වික්ටෝරියානු ප්‍රාන්තයේ ශබ්දය අඩුම මාර්ග පද්ධතිය ඉදිකිරීමට ප්‍රාන්ත රජය සැරසෙයි. (SBS සිංහල/වාර්තා)

Eastern Freeway සහ M80 Ring Road මාර්ග අතර ring road මාර්ගය සම්පූර්ණ කරමින් උතුරු සහ ගිනිකොණ දිග මෙල්බර්න් කලාප එක් කිරීම මෙහි මූලික අරමුණ වේ.

North East Link

Source: AAP

මෙල්බර්න් කලාපයේ නවතම අධිවේගී මාර්ගය වන North East Link මාර්ගයේ මූලික සැලැස්ම පසුගියදා වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් එළිදක්වනු ලැබීය.

ඩොලර් බිලියන 15.8 ක පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝ මීටර් 5 කටත් එහා දිව යන මංතීරු තුන බැගින්  දෙපසට දිව යන උමං ද්විත්වයක් සහ කිලෝමීටර 1.2 ක් පහතින් දිව යන මාර්ග පද්ධතියක් ඉදිකිරීමට නියමිතය.

වසර 2020 දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය 2027 දී අවසන් කිරීමට නියමිත බවද සඳහන්.

North East Link
Source: VIC Police

ප්‍රධාන අරමුණු

North East Link ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන අරමුණු ත්‍රිත්වයක් සාර්ථක කරගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

Eastern Freeway සහ M80 Ring Road මාර්ග අතර ring road මාර්ගය සම්පූර්ණ කරමින් උතුරු සහ ගිනිකොණ දිග මෙල්බර්න් කලාප එක් කිරීම.

දැනට වඩා 40% ක වේගයක් සහිතව වාහන තදබදය අවම කිරීමට නව මංතීරු එක්කරමින් Eastern Freeway මාර්ගය අලුත්වැඩියා කිරීම.

Doncaster සිට මෙල්බර්න් නගරය දක්වා නව බස් රථ මංතීරුවක් ඉදිකිරීම.

ව්‍යපෘතියේ ඇති සුවිශේෂීතා

North East Link ව්‍යාපෘතිය යටතේ ඉදිවන මාර්ග පාලම් සියල්ල හරිත පාලම් සංකල්පය යටතේ ඉදි කිරීම.

කිලෝ මීටර් 25 ක් දුරට විහිදෙන පා පැදි සහ ඇවිදින මංතීරුවක් ඉදි කිරීම.

මේ යටතේ ඉදිවන සියලුම මාර්ග වල ශබ්ද මට්ටම ඩෙසිබල් 63 මට්ටමට ඉදිකිරීම.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති ශබ්දය අඩුම මාර්ග පද්ධතිය මෙය වන බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now