මෙලොව වාසය කිරීමට සහ රැකියාව කිරීමට වඩාත් සුදුසු මෙන්ම වැටුප වර්ධනය කරගැනීමට හැකි රටවල 2018 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනා ගැනීමට සිංගප්පූරුව සමත්ව සිටියි.
HSBC annual Expat Explorer වාර්තාවට අනුව මෙලොව වාසය කිරීමට සහ රැකියාව කිරීමට වඩාත් සුදුසු රටවල් අතරින් සිංගප්පූරුව මෙවර පළමුවැනි ස්ථානයට පත්ව ඇත්තේ නොකඩවා සිව්වන වරටය.

Expatriate හෙවත් ප්‍රවාසිකයින්
Expatriate හෙවත් ප්‍රවාසිකයින් යනු තමන් උපන් රටින් පිටත වාසය කරන පුද්ගලයින්ට වෙයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ලොව පුරා සිටින ප්‍රවාසිකයින් සම්බන්ධව The Expat Insider survey සහ HSBC Expat Explorer survey යනුවෙන් ලෝකයේ ප්‍රධානතම සමීක්ෂණ දෙකක් වාර්ෂිකව ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කෙරෙන අතර ජීවන වියදම, වැටුප, වැටුප් වර්ධනය, පාරිසරික තත්ත්ව, ජීවත්වීමට සුදුසු වාතාවරණය වැනි කරුණු ප්‍රධාන වේ.

2018 HSBC Expat Explorer ශ්‍රේණිගත කිරීම.
01. සිංගප්පූරුව
02. නවසීලන්තය
03 ජර්මනිය
04. කැනඩාව
05. බහරේන්
06. ඔස්ට්‍රේලියාව
07. ස්වීඩනය
08. ස්විට්සර්ලන්තය
09. තායිවානය
10. එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ඔස්ට්‍රේලියාවේ තත්ත්වය
2018 HSBC Expat Explorer ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවට 06 වන ස්ථානය හිමව ඇති නමුත් පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව 05 වන ස්ථානයේ පසුවිය.
නමුත් මෙවර ඔස්ට්‍රේලියාවට පහළින් ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව හා ජපානය තිබීමද සුවිශේෂී සිදුවීමකි.
සාමන්‍ය කතා බහට අනුව ලොව හොඳම වැටුප් ගෙවන රටවල් ලෙස ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව සහ හොං කොං රාජ්‍යය හැඳින්වේ.
ස්විට්සර්ලන්තයේ සාමන්‍ය වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 61,000 ක් ලෙස සැලකේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රවාසිකයින් ලෙස වාසය කරන බහුතරය එක්සත් රාජධානියෙන් පැමිණි පුද්ගලයින්ය.
ඊට අමතරව අනෙකුත් යුරෝපානු රටවල්, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, චීනය සහ ඇමෙරිකාව වැනි රටවලින් පැමිණි පුද්ගලයින්ද ඔස්ට්‍රේලියාවේ බහුලව වාසය කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

