SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අලුතින් ඉදිකරන නිවාස වල ප්‍රමාණය එන්න එන්නම කුඩා වෙයි, හේතුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australian homes
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය මුල්‍ය වර්ෂය තුළදී ඔස්ට්‍රේලියාවේ ඉදිකළ නිවාස වල ප්‍රමාණය (size) පසුගිය දශක දෙක තුළ ඉදිකළ නිවාස වල ප්‍රමාණය (size) හා සසඳන විට කුඩාම ප්‍රමණයේ නිවාස බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිවාස ක්ෂේත්‍රය පිළිබඳ සැලකීමේදී මෙය ඉතා සුවිශේෂී සිදුවීමක් බව පැවසේ.

Australian homes
Source: AAP

ප්‍රමාණයෙන් කුඩා නිවාස

2017/18 වසරේ අලුතින් ඉදිකළ නිවාසයක සාමාන්‍ය බිම් ප්‍රමාණය වර්ග මීටර් 186.3 ක් බව වාර්තා වේ.

එම අගය නිවාස සහ මහල් නිවාස (apartments) යන දෙයාකාරයේම ආකෘති සඳහා පොදු බවද පැවසේ.

ඒ අනුව 2016/17 වසර හා සසඳන විට 2017/18 වසරේ නිවාස වල ප්‍රමාණය 1.6% කින් කුඩාවී ඇති බව පෙනේ.

1996 වසරේ සිට මේ දක්වා ගත් කළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රමාණයෙන් කුඩා නිවාස ඒ අනුව 2017/18 වසරේ ඉදිවී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

Australian homes
Source: AAP

මහල් නිවාස (apartments) වල ඉහළ යාම සහ ප්‍රමාණය කුඩා වීම.

ප්‍රමාණයෙන් කුඩා නිවාස ඉදිවීමට ප්‍රධානාතම හේතුව වැඩි වශයෙන් මහල් නිවාස (apartments) ඉදිකිරීම බව ආර්ථික විද්‍යාඥ Craig James පැවසීය.

පසුගිය වසරේ අලුතින් ඉදිකළ නිවාස වල මුළු සංඛ්‍යාව සමග ගත් කල 46% ක ප්‍රතිශතයක් මහල් නිවාස බව හෙළිවී තිබේ.

එය මීට වසර 8 කට පෙර පැවතියේ 27% ක් ලෙසිනි.

Australian homes
Source: AAP

ඔස්ට්‍රේලියනුවාසීන් කුඩා නිවාස වල වාසය කිරීමට හුරු වීම.

වසර 2009 දී නිවාස වල මිල ඉහළ යාමත් සමගම ඔස්ට්‍රේලියනුවාසීන් කුඩා නිවාස වල වාසය කිරීමට හුරු වීමට පටන් ගත් බව ආර්ථික විද්‍යාඥ Craig James පැවසීය.

ජීවන වියදම ඉහළ යාමත් සමගම බොහෝ මිනිසුන් සරළව දිවි ගෙවීමට හුරුවූ බව ඔහු පෙන්වා දෙයි.

Australian homes
Source: AAP

ප්‍රමාණයෙන් විශාලතම නිවාස ඇත්තේ කුමන ප්‍රාන්තයේද?

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන කල ප්‍රමාණයෙන් විශාලතම නිවාස ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයේ බව හෙළිවී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවාසයක සාමාන්‍ය ප්‍රමාණය වර්ග මීටර් 244.8 කි.

මෙහි දෙවැනි ස්ථානය ACT හටද තුන්වැනි සහ සිව්වැනි ස්ථාන පිළිවෙලින් බටහිර ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්තය හට හිමිවී ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now