පසුගිය වසරේ සිදුවූ මන්දගාමී බව මගහරිමින් නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ආගමන වැඩිවී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත ඇසුරින් Macquarie බැංකුව විසින් සකස් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ පසුගිය අගෝස්තු මාසයේදී පළකළ නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණයේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ.

2016 - 17 සංක්‍රමණික දත්ත සාරාංශය
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව 2016 - 17 වර්ෂයේදී සංක්‍රමණිකයින් 262,500 ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
එය 2015 - 16 වසර සමග සසඳන විට 56,300 ක් හෙවත් 27.3% ක වැඩි වීමකි.
එමෙන්ම 2016 - 17 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර සංක්‍රමණය වූ පිරිස 376,700 කි.
එය 2015 - 16 වසර සමග සසඳන විට 1.3% ක වැඩි වීමකි.

2017 - 18 සංක්‍රමණික දත්ත සාරාංශය
2018 මාර්තු 31 වන විට සංක්‍රමණිකයින් 236,800 ක් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
2017 වසරේ මාර්තු 31 වන දිනට එම අගය 259,600 වූ බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අනුව 2017 - 18 වසරේදී ඊට පෙර වසරට සාපේක්ෂව සංක්‍රමණිකයින් 22,800 අඩුවීමක් සිදුවී ඇති බව සඳහන්.
එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 8.8% ක පහත බැසීමක්.

පසුගිය වසරේදී විදේශීය සංක්‍රමණිකයින් අඩු වීමට හේතු
පසුගිය වසරේදී විදේශීය සංක්‍රමණිකයින් අඩු වීමට ප්‍රධාන හේතු අතර පහත කරුණු ප්‍රධාන තැනක් ගනී.
01. ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ වීසා නිකුත් කිරීම සීමා කිරීම.
02. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සැලකීම වසරකටත් වඩා වැඩි කාලයක් ගතවීම.
03. නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව හරහා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම දැඩි ලෙස පහත හෙළීම.
04. විවිධ හේතුන් නිසා ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප වීම් ඉහළ යාම.
05. ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබා දීමේදී ක්‍රියාත්මකවූ විමර්ශන.

2017- 18 වසරේ නැවතත් සංක්‍රමණ ඉහළට.
පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියානු දේශපාලනයේ සිදුවූ බල පෙරළියත් සමග නව අගමැතිවරෙයෙකු සහ නව ආගමන කටයුතු අමාත්‍යවරයෙකු පත්වීමත් සමග ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු වල යළි පිබිදීමක් ඇතිවූ බව දේශපාලන විචාරකයින් පවසයි.
විශේෂයෙන්ම ආගමන කටයුතු විෂයය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉවත් කරමින් එය නව අමත්ව්‍යවරයෙකු යටතට පැවරීම මෙහිදී සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකිය.
ස්වදේශ කටයුතු භාර Peter Dutton ගේ සමයේ සංක්‍රමණිකයින් සම්බන්ධ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා පසුගිය වසරේදී සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය බෙහෙවින් අඩු වන්නට බලපෑ බව බොහෝ දෙනාගේ මතය විය.
කෙසේවෙතත්, මේ වසරේදී නිපුණතා සංක්‍රමණික අංශයෙන් සංක්‍රමණිකයින් 128,550 ක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව උදා කර දී තිබේ.
එමෙන්ම කිසිසේත්, ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව වන 190,000 කප්පාදු නොකරන බවටද ලිබරල් සන්ධාන රජය පවසා ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

