ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් බදු ප්‍රතිලාභය හිමිවිය යුතු පුද්ගලයින් ලක්ෂ 2 ක් පමණ පසුගිය වසරේදී Annual tax return හෙවත් තම වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කර නොමැති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ඒක පුද්ගල වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීමේ අවසාන දිනය ලෙස හැඳින්වෙන ඔක්තෝබර් 31 ට පෙර තම වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ජනතාවට දැනුම් දෙන බව news.com.au වෙබ් අඩවිය සඳහන් කරයි.

ඔබට හිමි මුදල් ලබා ගැනීම
ඔබේ ආදායමෙන් බදු වශයෙන් කපාදමා ඇති ආදායම් බදු මුදල් වලින් ඔබේ රැකියාව ආශ්‍රිත වියදම් උදෙසා ඔබට නැවත ලබාගැනීමට හැකි මුදල් ඔබේ වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කරන තෙක් ඔබට නැවත ලබා දීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට හැකියාවක් නැතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස්වරිය වන Kath Anderson පැවසුවාය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
"පසුගිය වසරට අදාළව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් බදු ප්‍රතිලාභය හිමිවිය යුතු පුද්ගලයින් ලක්ෂ 2 ට පමණ තම වාර්ෂික බදු මුදල් නැවත ලබාගැනීමට නොහැකිවී තිබෙනවා. එම ප්‍රමාණය මිලියන ගණනක්." යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය.

වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු නොකරන හේතු
බොහෝ පුද්ගලයින් තමන්ගේ වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු නොකරන සුලබ හේතු කිහිපයක් පවතින බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස්වරිය වන Kath Anderson පැහැදිලි කළාය.
- තමන් වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීම අනවශ්‍ය බව හැඟීම.
- මෑතක පටන් රැකියාවක් නොකිරීම.
- වසර ගණනක් වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු නොකර සිටීම.
කෙසේනමුත්, ඔබේ වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීමේ ගැටළු පවතී නම් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සැමවිටම ඔබට සහය සැලසීමට බලා සිටින බව ද Kath Anderson පැහැදිලි කළාය.

වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීම
සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ මිලියන 2.7 ක් පමණ බදු ගෙවන්නන් තම වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීම තමන් විසින්ම myTax හරහා සිදු කරයි.
මිලියන 4.3 ක් පමණ බදු ගෙවන්නන් තම වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීම බදු නියෝජිතයෙකු හරහා සිදු කරයි.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට ගෙවීමට ඇති හිඟ මුදල් හේතුවෙන් ඇතැම් පුද්ගලයින් තම වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීම ප්‍රමාද කරන බවද සහකාර කොමසාරිස්වරිය වන Kath Anderson පැවසුවාය.
නමුත් එවැනි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය උපකාර කිරීමට සූදානම් බවද ඇය පැවසුවාය.
බදු මුදල් නැවත ලබා ගැනීමේ කාලය සහ සිදුවන වැරදි
බොහෝ බදු ප්‍රතිලාභ යොමු කිරීම් සති දෙකක් ඇතුළත සකසා අවසන්ව ඔවුන්ට අදාළ මුදල් නිකුත් කෙරේ.
98% කට වඩා ප්‍රමාණයකට ව්‍යාපාරික දින 12ක් තුලදී තම බදු ප්‍රතිලාභයේ අවසන් තීන්දුව දැනගැනීමට හැකි වනු ඇත.
ඔබේ වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කිරීමේදී යම් වැරැද්දක් හෝ අතපසුවීමක් හෝ සිදුවුවා නම් නොපමාව එය myTax හරහා හෝ ඔබේ බදු නියෝජිතයා හරහා හෝ නිවැරදි කරන ලෙසද සහකාර කොමසාරිස්වරිය වන Kath Anderson පැවසුවාය.
එසේ නොමැති වුවහොත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔබව අමතන අතර ඔබේ බදු ප්‍රතිලාභය සකසා අවසන් කිරීමට අමතර කාලයක් ද ගතවනු ඇත.
පසුගිය වසරේ එසේ වැරදි සහගත බදු ප්‍රතිලාභ 112,000 ක් පමණ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නිවැරදි කළ බවත් එහි මුළු වටිනාකම ඩොලර් මිලියන 53ක් පමණ වන බවත් ඇය සඳහන් කළාය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

