පසුගිය සෙනසුරාදා (20/10) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wentworth මැතිවරණ බල ප්‍රදේශයේ පැවති අතුරු මැතිවරණයෙන් ස්වාධීන අපේක්ෂිකා ආචාර්ය Kerryn Phelps ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් මේ වන විට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල වලින් සනාථ වී තිබේ.
Wentworth අතුරු මැතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින අතර දැනට ලැබී ඇති තොරතුරු මත චාර්ය Kerryn Phelps, ලිබරල් පක්ෂයේ අපේක්ෂක Dave Sharma ට වඩා ඡන්ද 1200 කින් පමණ ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ අනුව වසර 74 ක් ලිබරල් පක්ෂයේ අපරාජිත බලකොටුවක්ව පැවති Wentworth ආසනය මෙවර අතුරු මැතිවරණයේදී ලිබරල් පක්ෂයට ගිලිහි යනු ඇත.
මේ හේතුවෙන් ස්වාධීන අපේක්ෂිකා ආචාර්ය Kerryn Phelps, Wentworth ආසනය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නියමිත වේ.
එනිසාම ලිබරල් පක්ෂයේ එක් පාර්ලිමේන්තු ආසනයක් ගිලිහී යනු ඇත.
මේ නිසාම ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිව යාමේ තර්ජනයක් මතුව පවතී.
Wentworth අතුරු මැතිවරණය
පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හට ලිබරල් පක්ෂය තුළින්ම නායකත්ව අභියෝගයක් පැමිණීම හේතුවෙන් ඔහු ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර එනිසාම ඔස්ට්‍රේලියානු අගමැතිධුරයද අහිමි විය.
ඉන් අනතුරුව වත්මන් අගමැති Scott Morrison ඔස්ට්‍රේලියාවේ 30 වන අගමැතිවරයා ලෙස තේරී පත් විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
අගමැතිධුරය සහ ලිබරල් නායකත්වය අහිමිවූ පසුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් පලක් නොමැති බව පවසමින් මැල්කම් ටර්න්බුල් පසුගිය අගෝස්තු 31 වන දින ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලා අස්විය.
මේ සමගම ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ එක් ආසනයක පුරප්පාඩුවක් ඇතිවූ අතර ඔහු නියෝජනය කළ Wentworth මැතිවරණ බල ප්‍රදේශයට අතුරු මැතිවරණයක් පැවැත්වීමට ඒ අනුව තීරණය විය.
මේ අනුව පසුගිය සෙනසුරාදා (20/10) පැවති එම අතුරු මැතිවරණයෙන් ලිබරල් පක්ෂය පරදා ස්වාධීන අපේක්ෂිකා ආචාර්ය Kerryn Phelps ජයග්‍රහණය කරා යමින් සිටියි.
ලිබරල් පක්ෂයේ අපේක්ෂකයා ලෙස කටයුතු කරනු ලැබුවේ Dave Sharma ය.

ඡන්ද දායකයින් පළිගනියි.
දශක 7 කටත් වඩා වැඩි කාලයක් ලිබරල් පක්ෂයේ අපරාජිත මැතිවරණ ආසනයක්ව පැවති Wentworth මෙවර අතුරු මැතිවරණයේදී ලිබරල් පක්ෂය පරාජයට පත්වුයේ ලිබරල් ඡන්ද දායකයින්ගේම අවශ්‍යතාව මත බව බොහෝ දෙනා පවසති.
Wentworth ආසනය නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් හට ලිබරල් පක්ෂය සැලකු ආකාරය සහ ඔහුට අත්කර දුන් ඉරණම පිළිබඳ බොහෝ Wentworth ලිබරල් පාක්ෂිකයින් දැඩි අප්‍රසාදයෙන් සිටි බවත් මෙවර අතුරු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ලිබරල් පක්ෂයට නොලැබුණු බවද විශ්ලේෂකයෝ පවසති.
එනිසාම ලිබරල් පක්ෂයේ අපේක්ෂක Dave Sharma ට වඩා 20% කට ආසන්න පරතරයක් ඇතිව ස්වාධීන අපේක්ෂිකා ආචාර්ය Kerryn Phelps හට මෙම අතුරු මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකිවූ බව පැවසේ.

බහුතරය නොමැති පාර්ලිමේන්තුවක්
Wentworth ආසනය ලිබරල් පක්ෂය පරාජයට පත්වුවහොත් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ ලිබරල් පක්ෂයට හිමි බහුතර බලය අහිම්වනු ඇත.
මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන සංයුතිය
- ලිබරල් පක්ෂය - 76
- කම්කරු පක්ෂය - 69
- ස්වාධීන මන්ත්‍රීවරුන් - 05
- මුළු ගණන - 150

Wentworth ආසනය ලිබරල් පක්ෂය පරාජයට පත්වුවහොත් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන සංයුතිය
- ලිබරල් පක්ෂය - 75
- කම්කරු පක්ෂය - 69
- ස්වාධීන මන්ත්‍රීවරුන් - 06
- මුළු ගණන - 150
මේ හේතුවෙන් අගමැති මොරිසන් හට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිව යන අතර පනත් සම්මත කරගැනීමේදී ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.

ආණ්ඩුව පෙරළෙයිද?
Wentworth අතුරු මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ඔස්ට්‍රේලියානු රජය පෙරළීමේ සම්භාවිතාව වැඩි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම වත්මන් රජයට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආවොත් එය පහසුවෙන්ම ජයගැනීමට මේ අවස්තාවේදී විපක්ෂයට හැකියාවක් ඇති බව පෙනී යයි.
එනිසාම මැතිවරණයකට නොගොස්ම රජය පෙරළීමේ සම්භාවිතාවක් උද්ගතව පවතී.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ තීරණාත්මක ස්වාධීන මන්ත්‍රීවරුන් 06.
- Adam Bandt - ග්‍රීන්ස් පක්ෂය
- Bob Katter - Katter’s Australian පක්ෂය
- Rebekha Sharkie - Centre Alliance පක්ෂය
- Cathy McGowan
- Andrew Wilkie
- Kerryn Phelps
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

