Annual Tax return එක යොමු කිරීමට තිබූ අවසන් දිනය නිමවීමත් සමග ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසූ අලුත්ම කතාව. (SBS සිංහල/වාර්තා)

Annual Tax return

Source: Getty Images

ඉතිහාසයේ අන් කෙදිනකටත් වඩා මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන් විසින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට ගෙවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය අති විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය මුල්‍ය වර්ෂය වන විට එම හිඟ බදු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 24 ක් පමණ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Annual Tax return
Source: SBS

හිඟ බදු මුදල්

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට අය විය යුතු මුළු හිඟ බදු මුදල් ප්‍රමාණය වන ඩොලර් බිලියන 24 න් ඩොලර් බිලියන 10 ක ප්‍රමාණයකට බදු ගෙවන්නන් විසින් විරෝධය පෑමක් හෝ ඇපැලක් ඉදිරිපත් කර ඈති බව සඳහන්.

ලුහු බැඳ යාම ආර්ථික වශයෙන් අවාසි ගෙන දෙන ඩොලර් බිලියන 1.1 ක්ද නීතිමය වශයෙන් ආපසු ලබා ගැනීමට නොහැකි ඩොලර් බිලියන 3.7 ක්ද එම මුළු හිඟ මුදලට ඇතුලත්ය.

Annual Tax return
Source: AAP

බදු එකතු කිරීම්

ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ ව්‍යාපාර වලින් බොහෝ සමාගම් බදු එකතු කිරීම හේතුවෙන් තම වාර්ෂික බදු ඉලක්ක සපුරාගත් බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වාර්ෂික වාර්තාව පවසයි.

2017-18 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය එකතු කළ ශුද්ද බදු ප්‍රමාණය ඩොලර් බිලියන 397 කි.

එය ඊට පෙර වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 37.4ක වර්ධනයකි.

මේ අතර ඇස්තමේන්තුගත බදු ආදායමට වඩා මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 12.5 ක අමතර මුදලක් බවද වාර්තා වේ.

Cash
Cash Source: AAP

ඒක පුද්ගල බදු

2017-18 මුල්‍ය වර්ෂයේ බදු ගෙවීමට සුදුසු පුද්ගලයින් මිලියන 11.5 ක් සිටි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

ඒ අනුව ඒක පුද්ගල බදු ආදායම ඩොලර් බිලියන 13.1 කින් පසුගිය වසරේ ඉහළ ගොස් ඇති බවද සඳහන්.

එම ප්‍රමාණය ඇස්තමේන්තුගත බදු ආදායමට වඩා ඩොලර් බිලියන 2.4 ක අමතර මුදලක් බවද වාර්තා වේ.

Annual Tax return
Source: AAP

2017-18 බදු සාරාංශය

  • යොමු කළ වාර්ෂික බදු සැකැස්ම නැවත විමර්ශනය කළ යුතු බවට 230,000ක පිරිසකට මේ වන විට ස්වයංක්‍රීය පණිවිඩ යවා ඇත.
  • myTax හරහා බදු සැකැස්ම යොමු කිරීම 9% කින් ඉහළ ගොස් තිබේ.
  • ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් බදු සැකැස්ම යොමු කළ පිරිස මිලියන 17.4 කි.
  • ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් බදු ගෙවන්නන් හට refunds ලෙස ගෙවූ මුදල ඩොලර් බිලියන 102.3කි.
  • ඒ අතර income tax refunds ඩොලර් බිලියන 42.5 ක් වන අතර statement refunds ඩොලර් බිලියන 59.8 කි.
  • පසුගිය මුල්‍ය වර්ෂය සඳහා මේ වන විට බදු සැකස්මවල් 36,572,123 ක් යොමු කර ඇත.
  • විගණනය කිරීමෙන් පසුව ඒවායින් 361,107 නැවත සකස් කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now