ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ත ඔස්ට්‍රේලියාවේම ගොඩනැගිලි සිතියම්ගත කරයි. (SBS සිංහල/වාර්තා)

All of Australia’s 15.2 million buildings have been mapped

Source: Flickr

ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ත ඔස්ට්‍රේලියාවේම පිහිටි වර්ග මීටර් 9 ට වඩා විශාල ගොඩනැගිලි සියල්ලම සිතියම් ගත කර තිබේ.

PSMA Australia නැමති සමාගම විසින් මේ කටයුත්ත සිදු කර ඇති අතර ඔවුන් පවසන පරිදි සමස්ත ඔස්ට්‍රේලියවේම පිහිටි වර්ග මීටර් 9 ට වඩා විශාල ගොඩනැගිලි 15,243,669 ක් පිහිටා තිබේ.

මෙම සිතියම් ගත කිරීමේදී ගොඩනැගිලි පමණක් නොව ගස් පවා සිතියම් ගත කළ බව PSMA Australia පවසයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වශයෙන් වෙන වෙනම මෙම සිතියම්ගත කළ බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සැලකුණද එහි එතරම් උසැති ගොඩනැගිලි දක්නට නොලැබුණු බවත් ජනගහනය ඉහළ ප්‍රාන්ත වල උසැති ගොඩනැගිලි බහුලව දක්නට හැකිවූ බවත් PSMA Australia හි ප්‍රධාන විධායක Dan Paull, Domain වෙබ් අඩවියට පැවසීය.

Melbourne se prepara para construir la torre más alta de Australia.
Melbourne se prepara para construir la torre más alta de Australia. Source: Wikipedia

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ඔස්ට්‍රේලියාවේ ජනගහනය අතින් විශාලතම ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වුවද ගොඩනැගිලි ප්‍රමාණය අතින් එය විශාල නොවෙයි.

ඔස්ට්‍රේලියානු  ජනගහනයෙන් 31.7% ක් වාසය කරන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වුවද එහි ගොඩනැගිලි ප්‍රතිශතය 27.8% කි.

වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ දෙවැනි උසම ගොඩනැගිල්ල වන Eureka tower වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ පිහිටා ඇත.

එමෙන්ම ප්‍රමාණය අතින් ගත් කළ ඔස්ට්‍රේලියාවේ විශාලතම ගොඩනැගිල්ල ලෙස මෙල්බර්න් ගුවන් තොටුපොළ සැලකේ.

All of Australia’s 15.2 million buildings have been mapped
Eureka Tower Source: Wikipedia

බටහිර ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියානු  භූමියෙන් 33% ක් ආවරණය කරන්නේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වුවද එහි ගොඩනැගිලි ප්‍රතිශතය 11.8% කි.

ක්වීන්ස්ලන්තය

ඔස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල වන් Q1 ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල වර්ග මීටර් 9 ට වඩා විශාල ගොඩනැගිලි 9290 ක් ඇති බව මෙම සිතියම් ගත කිරීමට හසුවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසදන විට ක්වීන්ස්ලන්තයේ නාගාරික ප්‍රදේශ වල වැඩිම සංඛ්‍යාවක පිහිණුම් තටාක පිහිටා ඇති බවත් එම ප්‍රමාණය 406,366 බවත් සඳහන්.

All of Australia’s 15.2 million buildings have been mapped
Q1 Building Source: Wikipedia

Australian Capital Territory

Australian Capital Territory ට අයත් ගොඩනැගිලි වලින් 99% ක් ම පිහිටා ඇත්තේ නාගරික ප්‍රදේශවලය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ උසින් අඩුම ගොඩනැගිල්ල ලෙස හැඳින්වෙන Lovett tower (මීටර් 89) පිහිටා ඇත්තේද Australian Capital Territory හිය.

Northern Territory

Northern Territory ජනගහනයට සාපේක්ෂව මෙහි ඇති ගොඩනැගිලි ප්‍රමාණය ඉහළ වේ.

සිතියම් ගත කිරීමට හසුවුණු ගොඩනැගිලි ප්‍රමාණය 137,884 කි.

All of Australia’s 15.2 million buildings have been mapped
Source: Flickr

ටස්මේනියා

ටස්මේනියා ප්‍රාන්තයේ ඇති ගොඩනැගිලි බොහොමයක් ප්‍රාදේශීය කලාප වල පිහිටා ඇත.

දකුණු ඔස්ට්‍රේලියාව

දකුණු ඔස්ට්‍රේලියාවේ ජනගහනයට වඩා එහි ඇති ගොඩනැගිලි ප්‍රමාණය ඉහළ වේ.

සමස්ත ඔස්ට්‍රේලියවේ ජනගහනයෙන් 6.9% ක් දකුණු ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන අතර එහි ගොඩනැගිලි ප්‍රතිශතය 9% කි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now