විදෙස් ශ්‍රමිකයින් අතර ජනප්‍රියම රටවල් වලින් එකක් ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වේ.
ඉහළ සේවක වැටුප්, සේවය කිරීමේ වාතාවරණය, රැකියා ඉල්ලුම වැනි කරුණු ඊට ප්‍රධාන හේතුවී තිබේ.
ලොව ප්‍රමුඛ පෙළේ රටවල් 7 ක් සමග ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා, වීසා ලබා ගැනීමට ඇති හැකියාව, ජීවන වියදම සහ සේවය කිරීමේ වාතාවරණය සම්බන්ධව සංසන්දනාත්මක විමර්ශනයක් ලොව ප්‍රධාන මුල්‍ය ආයතනයක් වන WorldFirst ආයතනය විසින් සිදු කර තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ගෙවීම් සහිත වාර්ෂික නිවාඩු හා superannuation අරමුදල් අතින් ගත් කළ ඔස්ට්‍රේලියාව ලොව පවතින විශිෂ්ඨතම රැකියා කිරීමේ වාතාවරණයක් සපයන රට බවට පත්වී ඇතැයි WorldFirst හි විදෙස් මුදල් හුවමාරු අංශයේ ප්‍රධානී Patrick Liddy පවසයි.
තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය, ඉංජිනේරු, ගොඩනැගිලි සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර වල පහසුවෙන් රැකියා සොයාගත හැකි නමුත් ඒවා සඳහා වීසා ලබා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය පෙන්විය යුතු බව ඔහු වැඩි දුරටත් පැවසීය.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ එක් කාමරයක් සහිත නාගරික මහල් නිවසයක මාසික කුලිය දල වශයෙන් $1661 ක් බවත් පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේදී මාසිකව $141 පමණ දැරීමට සිදුවන බවත් WorldFirst ආයතනය පෙන්වා දෙයි.

01. ජර්මනිය - ලාභ දායී නිවාස කුලිය සහ නිර්ලෝභී ලෙඩ නිවාඩු
නිවාස කුලිය - $1077
මාසික පොදු ප්‍රවාහන ගාස්තු - $111
කෝපි කෝප්පයක සාමාන්‍ය මිල - $4.20
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර - තාක්ෂණික විශේෂඥයින්, සෞඛ්‍ය වෘත්තිකයින් සහ ඉංජිනේරු
රැකියා වීසා - වයස අවුරුදු 18 - 30 අතර පිරිස් වෙත මාස 12ක් තෙක් Working Holiday visa ලබා දෙයි, එමෙන්ම සේවායෝජකත්ව ඉල්ලුමක් සහිත වෘත්තීය සුදුසුකම් මනාව ඇතිනම් සාමාන්‍ය රැකියා සඳහා නේවාසික බලපත්‍රයක් ලබා ගත හැකිය.
සේවා වාතාවරණය - සම්පූර්ණ ගෙවීම් සහිතව මාතෘ නිවාඩු සති 14 ක් තෙක් ලබා ගත හැකි අතර අසනීපයක් වුවිට සති හයක් දක්වා වැටුප් සහිත ලෙඩ නිවාඩු ලබා ගත හැකිය.

02. සිංගප්පූරුව - ඉහළ නිවාස කුලියක් සමග අඩු ආදායම් බදු
නිවාස කුලිය - $2673
මාසික පොදු ප්‍රවාහන ගාස්තු - $99
කෝපි කෝප්පයක සාමාන්‍ය මිල - $5
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර - ව්‍යාපාරික හා මුල්‍ය විශේෂඥයින්, යටිතල පහසුකම් ඉදිකරන්නන් සහ අලෙවි උපදේශකයින්
රැකියා වීසා - වසර තුනක් බලපැවැත්වෙන සේවායෝජකත්ව බලපත්‍ර හෝ S Card වලංගුවේ.
සේවා වාතාවරණය - වීසා හෝ රැකියා බලපත්‍ර මත සේවය කරන සේවකයින් හට superannuation අරමුදලට හිමිකම් කීමට නොහැකිය.

