එළඹෙන නොවැම්බර් 11 වන දින පෙරවරු 11 ට සමස්ත ඔස්ට්‍රේලියාවම මිනිත්තුවක් නිහඬව සිට යුද්ධයෙන් මිය ගිය විරුවන් අනුස්මරණය කිරීමට සූදානම් වෙයි.
පළමු ලෝක යුද්ධය නිමවීමත් සමග අනුස්මරණය කිරීම සඳහා වෙන්වුණු Remembrance Day හෙවත් විරුවන් සිහි කිරීමේ දිනයෙහි 100 වන සංවත්සරය මෙවර යෙදී තිබීම තවත් සුවිශේෂී සිදුවීමකි.

Remembrance Day
2018 වසරේ නොවැම්බර් 11 වන සමරනු ලබන්නේ 100 වන Remembrance Day හෙවත් 100 වන විරුවන් සිහි කිරීමේ දිනය වේ.
1918 නොවැම්බර් 18 වන දින පළමු ලෝක යුද්ධය නිම කරන බවට ජර්මනිය විසින් සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීම සිදු කිරීමත් සමග එදින පෙරවරු 11 ට බටහිර යුධ පෙරමුණේ වෙඩි හඬ නිහඬ විය.
මේ හේතුවෙන් Remembrance Day මුල් කාලයේ Armistice Day හෙවත් සටන් විරාම දිනය ලෙසද හැඳින්විය.

62,000 ක් ඔස්ට්‍රේලියානුවන් දිවි පුදයි.
පළමු ලෝක යුද්ධය නිමාවට පත්වුයේ මිලියන ගණනකගේ ජීවිත අහිමි කරවමිනි.
ඒ අතරට ඔස්ට්‍රේලියනුවන් 62,000 කගේ ජීවිතද ඇති බව වාර්තා වේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
පළමු ලෝක යුද්ධය ඇතුළුව අනෙකුත් යුද්ධ වලදී මිය ගිය සියලුම ඔස්ට්‍රේලියානු විරුවන් සිහි කරමින් එළඹෙන නොවැම්බර් 11 දින සමස්ත ඔස්ට්‍රේලියානුවාසීන්ම Remembrance Day හෙවත් විරුවන් සිහි කිරීමේ දිනය අනුස්මරණය කිරීමට සූදානම් වෙයි.
මෙම සැමරුම් වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර පිහිටි "යුධ අනුස්මරණ ස්මාරකය" අභියස සිදු වනු ඇත.

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා එක් එක් ප්‍රාන්ත හා ටෙරටරි වල විරුවන් සිහි කිරීමේ දිනය නොවැම්බර් 11 වන දින පහත ස්ථාන වලදී සිදු කෙරේ.
- Australian Capital Territory - කැන්බරා "යුධ අනුස්මරණ ස්මාරකය" (ජාතික උත්සවය)
- නිව් සවුත් වේල්ස් - සිඩ්නි Anzac යුධ අනුස්මරණ ස්මාරකය
- වික්ටෝරියා - මෙල්බර්න් Shrine of Remembrance
- Northern Territory - ඩාවින් Cenotaph
- ක්වීන්ස්ලන්තය - බ්‍රිස්බන් Anzac චතුරශ්‍ර යුධ අනුස්මරණ ස්මාරකය
- දකුණු ඔස්ට්‍රේලියාව - ඇඩිලේඩ්, දකුණු ඕස්ට්‍රේලියා ජාතික යුධ අනුස්මරණ ස්මාරකය
- ටස්මේනියාව - හෝබාර්ට් යුධ අනුස්මරණ ස්මාරකය
- බටහිර ඔස්ට්‍රේලියාව - පර්ත් යුධ අනුස්මරණ ස්මාරකය

පළමු විරුවන් සිහි කිරීමේ දිනය
ලොව පළමු Remembrance Day හෙවත් විරුවන් සිහි කිරීමේ දිනය 1919 නොවැම්බර් 11 වන දින පැවැත්වුණු අතර එවකට එය හැඳින්වුයේ Armistice Day හෙවත් සටන් විරාම දිනය ලෙසය.
පළමු ලෝක යුද්ධය නිමාව උදෙසා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට එවකට ලන්ඩන් නුවර සිටි ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකු වූ Edward Honey යෝජනා කළේය.
ඒ අනුව සියලුම පොදු රාජ්‍ය මණ්ඩලීය රට වලට මෙම සටන් විරාම දිනයේ දී මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසට පස්වන ජෝර්ජ් රජු විසින් නියෝග කරන ලදී.
නමුත් 1920 දී මෙම සටන් විරාම දිනය යුද්ධයෙන් මිය ගිය විරුවන් සිහි කිරීමේ මූලික අරමුණ ඇතිව ක්‍රියාත්මක වන්නට විය.
1920 වසරේ ලන්ඩන් නුවරදී "නාඳුනන විරුවාගේ" පළමු අනුස්මරණය සිදුවිය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මෙම Armistice Day හෙවත් සටන් විරාම දිනය, Remembrance Day හෙවත් විරුවන් සිහි කිරීමේ දිනය ලෙස වෙනස් විය.

මිනිත්තුවක නිහැඬියාව
යුද්ධයේදී මිය ගිය සියලුම රණ විරුවන් සිහි කිරීම උදෙසා නොවැම්බර් 11 වන දින මිනිත්තුවක නිහැඬියාවක් පවත්වන ලෙස ඔස්ට්‍රේලියානුවාසීන් හට 1997 දී ආණ්ඩුකාරවරයා නියම කළේය.
ඒ අනුව පළමු ලෝක යුද්ධයේ සිට මේ දක්වා සෑම වසරකම මිය ගිය ඔස්ට්‍රේලියානු විරුවන් මෙම Remembrance Day හෙවත් විරුවන් සිහි කිරීමේ දිනයෙහි අනුස්මරණය කෙරේ.
ලක්ෂ ගණනකගේ මරණයන් සමග රුධිරය පොළොව මත පතිත වීම වර්තමානයේ පොපි මල් ආශ්‍රයෙන් සැමරීමක්ද ලොව පුරා සිදු කෙරේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

