ඔබ ඔබේ නිවෙස විකිණීමට අපේක්ෂාවෙන් සිටිනවාද? නැතිනම් ඔබට තවමත් ඔබේ නිවෙස විකුණා ගැනීමට නොහැකිව ලතවෙමින් සිටිනවාද?
නිවෙසක් අලෙවි කිරීමට යාමේදී අදාළ නිවෙස පිළිබඳ ගැනුම්කරුවාගේ සිතෙහි ඇතිවන පළමු සිතුවිල්ල හෙවත් පළමු චිත්‍රය එම ගනුදෙනුව සාර්ථකව අවසන් කරගැනීමට මනා පිටිවහලක් වන බව නිවාස හා දේපළ සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
නිවෙසක් අලෙවි කිරීමට පෙර ඔබේ නිවසේ තිබෙන ඉවත් කළ යුතු ප්‍රධාන දේවල් 7 ක් පිළිබඳ ඔවුන් වාර්තා කළේ පහත අයුරිනි.
Image
01. විශාල ගෘහ භාණ්ඩ ඉවත් කිරීම
ගැනුම්කරුවන්ට විකුණන නිවසේ කාමර සහ අනෙකුත් ස්ථාන පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත යුතු වෙයි.
එනිසාම කාමර වල ඇති විශාල ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ ඉවත් කළහොත් ඔවුන්ට එම කාර්යය පහසුවන අතර ඔබේ නිවාසය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගැනුම්කරුවන්ට ලැබෙනු ඇත.

02. ගරාජයට කුණු එකතු නොකරන්න.
නිවසේ ගරාජයක් ඇතිනම් ගැනුම්කරුවන්ගේ අවධානයට එය අනිවාර්යෙන් ලක්වන අංගයකි.
බොහෝ නිවැසියන් තම නිවසේ භාවිතා නොකරන ද්‍රව්‍ය සහ කුණු ගරාජයේ දැමීමට පෙළඹෙයි.
නමුත් එසේ නොකිරීමෙන් හෝ පිළිවෙලකට තිබෙන ගරාජයක් භාවිතා කිරීමෙන් ඔබේ නිවසේ අගය ඉහළ යනු ඇත.

03 ව්‍යායාම් උපකරණ ඉවත් කිරීම.
ඔබ ව්‍යායාම් උපකරණ නිවාසය තුළ ස්ථාපිත කර ඇත්නම් ඒවා ගැනුම්කරුවන් පැමිණෙන විට ඉවත් කළ හැකි නම් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිබව Domain වෙබ් අඩවිය පවසයි.
විශේෂයෙන් එම උපකරණ වෙනමම කාමරයක සවි කර ඇතිනම් ඒවා එයින් බැහැර කළ යුතු බවට ඔවුන් උපදෙස් දෙයි.
මෙනිසා තවත් අමතර කාමරයක් නිවසේ ඇති බව ගැනුම්කරුවන්ට ඒත්තු ගැන්විය හැකි බව Domain වෙබ් අඩවිය පැහැදිලි කරයි.

04. පෙනෙන්නට ඇති පුද්ගලික භාණ්ඩ ඉවත් කරන්න.
ගැනුම්කරුවෙකු අලෙවි කරනු ලබන නිවසක් පරීක්ෂා කිරීමේදී තමන් එම නිවසේ ජීවත්වන අයුරු මනසින් මවා ගනී.
එනිසා ඇතැම්විට ඔබේ පුද්ගලික භාණ්ඩ (උදා :බිත්තියේ එල්ලූ පුද්ගලික ඡායාරූප) එම මානසික චාරිකාවට බාධාවක් විය හැකිය.

05. කබඩ් සහ ගබඩා කරන කුටි හැකිතාක් හිස්ව තබන්න.
ඔබේ මුළුතැන්ගෙයි මෙන්ම නාන කාමරයේ සහ රෙදිසෝදන කාමරයේ ඇති කබඩ් සහ ගබඩා කුටි හැකිතාක් හිස්ව තැබීමෙන් නිවසේ තිබෙන ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ ගැනුම්කරුවන්ට මනා අවබෝධයක් ලබා ගත හැකිවේ.

06. ළමුන්ගේ සෙල්ලම් බඩු
ළමුන්ගේ සෙල්ලම් බඩු නිවසක් තුළ පිළිවෙලකට තබාගැනීම ඉතාමත් අසීරු කටයුත්තකි.
නිවසක් පරීක්ෂා කිරීමට ගැනුම්කරුවන් පැමිණෙන විට ළමුන්ගේ සෙල්ලම් බඩු ඉතා පිළිවෙලකට අසුරා තැබීම ඉතා වැදගත්ය.
ඒවා නිවසේ සෑම ස්ථානයකම නොතබා වෙනමම ස්ථානයක තැන්පත් කිරීමෙන් ගැනුම්කරුවන්ට ඔබේ නිවාසය පිළිබඳ මවන චිත්‍රය ඉතා යහපත් එකක් වනු ඇත.

07. සුරතල් සතුන්ගේ වාසස්ථාන සහ සෙල්ලම් බඩු
සෑම කෙනෙක්ම සුරතල් සතුන්ට කැමැත්තක් නොදක්වයි.
ඔබේ ගැනුම්කරුවා සුරතල් සතුන්ට කැමති හෝ අකමැති වුවද ඔබේ නිවසේ සුරතල් සතුන්ගේ වාසස්ථාන සහ සෙල්ලම් බඩු ඇතිනම් නිවෙස පරීක්ෂා කිරීමට පෙර ඒවා ඉවත් කිරීමට වගබලාගත යුතුය.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

