SKIP TO MAIN CONTENT

අගමැති මොරිසන්ගෙන් සමස්ත ඔස්ට්‍රේලියාවටම අලුත් රජයේ නිවාඩු දිනයක්. (SBS සිංහල/වාර්තා)

Australia Day
Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සෑම වසරකම ජනවාරි 26 වන දිනට සමරනු ලබන "ඔස්ට්‍රේලියා දිනය" වෙනත් දිනයක සැමරීමට බොහෝ පිරිස් කරනු ලබන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ඊට නවතම විසඳුමක් යෝජනා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආදී වාසී ජනයාගේ නිදහස නැතිකොට දැමූ ජනවාරි 26 වන දින "ඔස්ට්‍රේලියා දිනය" ලෙස සැමරීම සදාචාරාත්මක නොවන බවට මෑත කාලයේදී බොහෝ දෙනා හඬ නගන්නට විය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

නමුත් "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දින සැමරීම අතරේ ඔස්ට්‍රේලියාවේ ආදී වාසී ජනයා සඳහා වෙනමම දිනයක් නම් කිරීමටත් එය රජයේ නිවාඩු දිනයක් ලෙසට නම් කිරීමටත් අගමැති Scott Morrison යෝජනා කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි Byron Shire නගර සභාව "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දින සැමරීම වෙනුවට වෙනත් දිනයක සැමරීමට සූදානම් බවට සැලවීමත් සමග මෙම ආන්දෝලනාත්මක කතා බහ නැවතත් කරළියට පිවිසීය.

මීට පෙර වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බන් කලාපයේ Darebin සහ Yarra නගර සභා ජනවාරි 26 වන දින "ඔස්ට්‍රේලියා දිනය" නොපැවැත්වීමට සම්මත කරගත් අතර එදිනට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ උත්සවද නොපැවැත්වීමට ඒකමතිකව තීන්දු කළේය.

Australia Day
Australian Prime Minister Scott Morrison Source: AAP

ආදී වාසී ජනයාගේ දිනය

ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට අනුව ඔස්ට්‍රේලියාවේ ආදී වාසී ජනයා ලෙස සැලකෙන ඇබෝර්ජීනියානු ජනතාව සහ ටෝරස් දූපත් වාසීන් වෙනුවෙන් වෙනමම දිනයක් නම් කිරීමට යෝජනා කර ඇත.

"ඔස්ට්‍රේලියා දිනය" නාමය වෙනුවට එයට වෙනම නාමයක් ලබාදී එය රජයේ නිවාඩු දිනයක් කිරීම මැනවි බව ඔහුගේ යෝජනාවේ සඳහන්.

වසර 60,000 කටත් වඩා ඉතිහාසයක් ඇති ඔස්ට්‍රේලියාවේ ආදී වාසී ජනයාට ඔවුන් පිළිබඳ හා ඔවුන්ගේ සංස්කෘතිය මෙන්ම ඒවායේ වටිනාකම් පිළිබඳ ලෝකයට කියා පෑමට දිනයක් වෙන් කිරීම කළ යුතු දෙයක් බවත් මේ ගැටලුවට කදිම විසඳුමක් බවත් අගමැති මොරිසන් පවසා ඇත.

"ඔස්ට්‍රේලියා දිනය" යනු ඔස්ට්‍රේලියා දිනය බවත් එය කිසිවෙකුට හෝ වෙනස් නොකළ හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම ජනවාරි 26 වන දින අප සමරනු ලබන්නේ "නවීන ඔස්ට්‍රේලියානු ජාතිය" බිහිවූ දිනය බවද ඔහු පැහැදිලි කර තිබේ.

Australia Day
Source: AAP

ඔස්ට්‍රේලියානු දිනයේ ඉතිහාසය

වසර 1788 ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් සිඩ්නි බොක්කට ගොඩ බට අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ජනාවාස නිල වශයෙන් පිහිටුවනු ලැබූ දිනය ලෙස එදින හැඳින්විය.

මෙම ප්‍රථම නැව් කණ්ඩායමේ නායකත්වය දැරුවේ කපිතාන් Arthur Philip වූ අතර ඔහු මෙම ජනපද පිහිටුවීම නිල වශයෙන් සනිටුහන් කිරීමට සිඩ්නි බොක්කේ  බ්‍රිතාන්‍ය ධජය එසවීය.

ජනවාරි 26 වන දිනය “First landing day” හෝ “Foundation day” ලෙස සිඩ්නි ගැසට් පත්‍රය 1804  දී පටන් නිල වශයෙන් හඳුන්වන්නට ආරම්භ කළ බව ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාව පවසයි.

ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාවට අනුව 1994 දී “Australia Day” හෙවත් “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.

Australia Day
Source: State Library Victoria

ආක්‍රමණික දිනය

1788 වසරේ ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් කපිතාන් Arthur Phillip ගේ නායකත්වයන් එකල Jackson තොටුපොළට හෙවත් වර්තමානයේ සිඩ්නි වරායට සේන්දු වීමත් සමග බ්‍රිතාන්‍ය ජනපද, ඔස්ට්‍රේලියාවේ ආරම්භ විය.

නමුත් එතැන් පටන් ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වන ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් ගේ වසර 60,000 ක් පුරා මෙබිම ගත කළ නිදහස් ජීවිතයට තිත තැබෙන්නට වූ බව ඉතිහාසය පවසයි.

එනිසාම, ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් ජනවාරි 26 වන දින “Invasion Day” හෙවත් “ආක්‍රමණික දිනය” ලෙස හඳුන්වයි.

Invasion Day
Aboriginals communities stage a protest on Australia Day Source: Getty Images

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now