෝස්තු 21 - අඟහරුවාදා

උපරිම උෂ්ණත්වය - 32 C

අවම උෂ්ණත්වය - 18 C

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ශීත කාලයේදී ප්‍රකාශිත උෂ්ණත්වයට වඩා ඇඟට දැනෙන උෂ්ණත්වය පහළ අගයක් ගන්නේ ඇයි? (SBS සිංහල/වාර්තා) | SBS Sinhala