ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර පෙට්‍රල් මිල පසුගිය සිව් වසර තුළ ඉහළම අගය වෙත ලඟා වී ඇතැයි Australian Competition and Consumer Commission (ACCC) හෙවත් ඔස්ට්‍රේලියානු තරගකාරී හා පාරිභෝගික කොමිසම පවසයි.
ඒ අනුව සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 1.45 ක් බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වැඩිවූ අයුරු
පසුගිය මාස තුන ඇතුළත ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල පෙට්‍රල් මිල 7% කින් වැඩිවී ඇති අතර පසුගිය මුදල් වර්ෂය තුළදී එම වැඩිවීම 10% ක් බව ඔස්ට්‍රේලියානු තරගකාරී හා පාරිභෝගික කොමිසම වාර්තා කරයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියානු පෙට්‍රෝලියම් වෙළෙඳ පොළ පිළිබඳ ඔස්ට්‍රේලියානු තරගකාරී හා පාරිභෝගික කොමිසමේ නවතම වාර්තාවට අනුව මේ බව අනාවරණය කර ඇතැයි ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

ප්‍රධාන නගර වලට අනුව ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වැඩිවූ අයුරු
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙස බැලූ කල පසුගිය මාස 24 න් 18 කදීම ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල් සඳහා වැඩිම මිලක් ගෙවා ඇත්තේ බ්‍රිස්බන් රියදුරන් බව එම වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම 2017 - 18 මුදල් වර්ෂය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල රියදුරන් පෙට්‍රල් ලීටරයකට 4.4% ක් වැඩිපුර ගෙවා ඇති බවද සඳහන්.

පෙට්‍රල් මිල ඉහළ යාමට හේතු
පෙට්‍රල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස අන්තර්ජාතික වෙළෙඳ පොළේ බොර තෙල් මිල සහ පිරිපහදු කළ පෙට්‍රල් වල මිල ඉහළ යාම බවත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ මිල පහළ යාම බවත් ඔස්ට්‍රේලියානු තරගකාරී හා පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims, ABC පුවත් වෙබ් අඩවියට පැවසීය.
2016 අග භාගයේදී සෞදි අරාබිය, ඉරානය හා ඉරාකය ඇතුළු OPEC සංවිධානය මෙන්ම රුසියාවද තෙල් නිෂ්පාදනය 2% කින් කපා දැමීමට තීරණය කළ බව ඔහු පෙන්වා දෙයි.
එය දිනකට බැරල් මිලියන 1.2 ක අඩුවීමකි.
මේ හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යාමට පීඩනයක් එල්ල වන්නට විය.
එමෙන්ම පසුගිය ජනවාරි 26 වන දිනට ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ මිල ශත 81.1 ක් වූ අතර එය මේ 3වන විට ශත 73 දක්වා පහත බැස තිබේ.

රියදුරන්ට comparison apps භාවිතා කළ හැකියි.
තම මෝටර් රථ සඳහා පෙට්‍රල් ලබා ගැනීමේදී MotorMouth, GasBuddy සහ Fuel Check වැනි පෙට්‍රල් මිල සංසන්දනය කරන නොමිලයේ බාගත කළ හැකි apps භාවිතා කරන ලෙස ඔස්ට්‍රේලියානු තරගකාරී හා පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims, ඔස්ට්‍රේලියාවේ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව පෙට්‍රල් මිල පහත හෙලීමට පාරිභෝගිකයින්ගේ පාර්ශවයෙන් පීඩනයක් එල්ල කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

