ආර්ථික වශයෙන් දැරිය හැකි මට්ටමේ නිවාස නියමු ව්‍යාපෘතියකට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අත ගසයි. (SBS සිංහල/වාර්තා)

social housing in Victoria

Source: AAP

ආර්ථික වශයෙන් දැරිය හැකි මට්ටමේ නිවාස වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ලබා දීමේ අරමුණින් ආරම්භ කිරීමට සූදානම් වන වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයට අයත් ඉඩම් කිහිපයක මේ නිවාස නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් බව ප්‍රාන්ත රජය දැනුම් දී ඇතැයි Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

social housing in Victoria
Source: AAP

ආර්ථික වශයෙන් දැරිය හැකි මට්ටමේ නිවාස

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ නිවාස මිල සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග ඒවායේ මිල ඉතා ශීග්‍රව පසුගිය සමයේදී ඉහළ නගින්නට විය.

මේ හේතුවෙන් බොහෝ සාමාන්‍ය පුද්ගලයින්ට එම නිවාස මිල දැරිය නොහැකි තත්ත්වයට පත් විය.

මේ තත්ත්වය සමනය කරමින් නිවාස අර්බුදයට ප්‍රයෝගික විසඳුමක් ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් මෙම ආර්ථික වශයෙන් දැරිය හැකි මට්ටමේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කරන ලදී.

ඒ හරහා නිවාස ඉදිකිරීම් සමාගම් වෙත මෙන්ම මහජනතාවටද මේ පිළිබඳ පණිවිඩයක් දීමට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

Social housing in Victoria
Social housing in Victoria Source: AAP

නියමු ව්‍යාපෘතිය

වික්ටෝරියානු ප්‍රාන්තයේ Boronia, Broadmeadows, Parkville, Wodonga, Noble Park සහ Reservoir යන ප්‍රදේශ වල මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

ඒ සියලු බිම් වල අවම වශයෙන් නිවාස 100 ක් හෝ ඉදිකිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

මේ සඳහා Defence Housing Australia, Intrapac Property, Investec Australia, Lendlease Retirement Living, MAB Corporation, Metricon Homes සහ The Barnett Foundation යන ඉදිකිරීම් සමාගම් 7 තෝරාගෙන තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now