ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අමතරව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමෙන්ද නිපුණතා සංක්‍රමණික වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරිවල අවශ්‍යතාවන්ට අනුව ප්‍රාන්ත නිපුණතා රැකියා ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එම රැකියා ලැයිස්තුවල අඩංගු යම් වෘත්තියකට ඔබට අයදුම් කිරීමට සුදුසුකම් ඇත්නම් ඒ සඳහා ඔබට 190 වීසා (Skilled Nominated visa - subclass 190) යටතේ අයදුම් කළ හැකි වන අතර ඒ හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමටද හැකියාව පවතී.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමෙන් 489 වීසා (Skilled Regional (Provisional) visa - subclass 489) ක්‍රමයක්ද හඳුන්වා දී තිබේ.
මේ සඳහා වෙනමම වෘත්තීන් ලැයිස්තු ක්‍රියාත්මක වන අතර මෙමගින් ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට මග සලසා දෙයි.
489 වීසා යටතේ ඔබට වසර 4 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට හැකියාව ලැබෙන අතර ඔබට පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවකාශය සලසා දෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම 489 කලාපය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේද මෙවැනි 489 state sponsorship ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ එම ප්‍රාදේශීය කලාප වලට අලුතින් තවත් එක් කලාපයක් එක් කළ බව www.industry.nsw.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
එය Central West නමින් හැඳින්වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කර්මාන්ත දෙපාර්තමේන්තුවත් සමග අත්වැල් බැඳගෙන Regional Development Australia Central West (RDACW) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Central West කලාපයට මෙලෙස 489 state sponsorship වැඩසටහන හඳුන්වා දී තිබේ.
මේ අනුව RDACW විසින් එම 489 වීසා වැඩසටහන සඳහා ඊට අදාළ වෙනමම නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවක් (Central West Skills Occupation List ) නිර්මාණය කර ඇති අතර සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව සලසා දී තිබේ.

NSW Central West Skills Occupation List.

Central West නිපුණතා රැකියා ලැයිස්තුව වසා දැමීම.
අධික අයදුම්පත් ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් 2018 අගෝස්තු 21 වන දින පෙරවරු 10 සිට Central West නිපුණතා රැකියා ලැයිස්තුවේ ඇති සියලු වෘත්තීන් සඳහා අයදුම් කිරීම වසා දමා ඇති බව www.rdacentralwest.org.au වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අනුව එම වසා දැමුණු දිනයට පසුව ලැබෙන අයදුම් පත් සලකා නොබැලෙන බවද බලධාරීන් දන්වා සිටී.
නමුත් 2018 අගෝස්තු 21 වන දින පෙරවරු 10 ට පෙරාතුව ලියාපදිංචි වී ගාස්තු ගෙවූ අයදුම්පත් සලකා බැලෙන බවත් ඒවායේ අනුමැතිය සම්බන්ධ තීරණ සති 6 ත් 8 ත් අතර කාලයකදී දැනුම් දෙන බවද එම වෙබ් අඩවිය පවසයි.
නමුත් මෙම ලැයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා අයදුම් කිරීම නුදුරේම නැවතත් විවෘත කරන බවත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් www.industry.nsw.gov.au වෙබ් අඩවිය පවසයි.

489 වීසා සඳහා අවශ්‍ය ප්‍රධාන සුදුසුකම්
අයදුම්කරු වයස අවුරුදු 45 කට වඩා අඩු වීම.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීමට සහ සේවය කිරීමට කැමති විය යුතුය.
අදාළ ප්‍රාන්තයේ ඒ ඒ නිපුණතා රැකියා ලැයිස්තුවේ ඔබට සුදුසුකම් පෙන්විය හැකි වෘත්තීන් ඇතුළත් විය යුතු අතර ඒ සඳහා අයදුම්කරුට තෘප්තිමත් මට්ටමක සුදුසුකම් සහ නිපුණතා ඇගයීම් (skill assessments) පෙන්විය යුතුය.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා SkillSelect EOI එකක් යොමු කර තිබිය යුතුය.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්‍රමණික ප්‍රසාද ලකුණු වලට අනුව අවම ලකුණු 65 ක් ලබා තිබිය යුතුය. (මෙහිදී State/Territory sponsorship සඳහා ලකුණු 10 ක් හිමිවේ.)
අදාළ වෘත්තියට අනුව ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

