ත්‍රස්ත ක්‍රියා වලට සමබන්ධ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජය යෝජනා කර ඇති නව නීති පාර්ලිමේන්තුව තුළ මේ වසර අවසානයට පෙර සම්මත කරගැනීමට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සහ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton සූදානම් වෙයි.
ඒ අනුව වර්තමානයේ මේ සම්බන්ධ පවතින නීති සංශෝධනය කොට දැඩි නීති ගෙන ඒමට පියවර ගැනෙනු ඇත.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට හැකි වර්තමාන නීති
ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිදුවීමකදී ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජයට හැකියාව ලබා දෙන නව නීති 2015 දී හඳුන්වා දෙනු ලැබීය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට එම පුරවැසිභාවය අහිමිවීමේ ප්‍රධාන ක්‍රම දෙකක් පවතින බව සඳහන්.

01. පැවැත්ම මත පුරවැසිභාවය අහිමි වීම (Conduct-based citizenship deprivation)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ප්‍රකාශ කර තිබෙන යම් කටයුත්තකට සම්බන්ධවී ඇති ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හට ඇතැම් විශේෂ අවස්තාවලදී ඔහුගේ හෝ ඇයගේ පුරවැසිභාවය අහෝසි කළ හැකිය.
මේ ක්‍රමය යටතේ ඔහු හෝ ඇය වැරදිකරුවෙකු බවට ඔප්පු විය යුතුම නැත.
02. දණ්ඩ විනිශ්චය මත පුරවැසිභාවය අහිමි වීම (Conviction-based citizenship deprivation)
ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වී වසර හයකට හෝ ඊට වැඩි කාලයකට සිර දඬුවම් ලද වරදකරුවෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට ස්වදේශ කටයුතු ඇමතිවරයාට බලය පවතී.
ඔස්ට්‍රේලියාව තුළ සිටින පුද්ගලයින්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට දැනට පවතින එකම ක්‍රමය මෙය වේ.

වර්තමාන නීතිය යටතේ ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයින්ගේ පමණක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහිමි කිරීමට මධ්‍යම රජයට හැකියාව පවතියි.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් ලද පුද්ගලයෙකුගේ එම පුරවැසිභාවය අහෝසි කළහොත් ඔහු හෝ ඇය මෙලොව කිසිදු රටක පුරවැසියෙකු නොවන තත්ත්වයකට පත්වීම ඊට හේතුව වේ.
මේ අතර දැනට පවතින නීතියට අනුව ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධව වරදිකරුවන්වූ පුද්ගලයින් 9 දෙනෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පැවසීය.
ඉන් හය දෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටත වාසය කළ පුද්ගලයින් බවද වාර්තා වේ.

යෝජිත නීති වල ඇති වෙනස්කම් මොනවාද?
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් යෝජිත නව නීති යටතේ පුද්ගලයෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පහසුවෙන් අහෝසි කිරීමට ක්‍රම දෙකක් යටතේ හැකියාව පවතී.
01. ද්විත්ව පුරවැසිභාවයේ අවශ්‍යතාව වෙනස් කිරීම
වර්තමාන නීතිය යටතේ ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයින්ගේ පමණක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහිමි කිරීමට මධ්‍යම රජයට හැකියාව පවතියි.
නමුත් යෝජිත නව නීති සම්මත වුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් දරන පුද්ගලයින්ගේ වුවද පුරවැසිභාවය අහෝසි කිරීමට රජයට බලතල ලැබෙයි.
නමුත් මෙහි නීතිමය ගැටළු කිහිපයක් පවතින බව ප්‍රවීණයින් පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
විශේෂයෙන්ම, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් දරන පුද්ගලයෙකුගේ පුරවැසිභාවය අහෝසි කළහොත් එම පුද්ගලයා කිසිදු රටක පුරවැසිභාවයක් රහිත පුද්ගලයෙකු බවට පත්වෙයි.
පුරවැසිභාවය නොමැතිවීමේ හානිය අවම කිරීමේ සම්මුතිය ලෙස දැක්වෙන 1961, 8 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් මෙයින් සිදුවන බව සඳහන්.
එසේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් දරන පුද්ගලයෙකුගේ පුරවැසිභාවය අහෝසි කළහොත් එම පුද්ගලයාට කිසිදු රටක පුරවැසිභාවයක් නොමැතිවීම හේතුවෙන් රැඳවුම් මධ්‍යස්ථානයක අසීමාන්තිකව රඳවා තබා ගැනීමට සිදුවනු ඇත.
ඒ අනුව මෙය ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථා අර්බුදයක් නංවන තත්ත්වයක් බවටද පත්විය හැකිය.
කෙසේවෙතත්, තවමත් ඒ පිළිබඳ පැහැදලි සවිස්තරාත්මක තොරතුරු ලැබී නොමැති බවද වාර්තා වේ.

02. දණ්ඩ විනිශ්චය මත පුරවැසිභාවය අහිමි කිරීමේ සිරදඬුවම් කාලය සංශෝධනය කිරීම
වර්තමානය නීතියට අනුව ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වී වසර හයකට හෝ ඊට වැඩි කාලයකට සිර දඬුවම් ලද වරදකරුවෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට ස්වදේශ කටයුතු ඇමතිවරයාට බලය පවතී.
නමුත් යෝජිත නව නීති සම්මත වුවහොත් සිර දඬුවම් කාලය සැලකිල්ලට නොගෙන අදාළ වරදකරුවාගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට ස්වදේශ කටයුතු ඇමතිවරයාට බලය ලබා දෙයි.
ඊට අමතරව ඇමතිවරයාට එසේ බලය ඇත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැනට ලැයිස්තුගත කර ඇති වරදවල් වලට හසුවූ පුද්ගලයින්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට පමණි.
නමුත් මේ යෝජිත නව නීති යටතේ එම ලැයිස්තුව සංශෝධනය කිරීමට හෝ එයට අලුතින් තවත් කරුණු එක් කිරීමට හෝ රජය අපේක්ෂා කරනවාද යන්න තවමත් අපැහැදිලිය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

