මෙල්බර්න් නගරයේ පොදු ගමනාගමන සේවාවන් වසර 2050 වන විට කෙසේ විය යුතුදැයි සැලැස්මක් Rail Futures Institute ආයතනය විසින් පසුගියදා ඉදිරිපත් කළේය.
ඉදිරි වසර 30 ඇතුළත බිලියන 8 ක පුද්ගලයින් එහා මෙහා ගෙනයාමට සැලසුම් කරන ලද මෙම පූර්ණ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 100 ක පිරිවැයක් අවශ්‍ය බව ඔවුන් ගණන් බලා තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම සැලසුම යටතේ මෙල්බර්න් කලාපයේ උප නගර එකිනෙකට යා කරමින් වඩාත් කාර්යක්ෂම සහ අඩු වේලාවකින් ගමනාන්ත වෙත යා හැකි ප්‍රවාහන පද්ධතියක් ඇතිකිරීම මූලික අරමුණ වේ.
මෙල්බර්න් කලාපයේ ජනගහනය ශීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් එයට සරිලන ලෙස පොදු ප්‍රවාහන සේවා ධාරිතාව ඉහළ දැමිය යුතු බව Rail Futures Institute ආයතනය පවසයි.

ප්‍රධාන යෝජනා
Monash, Box Hill සහ Broadmeadows හරහා වැටෙන පරිදි Keysborough සිට Deer Park දක්වා ඩොලර් බිලියන 21 ක සැහැල්ලු දුම්රිය (light rail) ව්‍යාපෘතියක් මේ හරහා යෝජනා කර තිබේ.
භූගත දුම්රිය මාර්ග වෙනුවට මහා මාර්ග වල මධ්‍යම තීරුවේ, පාලම් මතින් හෝ කෙටි උමං තුළින් වේගයෙන් ගමන් කළ හැකි ට්‍රෑම්, රියදුරු රහිත කුඩා ප්‍රමාණයේ දුම්රිය හෝ දිගු බස් රථ යෙදවීම.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මෙය සාම්ප්‍රදායික දුම්රිය මාර්ග වලට වඩා අඩු වියදම් සහ වේගවත් බවත් ඒ හරහා වැඩි නැවතුම් ස්ථාන පිහිටුවීමට හැකි බවත් Rail Futures Institute ආයතනයේ සභාපති John Hearsch පවසයි.
එමෙන්ම ජනගහන ඝනත්වය ඉහළ උප නගර එකිනෙකට යා කරමින් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදි කිරීමටද මෙහිදී යෝජනා වී ඇත.
Tarneit, Hoppers Crossing සහ Williams Landing මෙන්ම Doncaster, Ringwood, Dandenong සහ Knox වැනි උප නගර මේ අනුව යා කිරීමට අදහස් කර ඇත.

නව දුම්රිය මාර්ග 5 ක්.
වසර 2040 වන විට මෙල්බර්න් කලාපයට නව දුම්රිය මාර්ග 5 ක් ඉදිකිරීමටද මෙම යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා ඩොලර් බිලියන 69 ක පිරිවැයක් අනුමාන කර ඇත.
වික්ටෝරියානු ප්‍රාන්ත රජය යටතේ මේ වන විටත් ආරම්භ කර තිබෙන Metro Tunnel සහ airport link ව්‍යාපෘති මීට ඇතුළත් වන අතර Clifton Hill හරහා වෙනුවට මෙල්බර්න් CBD සහ Fitzroy හරහා Mernda හා Werribee දුම්රිය මාර්ග ද්විත්වය යා කිරීමටද මෙහිදී යෝජනා වී තිබේ.
එමෙන්ම ගිනිකොණ දිග මෙල්බර්න් කලාපයේ Pakenham සහ බටහිර මෙල්බර්න් කලාපයේ Wyndham Vale යා කරමින් “South-East Fastline” නමින් නව දුම්රිය මාර්ගයක් මේ ව්‍යාපෘතිය හරහා යෝජනා කර ඇත.
එම දුම්රිය මාර්ගයේ Chadstone සහ Monash හිදී නව දුම්රිය ස්ථාන ඉදි කෙරෙන අතර වසර 2035 දී මෙය නිම කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර දැනට Glen Waverley උප නගරයෙන් අවසන්වන Glen Waverley දුම්රිය මාර්ගය Knox දක්වා දීර්ග කිරීමටද යෝජනා වී ඇති අතර මෙය වසර 2035 දී මෙය නිම කිරීමට අපේක්ෂා කෙරේ.

නව ට්‍රෑම් මාර්ග 5 ක්.
ඩොලර් බිලියන 9 ක පිරිවැයක් සහිත මේ ව්‍යාපෘතිය යටතේ මෙල්බර්න් CBD හරහා ගමන් කරන නව ට්‍රෑම් මාර්ග 5 ක් මෙන්ම දැනට ක්‍රියාත්මක ට්‍රෑම් මාර්ග 13 ක් තවත් දිගු කිරීමට යෝජනා වී තිබේ.
Smith සහ Nicholson වීදි අතර Alexandra Parade හි මධ්‍යම තීරුව ට්‍රෑම් මාර්ගයක් ලෙස සකස් කිරීමට මෙහිදී අදහස් කර ඇති අතර එහි ධාවනය වන ට්‍රෑම් රථ Grattan Street සහ North Melbourne හරහා Clifton Hill සහ Melbourne University දක්වා සම්බන්ධ කෙරේ.
එමෙන්ම La Trobe වීදියට හැරවීමේ විකල්පයද සහිතව Spencer වීදිය පුරාවටම නව ට්‍රෑම් මාර්ගයක් ඉදිකිරීමටද මේ යටතේ යෝජනා කර ඇත.

නව දුම්රිය ස්ථාන 21 ක්.
වසර 2030 වන විට metro දුම්රිය පද්ධතිය පුළුල් වන අතර ඒ හරහා නව දුම්රිය ස්ථාන 21 ක් ඉදිකෙරෙන බව Rail Futures Institute ආයතනය පෙන්වා දෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

