ඔස්ට්‍රේලියාවේ පිහිටි ඕනෑම ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී ඔබ සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පවතී.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ පිහිටි ඕනෑම ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් ඔබ ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමේදී හෝ ඔස්ට්‍රේලියාවෙන් පිටවීමේදී හෝ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාව හරහා ගමන් කිරීමට සිදුවනු ඇත.
එහිදී ඔබ විසින් කළ යුතු සහ නොකළ යුතු ප්‍රධාන දේවල් කිහිපයක් පවතින බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

කළ යුතු දේවල්
- ඔස්ට්‍රේලියාවේ රේගුව සම්බන්ධ නීති, quarantine (Agriculture) හෙවත් නිරෝධායනය, වනජීවීන්, ව්‍යවහාර මුදල් සහ තීරු බදු සම්බන්ධ දැනුවත් වන්න.
- මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමෙන් අධික දඩ මුදල් ගෙවීමට මෙන්ම බන්ධනාගාර ගතවීමට සිදුවිය හැකි බව දැනුවත් වන්න.
- ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ආගමන නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතු "පැමිණීමේ පත්‍රය" අවංකව සහ නිවැරදිව පුරවන්න.
- එම "පැමිණීමේ පත්‍රය" පිරවීම සම්බන්ධව ගැටළුවක් ඇතිනම් ආගමන නිලධාරීන්ව දැනුවත් කරන්න.
- පැමිණීමේ පත්‍රයේ සටහන් කිරීමට භාණ්ඩ ඇතොත් ඒවා දේශ සීමා ආරක්ෂණ නිලධාරීන් හට පරීක්ෂා කිරීම පහසු වන අයුරින් අසුරන්න.
- ඔබේ පුද්ගලික සෞඛ්‍යට අදාළ වන ඖෂධ සැලකිය යුතු ප්‍රමාණයක් ළඟ තබාගන්න.
- ඔබ ළඟ තබාගන්නා ඖෂධ නීත්‍යානුකූල ඖෂධ දැයි ඔස්ට්‍රේලියාවේ මානව සේවා වෙබ් අඩවියෙන් දැනගන්න.
- ඔබ ළඟ තබාගන්නා ඖෂධ සඳහා අදාළ නිර්දේශිත වට්ටෝරු පත්‍රය (prescription) ළඟ තබාගන්න.
- ඔබේ ගමන් මළු ඔබ නොදන්නා කිසිවෙකුට හෝ කිසිම විටෙක ලබා නොදෙන්න.
- සෑම විටම ඔබේ ගුවන් ගමනට පැය කිහිපයකට පෙර ගුවන් තොටුපොළ වෙතට පැමිණෙන්න.
- අතේ ගෙන යා හැකි ගමන් මළුවල දියර හෝ ස්ප්‍රේ වර්ග මිලි ලීටර් 100 ට වඩා ගෙන යා නොහැකි බව දැනගන්න.
- ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඕනෑම වේලාවක ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ නිලධාරීන් හමුවී උපදෙස් ගන්න.

නොකළ යුතු දේවල්
- අනෙකුත් ගුවන් මගීන් වෙනුවෙන් ඔවුන්ගේ භාණ්ඩ රැගෙන ඒම හෝ රැගෙන යාම.
- නීති විරෝධී සහ තහනම් කළ භාණ්ඩ රැගෙන ඒම හෝ රැගෙන යාම.
- ව්‍යාජ මුදල් හෝ භාණ්ඩ රැගෙන ඒම හෝ රැගෙන යාම.
- ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම.
- ආගමන හා දේශ සීමා ආරක්ෂණ නිලධාරීන්ට වැරදි හා අසත්‍ය තොරතුරු ලබා දීම. (වැරදි හා අසත්‍ය තොරතුරු ලබා දීම සඳහා දඩ මුදල් හෝ දඬුවම් පැමිණවිය හැකිය)
- ඔස්ට්‍රේලියානු නීති කඩ කිරීම.
- වෛද්‍ය නිර්දේශිත වට්ටෝරු පත්‍රය (prescription) තිබිය යුතු ඖෂධ එම වට්ටෝරු පත්‍රය රහිතව ළඟ තබා ගැනීම.
- ඔස්ට්‍රේලියානු ඩොලර් 10,000 ට සමාන හෝ ඊට වැඩි විදේශීය මුදල් හෝ ඔස්ට්‍රේලියානු මුදල් පිළිබඳ ආගමන නිලධාරීන්ව දැනුවත් නොකිරීම.

ඔබ ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළක් හරහා ගමන් කරන විට එයට අදාළ නීති රීති පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට හෝ smartraveller වෙබ් අඩවියට පිවිසෙන්න.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

