දිනෙන් දින ඉහළ යන ජීවන වියදමත් සමග එදිනෙදා ජීවිතයට එල්ලවෙමින් පවතින පීඩනය ඉහළ යමින් පවතියි.
මිනිසාගේ දෛනික අවශ්‍යතා අතර “ඉන්ධන” යන භාණ්ඩය වර්තමානය වන විට ඉහළින්ම ඇති එකකි.
ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිලෙහි උච්ඡාවචනය සමග ඒ ඒ රටවල ඉන්ධන මිල සංශෝධනය වන අතර මෑත කාලයේදී එහි ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබේ.
ඔබේ ඉන්ධන බිල්පතෙන් සැලකිය යුතු මුදලක් ඔබට ඉතිරි කරගැනීමට හැකිනම් එය ඔබට මහත්වූ අස්වැසිල්ලක් වනු ඇත.
එසේ ඉන්ධන සඳහා වැයවන මුදල් සැලකිය යුතු ලෙස අවම කරගැනීමට පහත උපක්‍රම භාවිතා කළහොත් ඔබට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය මෝටර් රථ සම්බන්ධ වෙබ් අඩවියක් වන www.drive.com.au වෙබ් අඩවිය සඳහන් කරයි.

01. වැඩි වේගයෙන් රිය පැදවීමෙන් හෝ අපරික්ෂාකාරී ලෙස ඇක්සලේටරය පෑගීමෙන් වළකින්න.
සාමන්‍ය වේගයකින් හා අවධානයකින් යුතුව රිය පැදවීමේදී ඔබගේ රථයේ ඉන්ධන භාවිතාව උපරිම මට්ටමක පවත්වාගැනීමට හැකිවනු ඇත.
එමෙන්ම වර්ණ සංඥා එළි අසල නවත්වාගෙන සිට නැවත රථය ඉදිරියට පැදවීමේදී අධික ලෙස ඇක්සලේටරය පාගමින් වේගය වැඩි නොකළ යුතු අතර එසේ කිරීමෙන් අධික ඉන්ධන දහනයක් සිදුවේ.

02. වාහනයේ ටයර් හොඳ තත්ත්වයේ තබා ගන්න.
ඕනෑම වාහනයක් මාර්ගයේ ගමන් කරනුයේ එම වාහනයේ ටයර් මතිනි.
එනිසා සෑම විටම ටයර වල තත්ත්වය පරීක්ෂා කරන්න.
ඒවායේ වායු පීඩන මට්ටම, කඩතොළු වීම් සහ සමතුලිතතාවය පිළිබඳ මනා සැලකිල්ලක් දැක්වීමෙන් ඔබගේ ඉන්ධන ගාස්තුව සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිය.
එමෙන්ම මාර්ගයත් සමග බදන ටයරයේ මතුපිට, අවම ඝර්ෂණයකට මුහුණ දෙන ටයර් සැමවිටම තෝරාගන්න.

03. ඉන්ධන මිල අඩුවූ විට ඉන්ධන පුරවාගන්න.
ඔස්ට්‍රේලියාවේ සෑම ඉන්ධන පිරවුම් හලකම එදිනෙදා ඉන්ධන මිල ප්‍රදර්ශනය කරයි.
එමෙන්ම ඉන්ධන මිල පරීක්ෂා කිරීම සඳහා විවිධවූ App වර්ග මෙන්ම වෙබ් අඩවිද පවතී.
ඉන්ධන මිල ගණන් පිළිබඳ අවධානයෙන් සිට එය අඩුවූ අවස්ථා වලදී ඔබේ රථයට ඉන්ධන පුරවා ගැනීමෙන් ඔබට විශාල ඉතිරියක් ලබා ගැනීමට හැකිවේ.

04. Shopping dockets වලින් වාසි ලබා ගන්න.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳ සැල් ජාලා වලින් ඔබ භාන්ඩ මිලට ගත්විට නිකුත් කරන රිසිට් පතෙහි ඉන්ධන පිරවුමේදී වට්ටම් ලබා දෙන docket එකක් ලැබේ.
සාමන්‍යයෙන් එම docket එක හරහා ඔබට එදින ඉන්ධන මිලෙන් ලීටරයකට ඩොලර් සත 4 ක් ඉතිරි කරගැනීමට හැකිවන අතර අවසානයේ එය සැලකිය යුතු මුදලක් බවට පත්වේ.
බොහෝ දෙනා මෙම dockets ඉවත දමන අතර එයින් නිසි ප්‍රයෝජනය ගතහොත් ඔබගේ මුදල් පසුම්බියට පහසුවක් දැනෙනු ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

