2018 වසරේ දෙවැනි කාර්තුවේදී ශක්තිමත්ම ආර්ථිකය හිමි ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය කිරුළු පළඳින්නට සමත්වී ඇත.
ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හා ටෙරටරි වල ආර්ථිකය පිළිබඳ සිදු කරන CommSec විමර්ශනයේ නවතම වාර්තාව පසුගිය සතියේ එළිදක්වමින් මෙම තොරතුරු අනාවරණය විය.
ඔස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය හිමි ප්‍රාන්තය ලෙස කිහිප වතාවක්ම කිරුළු පැළඳි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙවර දෙවැනි ස්ථානයට පත් කරමින් වික්ටෝරියානු ප්‍රාන්තය මෙවර පළමු තැනට පත්වී තිබේ.
ජනගහන වර්ධන වේගය සමග විරැකියා අනුපාතය පහළම අගයක පවත්වාගැනීම, සේවායෝජකත්වයේ වර්ධනය, ඉදිකිරීම් කටයුතු වල වර්ධනය වැනි ක්ෂේත්‍ර හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය අන් ප්‍රාන්ත හා ටෙරටරි වලට වඩා ඉදිරියෙන් සිටින බව CommSec හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Craig James පැවසුවේය.

ඒ අනුව මෙම දර්ශකයේ එක් එක් ප්‍රාන්ත හා ටෙරටරි ලැබූ ස්ථාන පහත පරිදි වේ.
01. වික්ටෝරියා
02. නිව් සවුත් වේල්ස්
03. ACT
04. ටස්මේනියා
05. දකුණු ඔස්ට්‍රේලියාව
06. ක්වීන්ස්ලන්තය
07. NORTHERN TERRITORY
08. බටහිර ඔස්ට්‍රේලියාව

01. වික්ටෝරියා
විරැකියා අනුපාතය කැපී පෙනෙන ලෙස පහළ මට්ටමක පවතියි.
ඉදිකිරීම් කටයුතු වල කැපී පෙනෙන වර්ධනයක් ඇත.
සමස්ත ඔස්ට්‍රේලියාවේම ශක්තිමත්ම රැකියා වෙළෙඳ පොළ පැවැත්වීම.
02. නිව් සවුත් වේල්ස්
නිවාස ඉදිකිරීම් අතින් ප්‍රමුඛත්වය ගැනීම.
ගෘහස්ථ භාණ්ඩ මිලදී ගැනීම් අතින් ප්‍රමුඛත්වය ගැනීම.
විරැකියා අනුපාතය පහළ මට්ටමක පැවතීම.
රැකියා සුරක්ෂිතතාව ඉහළ යාම.
යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.
03. ACT
නිවාස සඳහා මුල්‍ය පහසුකම් ලබා දීම අතින් ACT ඉදිරියෙන්ම සිටියි.

04. ටස්මේනියා
ජනගහන වර්ධනය අතින් ටස්මේනියාව මෙවර කැපී පෙනෙන ප්‍රාන්තයක් වී ඇත.
නිවාස සඳහා මුල්‍ය පහසුකම් සැලසීම අතින් දෙවැනි තැනට පත්ව තිබේ.
05. දකුණු ඔස්ට්‍රේලියාව
පසුගිය වර 6 වන ස්ථානයේ පසුවූ දකුණු ඔස්ට්‍රේලියාව මෙවර 5 වන ස්ථානයට පැමිණ තිබේ.
පසුගිය 6 වසර තුළ දකුණු ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ පහළම විරැකියා අනුපාතය පසුගිය කාර්තුවේදී වාර්තා විය.
06. ක්වීන්ස්ලන්තය
05 වන ස්ථානයේ සිටි ක්වීන්ස්ලන්තය මෙවර 06 වන ස්ථානයට පත්ව තිබේ.
විරැකියා අනුපාතය සහ ඉදිකිරීම් වල පසුබැස්ම මීට හේතු වී ඇත.

07. NORTHERN TERRITORY
නිෂ්පාදන අවධියේ සිට අපනයන අවධිය දක්වා තම නිෂ්පාදන පත් කිරීමේ අපහසුතාවෙන් තවමත් NORTHERN TERRITORY පෙළෙයි.
08. බටහිර ඔස්ට්‍රේලියාව
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි අතරින් දුර්වලම රැකියා වෙළෙඳ පොළ ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේය.
එමෙන්ම ඉදිකිරීම් කටයුතු සහ ආර්ථික වර්ධනය අතින්ද බටහිර ඔස්ට්‍රේලියාව පහළම මට්ටමේ පවතී.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

