ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් සෞඛ්‍ය ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ඔස්ට්‍රේලියානු My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ තමන්ගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කිරීමට අකැමැති පුද්ගලයින් 900,000 ක් පමණ ඉන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.
My Health Record පිළිබඳ පසුගිය සතියේදී පැවති සෙනට් කමිටු විමර්ශනයේදී මේ බව අනාවරණය විය.
My Health Record වලින් ඉවත්වීම
ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තොරතුරු My Health Record නමින් එකම ඩිජිටල් දත්ත ගබඩාවක තැන්පත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.
ඒ අනුව තමන්ගේ තොරතුරු My Health Record ඩිජිටල් දත්ත ගබඩාවෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය පුද්ගලයින් වෙතොත් ඒ සඳහා එළඹෙන නොවැම්බර් 15 දින දක්වා කල් ලබා දී ඇත.
එසේ නොමැති පුද්ගලයින්ගේ සෞඛ්‍ය තොරතුරු My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ රැදී පවතිනු ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ වන විට My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවෙන් තමන්ගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කිරීමට අකැමැති බවට දන්වා ඉන් ඉවත්වූ පුද්ගලයින් 900,000 සුදුසුකම් ලැබූ පිරිසගෙන් 3% ක් පමණ වන බව ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් සෞඛ්‍ය ආයතනය ප්‍රධාන විධායක Tim Kelsey පවසයි.
එය තම ආයතනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රතිශතයක් බව ඔහු පෙන්වා දෙයි.
නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අපේක්ෂාවට අනුව My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවෙන් තොරතුරු ඉවත් කරගැනීමට කැමැත්ත පළ කරන ප්‍රතිශතය 10% කට අඩුවිය යුතුවේ.

My Health Record
My Health Record යනු ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව වේ.
මෙය ඔස්ට්‍රේලියානු රජය යටතේ පවතින ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් සෞඛ්‍ය ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තොරතුරු වල සාරාංශය මෙම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවට ඇතුළත් කෙරෙන අතර අදාළ පුද්ගලයින්ට සහ වෛද්‍යවරු ඇතුළු ඔවුන්ගේ සෞඛ්‍ය සේවා සපයන ආයතන වලට මෙම තොරතුරු පරිහරණය කිරීමට අවසර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයකදී ඕනෑම හදිසි අවස්තාවකදී මෙම තොරතුරු පරිහරණය කිරීමට අවස්තාව ලැබෙන අතර රෝගීයාට සන්නිවේදනය කිරීමට නොහැකි හදිසි අවස්ථා වලදී පවා My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව වෙත පිවිස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහුට ඇති ආසාත්මික්තා, ඔහු ගෙන ඇති සහ ගනිමින් පවතින ඖෂධ වර්ග පිළිබඳ අවබෝධයක් අදාළ වෛද්‍යවරුන්ට ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂී වාසිය වේ.

සෞඛ්‍ය තොරතුරු හා පුද්ගලිකත්වය
මහජනතාවගේ තීරණාත්මක සහ අවදානම් සහගත සෞඛ්‍ය තොරතුරු මෙසේ ඩිජිටල් දත්ත ගබඩාවක තැන්පත් කිරීම එක්තරා අතකින් පුද්ගලිකත්වයට හානි කරන තත්ත්වයක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
විශේෂයෙන්ම ඩිජිටල් හැකර් ප්‍රහාර මගින් එලෙස ගබඩා කර ඇති තොරතුරු සොරාගැනීමට හැකියාව පැවතීම ප්‍රමුඛතම අවදානම් තත්ත්වයකි.
පසුගිය ජූලි මාසයේදී සිංගප්පූරු ඩිජිටල් සෞඛ්‍ය දත්ත ගබඩාවෙන් මිලියන 1.5 කගේ සෞඛ්‍ය දත්ත හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බවට වාර්තා විය.
මෙම අවදානම් තත්ත්වය හේතුවෙන්ම බොහෝ දෙනෙකු My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ තම සෞඛ්‍ය තොරතුරු ගබඩා කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බව සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

