ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජීවත් වන මිලියන ගණනක ජනතාවට ඉහළ ජීවන වියදමකට මුහුණ දීමට සිදුවී ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දේ.
මේ අතර මෙල්බර්න් නගරයෙන් පිටත පිහිටි නගර වල වෙසෙන මිලියන 1.4 ක ජනතාවක්, සිඩ්නි හා බ්‍රිස්බන් නගරවල මිලියනයක් බැගින්වූ ජනතාවක් සහ ඇඩිලේඩ් හා පර්ත් නගර වල ලක්ෂ ගණනක ජනතාවක් ප්‍රමිතියෙන් උසස් පොදු ප්‍රවාහන සේවාවන් අත් නොවිදින බව Infrastructure Australia ආයතනය පවසන බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ හේතුවෙන් එම ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බවද සඳහන්.
එම ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට වඩා හොඳ රැකියා සඳහා මෙන්ම වඩා හොඳ අධ්‍යාපනයක් ලැබීම උදෙසා බොහෝ දුරක් ගමන් කිරීමට සිදුවන අතර පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක භාවය අවම වීම නිසා ඒ සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදුවන බව වාර්තා වේ.

සිඩ්නි කලාපය
Gosford වැනි නගර ඇතුළුව සිඩ්නි නගරයෙන් පිටත පිහිටි නගර වල පොදු ප්‍රවාහන සේවාවන් වල ගැටළු පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
Parramatta, Bankstown වැනි නගර වලින් පිටතට ඇති නගර වල මේ තත්ත්වය උද්ගතවී ඇති බව සඳහන්.

මෙල්බර්න් කලාපය
මෙල්බර්න් නගරයෙන් පිටත පිහිටි නගර වල වෙසෙන සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 2.3 ක් පමණ වෙයි.
ඒ අතරින් 900,000 කට වැනි ප්‍රමාණයකට පොදු ප්‍රවාහන සේවාවන් වල ගැටළුවක් නොමැති බව වාර්තා වේ.
Ringwood, Dandenong, Sandringham, Essendon හා මෙල්බර්න් ගුවන් තොටුපොළට එපිටින් පවතින ප්‍රදේශ සඳහා පොදු ප්‍රවාහන සේවාවල ගැටළු ඇති බව පැවසේ.

බ්‍රිස්බන් කලාපය
Redcliffe, Ipswich, Beenleigh යන නගර වල සිට ඊට ඔබ්බට ඇති නගර වල වෙසෙන ජනතාවට පොදු ප්‍රවාහන සේවා වල ගැටළු ඇති බව වාර්තා වේ.

ඇඩිලේඩ් කලාපය
Brighton, Port Adelaide, Salisbury වැනි නගර වලින් එපිටට ඇති නගරවාසීන් සඳහා සැලකිය යුතු පොදු ප්‍රවාහන ගැටළුවක් පවතියි.

පර්ත් කලාපය
Armadale, Sorrento, Beechboro යන නගර වල සිට ඊට ඔබ්බට ඇති නගර වල වෙසෙන ජනතාවට පොදු ප්‍රවාහන සේවා වල ගැටළු ඇති බව සඳහන්.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

