ACT රැකියා ලැයිස්තුව වසා දැමුවාට එරෙහිව ජාත්‍යන්තර සිසුන් කැන්බරා නුවර විරෝධතාවකට සැරසෙයි. (SBS සිංහල/වාර්තා)

තමන් මුහුණ පා සිටින බරපතල තත්ත්වය Australian Capital Territory ප්‍රාන්ත රජයට දැන්වීමට සහ මේ තත්ත්වයට විරෝධය පෑමට අගෝස්තු 31 වන දින (31/08) පස්වරු 4 සිට 5.30 දක්වා කැන්බරා නුවර London Circuit හි Civic චතුරශ්‍රයේදී අන්තර්ජාතික සිසුන් විසින් සාමකාමී විරෝධතාවක් පවත්වන්නට සූදානම් වේ.

ACT Occupation List

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා හා පූර්ණ කාලීනව වසර 4 ක් සේවය කිරීමේ අවස්ථාව හිමිවන Skilled regional nominated migration - 489 වීසා වලට නිර්දේශිත ඇතැම් රැකියා වල සහ ඒවාට බලපාන නීති වල යම් වෙනසක් සිදු කර ඇති බව Australian Capital Territory හෙවත් ACT හා ටස්මේනියා ප්‍රාන්ත රජයන් හි ආගමන කටයුතු සම්බන්ධ වෙබ් පසුගිය ජුනි මස අගදී වාර්තා කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවල ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදීන් වැනි ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුව පසුගිය ජුනි 29 වන දින පස්වරු 4 සිට වසා දමා ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කළේය.

ඒ අනුව ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදීන් ඇතුළු ඉහළ ඉල්ලුමක් තිබෙන රැකියා වලට සම්බන්ධ පුද්ගලයින් හට Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා අයදුම් කිරීමට මේ වන විට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදය යන ක්ෂේත්‍ර හරහා  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම්කරන අතර මේ තත්ත්වය ඔවුන් වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවද වාර්තා වේ.

මේ අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අරමුණු කරගෙන Australian Capital Territory වෙත උසස් අධ්‍යාපනය ලැබීමට ගිය බොහෝ අන්තර්ජාතික සිසුන් උභතෝකෝටික ගැටලුවකට මුහුණ පා සිටියි.

ACT රැකියා ලැයිස්තුවේ වසා දැමුණු අදාළ රැකියා තවමත් විවෘත නොකිරීම ඊට හේතුව වේ.

ACT Occupation List
Source: www.canberrayourfuture.com.au

ජාත්‍යන්තර සිසුන්ගේ විරෝධතාවක්

තමන් මුහුණ පා සිටින බරපතල තත්ත්වය Australian Capital Territory ප්‍රාන්ත රජයට දැන්වීමට සහ මේ තත්ත්වයට විරෝධය පෑමට අගෝස්තු 31 වන දින (31/08) පස්වරු 4 සිට 5.30 දක්වා කැන්බරා නුවර London Circuit හි Civic චතුරශ්‍රයේදී අන්තර්ජාතික සිසුන් විසින් සාමකාමී විරෝධතාවක් පවත්වන බව VisAustralia ආයතනය දන්වා සිටියි.

කැන්බරා නුවර අධ්‍යාපනය ලබන සහ අධ්‍යාපනය නිමා කළ දහස් ගණනක ජාත්‍යන්තර සිසුන් මේ සඳහා සහභාගී වීමට නියමිත අතර අනෙකුත් ජාත්‍යන්තර සිසුන්ටද මේ සඳහා සහභාගී වන ලෙස ඔවුන් ආරාධනා කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

ACT ප්‍රාන්ත රජය ගෙන ඇති මේ තීරණය හිටිගමන් ක්‍රියාත්මක කළ එකක් බවටත් සැලකිය යුතු කාලයකට පෙර මේ බව දැනුවත් නොකළ බවටත් කැන්බරා නුවර ජාත්‍යන්තර සිසුන් චෝදනා කරයි.

එමෙන්ම ACT ප්‍රාන්ත රජය මේ තීරණය  ගැනීමට පෙර කිසිදු පාර්ශවයකින් උපදෙස් නොගත් බවද ඔවුන් පෙන්වා දෙයි.

2018 ජුනි 29 දිනට පෙර කැන්බරා නුවර උසස් අධ්‍යාපනය සඳහා ලියා පදිංචි වූ ජාත්‍යන්තර සිසුන් හට ACT රැකියා ලැයිස්තුව විවෘත කරදෙන ලෙසත් ACT ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට තවත් අමතර වීසා ස්ථාන 1500 ක් ලබා දෙන ලෙසත් ඔවුන් මෙම විරෝධතාවේදී ඉල්ලීමට සූදානමින් සිටියි.

ACT Occupation List
Source: SBS

කැන්බරා සහ ටස්මේනියා ප්‍රවණතාව

පසුගිය සමයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ක්‍රමිකව දැඩි කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන බොහෝ ජාත්‍යන්තර සිසුන් ඒ සඳහා ඇති පහසුම මාවත ලෙස Australian Capital Territory වෙත හෝ ටස්මේනියාව වෙත සංක්‍රමණය වීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබුණි.

නමුත් ACT හා ටස්මේනියා ප්‍රාන්ත වල ආගමන කටයුතු සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ වෙනස්වීම් මත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා එම ප්‍රාන්ත වලට ගොස් සිටින බොහෝ දෙනෙකු සංකීර්ණ තත්ත්වයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම ගණකාධිකාරී ක්ෂේත්‍රය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ප්‍රසාද ලකුණු 70 ක් පමණ අවශ්‍ය බැවින් ගණකාධිකාරය හැදෑරු බොහෝ සිසුන්  Australian Capital Territory හෝ වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය කර තමන්ගේ ලකුණු ප්‍රමාණය තවත් වැඩි කර ගැනීමට උත්සාහ දරයි.

ACT රැකියා ලැයිස්තුවේ වසා දැමුණු රැකියා සහ තවමත් විවෘත රැකියා ලැයිස්තුව මෙතනින් ලබා ගන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

4 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now