ඔස්ට්‍රේලියාව යනු සංක්‍රමණිකයින් මත වර්ධනය වූ රටක් බවත් ලොව පවතින බහු සංස්කෘතික රටවල් අතරින් ප්‍රමුඛතම රට ඔස්ට්‍රේලියාව බවත් නොරහසකි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් වැඩි පිරිසක් සංක්‍රමණිකයින් වන අතර මෙරට රැකියා උත්පාදනයට ප්‍රබලම සාධකය වන්නේ ද ආගමන කටයුතු බව පැවසේ.
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයෙන් 50% කට අධික ප්‍රමාණයක් සිදුවන්නේද සංක්‍රමණය හේතුවෙන් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo පැවසීය.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ පසුගිය වසර තෙක් ඇති දත්ත විශ්ලේෂණය කිරීමක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත.
එහිදී ලැබුණු ප්‍රතිඵල ඔවුන් වාර්තා කළ අයුරු ABC පුවත් වෙබ් අඩවිය සාරාංශගතව වාර්තා කර තිබුණි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් බහුතරයක් පැමිණෙන්නේ කොහි සිටද?
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව permanent migrants හෙවත් ස්ථිර සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට වැඩි වශයෙන් පැමිණෙන්නේ ආසියානු කලාපයෙනි.
2016-17 මුදල් වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාවෙන් 56% කට හිමිකම් කියනු ලැබුවේ ආසියානුවන්ය.
කලකට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි ස්ථිර සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් අයත්වුයේ එක්සත් රාජධානිය, කැනඩාව සහ ඇමෙරිකාව වැනි රටවලටය.
නමුත් මේ වන විට නිපුණතා සංක්‍රමණික වැඩසටහන් හරහා චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු රටවලින් වැඩි සංක්‍රමණිකයින් පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් තිබෙන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජනවිකාස විද්‍යාඥ Liz Allen, ABC පුවත් වෙබ් අඩවියට පැවසුවාය.

ඔස්ට්‍රේලියාවට පැමිණි ස්ථිර සංක්‍රමණිකයින් මහද්වීප කලාප අනුව (2016-17)

ඔස්ට්‍රේලියාවට පැමිණි ස්ථිර සංක්‍රමණිකයින් උපන් රට අනුව (2016-17)
2016 -17 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි ස්ථිර සංක්‍රමණිකයින් උපන් රට අනුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වෙන් කොට තිබේ.
එහිදී ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී ඇති අතර 2016 -17 කාලය තුළ ඉන්දීය ජාතිකයින් 38,264 ක් ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වී තිබේ.
චීනය එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ 29,604 ක් ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමෙනි.
එක්සත් රාජධානිය තුන්වන තැන ලබා ඇත්තේ 16,982 ක් ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමෙනි.
පිලිපීනය (12,180) සිව්වන ස්ථානයටද ඉරාකය (9,771) පස්වන ස්ථානයටද පත්ව තිබේ.
ශ්‍රී ලංකාව මෙම ලයිස්තුවේ 16 වන ස්ථානයට පත්ව ඇත්තේ 3,153 ක පිරිසක් ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමෙනි.

2017 - 18 සංක්‍රමණික කෝටාව
සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 කි.
එම කෝටාවෙන් 2017 - 18 මුදල් වර්ෂය සඳහා ස්ථිර පදිංචිය ලබා දුන් සංක්‍රමණික සංඛ්‍යාව 138,086 කි.
ඒ අතරින් නිපුණතා සංක්‍රමණිකයින් 91,302 ක්ද family වීසා හරහා පැමිණි 44,193 ක්ද දරුවන් 2,591 ක්ද සිටින බව වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