03. හොංකොං - ඉහළ නිවාස කුලියක්
නිවාස කුලිය - $3210
මාසික පොදු ප්‍රවාහන ගාස්තු - $81
කෝපි කෝප්පයක සාමාන්‍ය මිල - $6
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර - මුල්‍ය හා ගණකාධිකරණය, අලෙවි සහ වෙළෙඳ
රැකියා වීසා - සේවායෝජකත්ව ඉල්ලුමක් ඇත්නම් General Employment Policy වීසා ලබාගත හැකිය, වයස අවුරුදු 18 -30 අතරේ පසුවන ඔස්ට්‍රේලියානුවන් 5000 කට Working Holiday වීසා ලබා දෙයි.
සේවා වාතාවරණය - වසරකට ගෙවීම් සහිත වාර්ෂික නිවාඩු ප්‍රමාණය දින 7 ත් 14 ත් අතර වේ, අදාළ සේවා යෝජකයා සමග අවම වශයෙන් සති 40 ක කාලයක් සේවය කළ විට පමණක් සති 10 ක මාතෘ නිවාඩු හිමිවේ.

04. ඇමෙරිකාව - සෞඛ්‍ය හා සමාජ සුබ සාධනය සාපේක්ෂව අවමයි.
නිවාස කුලිය - $1671
මාසික පොදු ප්‍රවාහන ගාස්තු - $94
කෝපි කෝප්පයක සාමාන්‍ය මිල - $5.40
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර - ගණිතය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය, ගුරු සහ ලේඛක
රැකියා වීසා - සේවායෝජකත්ව ඉල්ලුමක් සහ උපාධියක් ඇත්නම් ඇත්නම් E-3 visa නමින් විශේෂ වීසා වර්ගයක් ඔස්ට්‍රේලියානුවන් සඳහා ඇත.
සේවා වාතාවරණය - විශ්‍රාමික දිවිය සඳහා බදු රහිත ඉතිරිකිරීම් වලට ඉඩ සලසයි.

05. කැනඩාව - පළාත් මට්ටමින් අවම වැටුප වෙනස්වෙයි.
නිවාස කුලිය - $1261
මාසික පොදු ප්‍රවාහන ගාස්තු - $97
කෝපි කෝප්පයක සාමාන්‍ය මිල - $4.10
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර - ගණකාධිකරණය, මුල්‍ය, ගෘහනිර්මාණශිල්පය, සැලසුම් ශිල්පය, මානව සම්පත්
රැකියා වීසා - වයස අවුරුදු 18 - 30 අතරේ පසුවන ඔස්ට්‍රේලියානුවන් හට වසාර් 2 ක් දක්වා Working Holiday වීසා හෝ තාවකාලික සේවක වීසා හිමිවේ.
සේවා වාතාවරණය - සේවා යෝජකයින් සේවකයින්ගේ සෞඛ්‍ය පිළිබඳ වගකිව යුතුය.

06. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - සේවා යෝජකයින් සමග තම සේවක ප්‍රතිලාභ පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ට සාකච්ඡා කළ හැකිය.
නිවාස කුලිය - $1969
මාසික පොදු ප්‍රවාහන ගාස්තු - $63
කෝපි කෝප්පයක සාමාන්‍ය මිල - $5.60
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර - මුල්‍ය, විගණන, ගෘහනිර්මාණශිල්පය, සිවිල් ඉංජිනේරු, මානව සම්පත්, නිෂ්පාදන අලෙවි, තොරතුරු තාක්ෂණ.
රැකියා වීසා - රැකියා වීසා ලබා දීමට පෙර නේවාසික වීසා ලබාගත යුතුවේ.
සේවා වාතාවරණය - රාජ්‍ය අංශයේ සේආය කරන කාන්තාවන් හට දින 90 ක් තෙක් සම්පූර්ණ ගෙවීම් සහිත මාතෘ නිවාඩු හිමි අතර පුද්ගලික අංශයේ එය දින 45 කි.

07. එක්සත් රාජධානිය - ඔස්ට්‍රේලියාවට බොහෝ සමානය
නිවාස කුලිය - $1331
මාසික පොදු ප්‍රවාහන ගාස්තු - $107
කෝපි කෝප්පයක සාමාන්‍ය මිල - $4.60
ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර - ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, වෛද්‍යවරු, හෙදියන්, ගුරුවරු, කෝකියන්, සමාජ සේවකයින්
රැකියා වීසා - නිපුණතා රැකියා උදෙසා වසර 5 ක් දක්වා එක්සත් රාජධානියේ රැදී සිටිය හැකි Tier 2 (General) වීසා සඳහා ඔස්ට්‍රේලියානුවන්ට අයදුම් කළ හැකිය.
සේවා වාතාවරණය - සති 39 ක් දක්වා නීතිප්‍රකාර වූ මාතෘ නිවාඩු ගෙවීම් සහිතව ලබාගත හැකිය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

