SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ආහාර පාන ඕනෑකමින් දූෂණය කළහොත් වසර 15 ක් දක්වා සිර දඬුවම්. (SBS සිංහල/වාර්තා)

Food terrorists
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොලට නිකුත් කළ ස්ට්‍රෝබෙරි වල තිබී ඉඳිකටු හමු වීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය සතියේදී වික්ටෝරියානු, ටස්මේනියා, නොදර්න් ටෙරිටරි, දකුණු ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින් වාර්තා විය.

මේ අතර තම දියණිය ස්ට්‍රෝබෙරි ආහාරයට ගනිමින් සිටියදී ඉඳිකටුවක් ස්ට්‍රෝබෙරිවලින් හමුවූ බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පියෙකු දකුණු ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නගරයේ පිහිටි සුපිරි වෙළෙඳ සැලකින් තමන් ස්ට්‍රෝබෙරි මිලට ගත් බවත් ඉන් අනතුරුව ඒවා තම දියණිය ආහාරයට ගනිමින් සිටියදී ඉඳිකටුවක් හමුවූ බවත් සඳහන් කරමින් 34 හැවිරිදි ඇඩිලේඩ් වාසී පියෙකු මෙසේ ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත්, පොලීසිය සිදුකළ විමර්ශන වලදී ඔහුගේ පැමිණිල්ල අසත්‍ය බව ඔප්පු වූ අතර ඔහුව අත්අඩංගුවට ගැනුණි.

පසුව ඔහුට ඇප ලැබුණු අතර නැවතත් ඔක්තෝබර් 24 වන දින ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග ලැබුණි.

strawberry contamination
Source: AAP

ස්ට්‍රෝබෙරි ඉඳිකටු ඔස්ට්‍රේලියාව හතර වටෙන්

ඔස්ට්‍රේලියාව තුළ වගා කරනු ලබන ස්ට්‍රෝබෙරිවල ඉඳිකටු තිබීමේ සිදුවීම් මේ වන විට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලින් වාර්තා වෙයි.

වික්ටෝරියානු, ටස්මේනියා, නොදර්න් ටෙරිටරි, දකුණු ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින් මේ වන විට ඒ සම්බන්ධ සිද්ධි 100 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ස්ට්‍රෝබෙරිවල ඉඳිකටු හමුවීම පිළිබඳ ප්‍රතමයෙන්ම වාර්තා වුයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි.

Food terrorists
Source: AAP

ඕනෑකමින් ආහාර දූෂණය කළහොත් දැඩි දඬුවම්

ස්ට්‍රෝබෙරි වලට ඕනෑකමින් ඉඳිකටු ගැසීමේ සිදුවීම් කිහිපයක් මේ අතර වාර්තා වී ඇති අතර Northern Territory වලින්ද ඊයේ (20/09) දිනයේදී එවැනි සිදුවීමක් වාර්තා විය.

ඕනෑකමින් ආහාර දූෂණය කිරීම අපරාධ ක්‍රියාවක් බවත් පසුගිය සතියේදී මෙවැනි අපරාධ වලට වසර 10 සිට 15 දක්වා සිර දඬුවම් පනවන ලෙසට නීති සම්පාදනය කිරීමට ප්‍රකාශ කෙරුණු බවත් Northern Territory නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Grant Nicholls පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවත් සමග මෙම නව නීති බද්ධ වී ඇති බව සඳහන්.

මේ අතර ස්ට්‍රෝබෙරි වලට ඕනෑකමින් ඉඳිකටු ගැසීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දෙන ඕනෑම පුද්ගලයෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයන් ප්‍රකාශ කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now