2018 නොබෙල් සාම ත්‍යාගය කොංගෝ රාජ්‍යයේ Denis Mukwege සහ ඉරාකයේ Nadia Murad හට පිරිනැමීමට නෝර්වේජියානු නොබෙල් කමිටුව තීරණය කරයි.
කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීම මගින් සමාජයට සිදුකළ අද්විතීය මෙහෙවර ඇගයීම පිණිස කොංගෝ ජනරජයේ නාරිවේදය පිළිබඳ විශේෂඥ Denis Mukwege හට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බව සඳහන්.
එමෙන්ම ලිංගික වහල් වෙළෙඳාමට එරෙහිව කටයුතු කරමින් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටීම නිමිත්තෙන් Nadia Murad හට ද මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බව සඳහන්.
Nadia Murad යනු ඉරාකයේ යසීදි ප්‍රජාව නියෝජනය කරන තරුණියකි.
ඇයට වයස අවුරුදු 21 දී IS සංවිධානයේ සාමාජිකයින් ඇයව පැහැරගෙන ගොස් වසර 3 ක් ඔවුන් යටතේ රඳවා තබාගෙන සිට ඇත.
එහිදී ඔවුන් අතින් ඇයව දූෂණයට පවා ලක්විය.
පසුව ඇය ඔවුන්ගෙන් පැනවිත් ලිංගික වහල් වෙළෙඳාමට එරෙහිව කටයුතු කරමින් මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටීමට පටන් ගත්තාය.
“ලිංගික ප්‍රචණ්ඩත්වය යුද්ධයේ අවියක් කරගැනීම වැළැක්වීම වෙනුවෙන් සටන් වැදීම” යන පාඨය යටතේ ඔවුන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව සඳහන් කළේය.

2018 නොබෙල් සාම ත්‍යාග ලාභියා කවුද කියා ඔට්ටු පිට ඔට්ටු.
2018 නොබෙල් සාම ත්‍යාග ලාභියා සඳහා බොහෝ උදවිය විවිධ නම් තොල් මතුරන්නට විය.
ඒ අතරේ උතුරු කොරියානු නායක Kim Jong-un සහ දකුණු කොරියාවේ ජනාධිපති Moon Jae-in පෙරමුණ ගෙන සිටියෝය.
ඔවුන් දෙදෙනාට බුකී කරුවන් ඉහළම ලන්සු තබා ඔට්ටු අල්ලන්නට විය.
එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති Donald Trump, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පරිගණක වෘත්තිකයෙකු වන Edward Snowden, රුසියානු ජනාධිපති Vladimir Putin මෙන්ම සෞදි බ්ලොග් රචකයෙකු වන Raif Badawi ද එම ජනප්‍රිය ලයිස්තුවේ විය.

ජනප්‍රියම ඔට්ටු
ඔස්ට්‍රේලියානු සූදු ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගය ලබා ගන්නා ජනප්‍රියම චරිතය බවට අද පෙරවරුවේ සිට පත්ව සිටියේ ජර්මනියේ චාන්සලර්වරිය වන Angela Merkel ය.
- Angela Merkel ට - $2.03
- Kim Jong-un සහ Moon Jae-in - $2.64
- Donald Trump - $9.60
- UNHCR - $11.50
- Denis Mukwege - $17.25
- Reporters Without Borders - $21.00
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

