නොවැම්බර් 12 සිට 18 දක්වා වූ සතිය ඔස්ට්‍රේලියාවේ "ජාතික ප්‍රතිචක්‍රීකරණ සතිය" ලෙස හැඳින්වෙයි.
ඒ අනුව මෙම සතියේදී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම සහ එයින් පරිසරයට මෙන්ම මානවයින්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ.
ඔබ විසින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය වලින් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකි සහ නොහැකි ද්‍රව්‍ය පිළිබඳ බොහෝ දෙනා තවමත් හරිහැටි නොදන්නා බව කසළ කළමනාකරණ විශේෂඥයින් පවසයි.
ප්‍රතිචක්‍රීකරණය නොකළ යුතු ද්‍රව්‍ය, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සමග මිශ්‍ර නොකරන ලෙසට Central Queensland විශ්ව විද්‍යාලයේ පරිසර අංශයේ පර්යේෂිකා උපමාලි පීරිස්, SBS සිංහල සේවයට පැවසුවාය.
ඊට හේතු සාධක උපමාලි පැවසුවේ මේ අයුරිනි.

ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකි ද්‍රව්‍ය
- කඩදාසි (කාර්යාල ලිපි, සඟරා, පුවත්පත්, වෙනත් ලිපි)
- කාඩ්බෝඩ්
- කොළ සහ දුඹුරු පැහැති මෙන්ම විනිවිද භාවයෙන් යුත් වීදුරු බෝතල් හා බඳුන්
- පළතුරු යුෂ සහ කිරි අසුරන (cartons)
- ප්‍රතිචක්‍රීකරණය කිරීමට සලකුණු කරන ලද සියලුම ප්ලාස්ටික් බෝතල් සහ පෙට්ටි (පියන් රහිතව)
- ටින් වර්ග
- ඇලුමිනියම් කෑන්
- හිස් aerosol ඇසුරුම්

ප්‍රතිචක්‍රීකරණය සඳහා යම් ද්‍රව්‍යයක් ඔබ ප්‍රතිචක්‍රීකරණය කසළ බඳුනට දැමීමට පෙර එය පිරිසිදු කළ යුතු බව ඔබ දන්නවාද?
Central Queensland විශ්ව විද්‍යාලයේ පරිසර අංශයේ පර්යේෂිකා උපමාලි පීරිස් ඒ පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි.

ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි ද්‍රව්‍ය
- ප්ලාස්ටික් බෑග්
- බැහැර කරන නැපි වර්ග
- තණකොළ සහ ගෙවතු අපද්‍රව්‍ය
- Polystyrene භාණ්ඩ
- සිරින්ජර හෝ අනෙකුත් වෛද්‍ය අපද්‍රව්‍ය
- සත්ත්ව මළකුණු
- තෙල්
- සෙරමික්
- විදුලි බුබුළු

පහත ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන අයුරු ඔබ දන්නවාද?
බැටරි වර්ග
ලෙඩ් අම්ල බැටරි වලින් 98% ක්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාව පවතින නමුත් ඒවා නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් අවදානම් තත්ත්ව ඇතිවිය හැකි බව www.netwaste.org.au වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඔබේ නගර සභාවෙන් ලබා ගැනීමට හැකිය.
එමෙන්ම Recycle My Battery වෙබ් අඩවියෙන් ද ඔබට ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
ජංගම දුරකථන
ලැබෙන දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණයට බඳුන් කරන ජංගම දුරකථන සංඛ්‍යාව 3% ක් පමණි.
ජංගම දුරකථන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ස්ථාන ගණනාවක් ඔස්ට්‍රෙලියාවේ ඇති අතර සුපිරි වෙළෙඳ සල් ඒවායින් ප්‍රධාන තැනක් ගනී.
ඒ පිළිබඳ වැඩි විස්තර ඔබේ නගර සභාවෙන් ලබා ගැනීමට හැකිය.
Printer Cartridges
ඔබේ හිස්වූ laser හෝ inkjet cartridges, Australia Post, Officeworks, The Good Guys සහ Harvey Norman වැනි ආයතන වෙත බාරදිය හැකිය.

ඉවතලන ලෝහ
ඉවතලන ලෝහ වර්ග ප්‍රතිචක්‍රීකරණය හැකි ද්‍රව්‍යක් ලෙස සැලකේ.
ඒවා එකතුකර ඔබේ නගර සභාවට බාර දිය හැකිය.
ඇඳුම්
පරණ ඇඳුම්, ඇඳ ඇතිරිලි වැනි රෙදිපිළි හොඳ තත්ත්වයේ ඇතිනම් ඔබේ ප්‍රදේශයේ ඇති පුණ්‍යායතන වෙත බාරදිය හැකිය.
එසේ නොමැතිනම් දුම්රිය ස්ථාන රථ ගාල් හා පොදු ස්ථාන වල ඒවා එකතු කරන විශේෂ බහලුම් වලට ඔබට ඒවා දැමිය හැකිය.
Electronic Items (E-Waste)
බැහැර දමන පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිසිවිටෙකත් ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසළ බඳුනට නොදමන්න.
ඒවා බාරදිය යුත්තේ කිනම් ස්ථානයකටද යන්න දැනගැනීමට ඔබේ නගර සභාව අමතන්න.
නිවෙසේ භාවිතා කළ රසායන ද්‍රව්‍ය
ගෑස් සිලින්ඩර. තීන්ත බාල්දි, ටියුබ් ලයිට්, කෘමි නාශක සහ නිවෙසේ භාවිතා කළ අනෙකුත් රසායන ද්‍රව්‍ය ද ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසළ බඳුනට නොදමන්න.
ඒවා බැහැර කළ යුත්තේ කිනම් ස්ථානයකටද යන්න දැනගැනීමට ඔබේ නගර සභාව අමතන්න.
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

