ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකයට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල වාර්ෂිකව ඩොලර් බිලියන 66 කට අධික දායකත්වයක් සපයන බව නවතම අධ්‍යනයක් පෙන්වා දෙයි.
London Economics විසින් නිකුත් කරන වාර්තාවක් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

අධ්‍යන වාර්තාව
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 8 (Go8 universities) පිළිබඳ අවධානය යොමු කරමින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර එහිදී අදාළ විශ්ව විද්‍යාල වල පර්යේෂණ, උපාධිධාරීන්, අන්තර්ජාතික සිසුන් සහ සේවා යෝජකත්වය ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන්න විමසා බැලිණි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
"විශ්ව විද්‍යාල කියන්නේ ආර්ථික බලකොටු, ඒවා බදු ගෙවන්නන්ට පවා වටිනා ආයෝජන. මේක ඇත්ත වුණත් මෙතෙක් කලක් හැංගිච්ච කරුණක් වී තිබුණා. අපිට ප්‍රථම වතාවට මේ ඇත්ත එළියට ගන්නට හැකි වුණා." යනුවෙන් Go8 හි ප්‍රධාන විධායක Vicki Thomson පැවසුවාය.
මෙම වාර්තාවට අනුව Go8 සඳහා අයත් වන සෑම විශ්ව විද්යාලයකම සේවය කරන එක් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු සමාජයට රැකියා 2.4 ක් නිර්මාණය කරයි.
එමෙන්ම, අදාළ විශ්ව විද්‍යාල සමූහය වසරකට අන්තර්ජාතික සිසුන් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් ලියා පදිංචි කරගන්නා අතර සෑම අන්තර්ජාතික සිසුන් තිදෙනෙකුම පාහේ මෙරට ආර්ථිකයට ඩොලර් මිලියනයක පමණ ප්‍රතිපාදන සපයන බව මෙම අධ්‍යන වාර්තාව අනාවරණය කරයි.

පර්යේෂණ වල වැදගත්කම
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල මගින් පවත්වනු ලබන පර්යේෂණ ද රටේ ආර්ථිකයට ඉමහත් ශක්තියක් සපයන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
"අපි හැම වෙලේම දැනගෙන හිටියා අපේ විශ්ව විද්‍යාල වලින් කරන පර්යේෂණ ආදායම ඔස්ට්‍රේලියාවට ධනාත්මක ප්‍රතිඵල අත්කරදෙන බව. හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ ඒවායේ ඇත්ත වටිනාකම. නමුත් මෙම අධ්‍යන වාර්තාව එය පෙන්නලා දුන්නා. වියදම් කරන සෑම ඩොලරයකටම ඩොලර් 10 ක ප්‍රතිලාභයක් සෑම වසරකම ලැබෙන බව එමගින් අනාවරණය කෙරුණා." Go8 හි ප්‍රධාන විධායක Vicki Thomson වැඩි දුරටත් පැවසුවාය.

මොනවද මේ Go8 විශ්ව විද්‍යාල ?
- ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය - කැන්බරා
- මොනෑෂ් විශ්ව විද්‍යාලය - මෙල්බර්න්
- ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය - ඇඩිලේඩ්
- මෙල්බර්න් විශ්ව විද්‍යාලය - මෙල්බර්න්
- නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය - සිඩ්නි
- ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය - බ්‍රිස්බන්
- සිඩ්නි විශ්ව විද්‍යාලය - සිඩ්නි
- බටහිර ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය - පර්ත්
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

