ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මැතිවරණය එළඹෙන නොවැම්බර් 24 වන දින පැවැත්වීමට නියමිතය.
වික්ටෝරියානු වාසී වයස අවුරුදු 18 ට වඩා වැඩි සෑම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුම මැතිවරණයේ ඡන්ද දායකයෙකු ලෙස ලියා පදිංචි විය යුතුය.
ඔස්ට්‍රේලියානු සම්මත දිවා වේලාවෙන් නොවැම්බර් 24 වන දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඔබේ ඡන්දය භාවිතා කළ හැකිය.
ඔබේ ඡන්දය භාවිතා කළ හැකි තවත් ක්‍රම තිබෙන අතර ඒවා පහත පරිදි වේ.

ඡන්දය භාවිතා කළ හැකි ක්‍රම
- Early voting හෙවත් වේලාසන ඡන්දය භාවිතා කිරීම.
- Vote by post හෙවත් තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම.
- Vote on Election Day හෙවත් මැතිවරණ දිනයේම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිතා කිරීම.

Early voting හෙවත් වේලාසන ඡන්දය භාවිතා කිරීම.
මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා Early voting හෙවත් වේලාසන ඡන්දය භාවිතා කිරීම නොවැම්බර් 23 වන දින පස්වරු 6 න් අවසන් වේ.
වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට පිහිටුවා ඇති ඕනෑම වේලාසන ඡන්දය භාවිත කළ හැකි මධ්‍යස්ථානයකදී (early voting centre) නොවැම්බර් 23 වන දින පස්වරු 6 ට පෙර ඔබේ ඡන්දය භාවිතා කළ හැකිය.
එම මධ්‍යස්ථාන පහත දින වල පහත වේලාවන් හිදී විවෘතව පවතී.
- නොවැම්බර් 19 සිට 21 දක්වා - 8.30 am – 6.00 pm
- නොවැම්බර් 22 බ්‍රහස්පතින්දා - 8.30 am – 8.00 pm
- නොවැම්බර් 23 සිකුරාදා - 8.30 am – 6.00 pm
එමෙන්ම ඔබට මෙම වෙබ් යොමුවෙන් ඔබට සමීපතම වේලාසන ඡන්දය භාවිත කළ හැකි මධ්‍යස්ථානය සොයා ගත හැකිය.

ඉතිහාසයේ ඉහළම වේලාසන ඡන්දය භාවිතය මෙවර
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ වේලාසන ඡන්දය භාවිතා කිරීමේ ඉහළම ප්‍රතිශතය මෙවර වාර්තා වනු ඇතැයි වික්ටෝරියානු මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.
මුළු ඡන්ද එකතුවෙන් 50% ක පමණ ප්‍රතිශතයක් මෙවර වේලාසන ඡන්දය භාවිතා කරනු ඇතැයි ඔවුන් අනුමාන කරන බව The Age පුවත්පත වාර්තා කරයි.

Vote by post හෙවත් තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම
මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම නොවැම්බර් 21 වන දින පස්වරු 6 ට අවසන් වේ.
කෙසේවෙතත්, ඔබ තැපැල් කරන ඡන්දය නොවැම්බර් 30 වන දින පස්වරු 6 ට පෙර වික්ටෝරියානු මැතිවරණ කොමිසමට ලැබිය යුතු වේ.

මැතිවරණ දිනයේම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිතා කිරීම.
ඉහත සඳහන් විකල්ප දෙකම ඔබට භාවිත කළ නොහැකිනම් සාම්ප්‍රදායිකව මැතිවරණ දිනයේම ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඔබේ ඡන්දය භාවිතා කළ හැකිය.
ඔස්ට්‍රේලියානු සම්මත දිවා වේලාවෙන් නොවැම්බර් 24 වන දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ඔබට මේ අනුව ඡන්දය භාවිතා කළ හැකිය.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ
මැතිවරණ දිනයේ ඔබ වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ඔබේ දිස්ත්‍රික්කයෙන් පිටත සිටීමට සිදුවන නමුත් ඔබට ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඔබේ ඡන්දය භාවිතා කළ හැකිය.
එහිදී ඔබට අදාළ ඡන්ද පෝරමය තෝරාදෙන තෙක් ඔබට පෝලිමේ රැදී සිටීමට සිදුවේ.

වෙනත් ප්‍රාන්තයක සිටී නම්.
ඔබ ඡන්ද දායකයෙකු ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ ලියා පදිංචිවී, නමුත් ඔබ වෙනත් ප්‍රාන්තයක වාසය කළද, සංචාරයක නිරත වූවද ඔබ අනිවාර්යෙන් ඡන්දය භාවිතා කළ යුතු වේ.
එසේ නොමැතිවුවහොත් ඔබට දඩ මුදලක් ගෙවීමට සිදුවේ.
ලියාපදිංචි වූ වික්ටෝරියානු ඡන්ද දායකින්ට තමන්ගේ ඡන්දය තැපැල් මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැකිය.
මේ සඳහා අවශ්‍ය වැඩි විස්තර ඔබට වික්ටෝරියානු මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
එමෙන්ම ඔබ එදිනට සිටින ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණ කොමිසමට ගොස් ඔබේ ඡන්දය වේලාසනින් භාවිත කිරීමටද ඔබට හැකියාව පවතී.
අන්තර් ප්‍රාන්ත හා විදේශ ඡන්ද මධ්‍යස්ථාන නොවැම්බර් 24 වන දින විවෘතව නොපවතින බව The Age පුවත්පත පවසයි.

විදෙස් රටක සිටී නම්.
මෙවර ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන සමයේ ඔබ විදෙස් රටක සිටියද ඔබට ඡන්දය භාවිතා කිරීමට හැකියාව පවතී.
ඔබ සිටින රටෙහි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත හෝ කොන්සල් කාර්යාලය වෙත හෝ තානාපති කාර්යාලය වෙත හෝ ගොස් ඔබට ඔබේ ඡන්දය භාවිතා කළ හැකිය.
ඔබට ඔබේ ඡන්දය වේලාසනින් භාවිතා කිරීමට එම මධ්‍යස්ථාන වලදී හැකියාව ලැබෙන අතර ඒ සියලු ඡන්දය ප්‍රකාශ කිරීම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් නොවැම්බර් 23 පස්වරු 6 ට අවසන් වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

