වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් වැනි ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල ජනගහනය ශීග්‍රයෙන් ඉහළ යන අතර Northern Territory, ටස්මේනියා, දකුණු ඔස්ට්‍රේලියාව වැනි ප්‍රාන්ත වල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.
මේ හේතුවෙන් එම ප්‍රාන්ත වල මිනිසුන් පදිංචි කරවීමට ඒ ඒ ප්‍රාන්ත රජයන් විවිධ උපක්‍රම යොදයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Northern Territory රජයද එවැනි උපක්‍රමයක් හඳුන්වා දී ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
Northern Territory හි ජනගහනය සහ ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණින් එහි පදිංචි වීමට පැමිණෙන පුද්ගලයින්ට හා පවුල් වලට මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් Northern Territory රජය ක්‍රියාත්මක කිරීමට යයි.

මුදල් තෑගී
Northern Territory රජයේ මෙම තීරණයට අනුව එක් පුද්ගලයෙකුට $3000 ක්ද යුවලකට $6000 ක්ද පවුලකට $7000 ක්ද ලබා දීමට නියමිතය.
එමෙන්ම Northern Territory රජය නම් කර ඇති "high priority jobs" හෙවත් ඉහළ ප්‍රමුඛතා රැකියා සඳහා පැමිණෙන පවුල් හට වසර 5 ක් පුරාවට $15,000 ක් පමණ ලබා දීමටද Northern Territory රජය අපේක්ෂා කරයි.
Northern Territory හි ප්‍රධාන අමාත්‍ය Michael Gunner, Northern Territory හි නව ජනගහන වර්ධන සැලැස්ම පසුගිය මස අගදී එළි දක්වමින් මේ බව අනාවරණය කළේය.
මේ හරහා ඉදිරි වසර 10 තුළ Northern Territory හි රැකියා 21,000 ක් උත්පාදනය කරමින් එහි ආර්ථිකයට ඩොලර් බිලියන 10 ක් එක් කිරීම ඔහුගේ අරමුණ වේ.
මේ සඳහා ලියා පදිංචි වීමට එළඹෙන නොවැම්බර් 01 වන දින සිට හැකි බවද සඳහන්.

High priority occupations
- Chief executive or managing director
- Sales and marketing manager
- Engineering manager
- Hotel or motel manager
- Accountants
- Librarians
- Aeroplane pilot
- Mechanical engineer
- Early childhood teacher
- University lecturer
- Retail pharmacist
- General practitioner
- Fitter (general)
- Plumber (general)
- Electrician (general)
- Chef
- Cook
- Hairdresser
- Cabinetmaker
- Aboriginal and Torres Strait Islander health worker
- Parole or probation officer
- Property manager
- Forklift driver
මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් ලබා ගත හැකිය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

