ඔස්ට්‍රේලියාවේ නිවාස ණය, නිවාස කුලිය සහ ගෘහස්ත ආදායම පිළිබඳ මූලිකවම අවධානය යොමු කෙරෙන The Affordable Housing Income Gap වාර්තාව පසුගිය සතියේදී එළි දැක්විණි.
එම වාර්තාවට අනුව මෙල්බර්න් නුවර ඇතුළු නගරයක පිහිටි කාමර 3 ක නිවසක් කුලියට ගෙන ජීවත් වන පවුලකට නිවාස සම්බන්ධ ආර්ථික පීඩනයක් නොමැතිව ජීවත්වීමට නම් වසරකට ඩොලර් 130,000 ක ආදායමක් ලැබිය යුතු බව පෙන්වා දෙයි.
සාමන්‍ය නිවැසියෙකු වසරකට ලබන ආදයාමට වඩා එම අගය ඩොලර් 50,000 කින් පමණ ඉහළ බවද එම වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම මෙල්බර්න් නුවර ඇතුළු නගරයක පිහිටි කාමර 3 ක නිවසක් කුලියට ගෙන ජීවත් වන පවුලකට නිවාස සම්බන්ධ ආර්ථික පීඩනයක් නොමැතිව ජීවත්වීමට නම් වසරකට ඩොලර් 93,600 ක ආදායමක් ලැබිය යුතු බවද The Affordable Housing Income Gap වාර්තාව අනාවරණය කරයි.

නිවාස සම්බන්ධ ආර්ථික පීඩනය මැනීම
The Affordable Housing Income Gap වාර්තාවට අනුව නිවැසියන් තම ආදායමෙන් 30% කට වඩා තම නිවාස ණය හෝ කුලිය ගෙවනු ලබනවා නම් ඔවුන් හට නිවාස සම්බන්ධ ආර්ථික පීඩනයක් පවතී.
මෙල්බර්න් නුවර අධික නිවාස කුලියෙන් මිදීමක් වශයෙන් මෙල්බර්න් නගරයේ සිට සැලකිය යුතු දුරකින් පිහිටි නගර වල කුලී නිවාස තෝරාගැනීම හෝ එක් කාමරයක් පමණක් සහිත apartment එකක් තෝරාගැනීම හෝ යෝග්‍ය බව Compass Housing හි Martin Kennedy, ABC පුවත් වෙබ් අඩවියට පැවසීය.
නමුත් බොහෝ පිරිස් මෙම නිවාස සම්බන්ධ ආර්ථික පීඩනය දරාගෙනම ජීවත්වන බව ඔහු පෙන්වා දෙයි.

මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටම අවම සීමාවක පවතින උප නගර
එම වාර්තාවට අනුව මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටම අවම සීමාවක පවතින උප නගර ලෙස පහත නගර දැක්වෙයි.
- Brighton (44%)
- Port Melbourne (38%)
- Mornington: (37%)
- Carlton North (37%)
- Hampton (36%)

මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටමේ පවතින උප නගර
එම වාර්තාවට අනුව මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටම උපරිම අගයක පවතින උප නගර ලෙස පහත නගර දැක්වෙයි.
- Melton: (21%)
- Dandenong: (22%)
- St Albans: (22%)
- Sunshine: (22%)
- Noble Park: (22%)
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

