SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රදේශ මෙන්න.(SBS සිංහල/වාර්තා)

women outnumber men
Source: SBS

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වෙසෙන පිරිමින්ට වඩා කාන්තාවන් ප්‍රමාණය කෙමෙන් ඉහළ යමින් පවතින බව සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වත්මන් දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම පවතින පිරිමි ප්‍රතිශතය 98.4% ක් බව සඳහන්.

නමුත් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල කාන්තා - පිරිමි ප්‍රතිශත පරතරය (පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිවීම) සමස්ත මට්ටමට වඩා වැඩි බව ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

women outnumber men
Business colleagues working on project in office Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් බහුල ප්‍රදේශ

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර Mosman Park ප්‍රදේශයේ කාන්තාවන් 100 කට පිරිමි ප්‍රතිශතය 87.1% ක් දක්වා පහත බැස ඇති බව වාර්තා වේ.

එමෙන්ම සංඛ්‍යාත්මකව එම නගර සභා ප්‍රදේශයේ පිරිමින්ට වඩා වැඩි කාන්තාවන් ප්‍රමාණය 629 කි.

ඊට අමතරව සිඩ්නි හි Woollahra, වික්ටෝරියා ප්‍රාන්තයේ Queenscliffe කලාපයේ මුහුදුබඩ ප්‍රදේශ වල සහ දකුණු ඔස්ට්‍රේලියාවේ Victor Harbour ප්‍රදේශය මෙසේ කාන්තාවන්ට ඉතා අඩු ප්‍රතිශතයකින් පිරිමින්ට සිටින බව වාර්තා වේ.

women outnumber men
Source: Flickr

වයස වැඩි කාන්තාවන් ප්‍රමාණය වැඩිවෙයි.

ඉහත සඳහන් ප්‍රදේශ ඇතුළුව ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් ප්‍රමාණය ඉහළ ප්‍රදේශ වල වැඩි වශයෙන් සිටින්නේ තරුණ කාන්තාවන් නොව මැදි විය ඉක්මවූ කාන්තාවන් බව McCrindle පර්යේෂණ ආයතනයේ ජනවිකාස විද්‍යාඥයා Mark McCrindle පවසයි.

එමෙන්ම සිඩ්නි නුවර දේපළ වෙළෙඳාම් සම්බන්ධව මිල අධිකම නගර ද්විත්වයක් වන Woollahra සහ Mosman ප්‍රදේශ වලද වැඩිමහල් කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාවට වඩා කැපී පෙනෙන ලෙස වැඩි බවද Mark McCrindle සඳහන් කරයි.


SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


කාන්තා - පිරිමි සමබර බව රැකීම

ඔස්ට්‍රේලියාව පුරාම සංඛ්‍යාත්මක අතින් කාන්තා - පිරිමි සමබර බව රැකීම සඳහා කර්මාන්ත හා අධ්‍යාපන ක්ෂේත්‍ර තීරණාත්මක බලපෑමක් සිදු කරන බව ද McCrindle පර්යේෂණ ආයතනයේ ජනවිකාස විද්‍යාඥයා Mark McCrindle පවසයි.

විශේෂයෙන්ම පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන්ම විවිධ කාර්මික කර්මාන්ත වල නියුක්ත කාන්තා සහ පිරිමි ප්‍රතිශත ඒ ඒ ප්‍රදේශ වල කාන්තා - පිරිමි ප්‍රතිශත කෙරෙහි සෘජු බලපෑම් සිදුකරන බව ඔහු පෙන්වා දෙයි.

කාන්තාවන්ගේ ප්‍රමාණය අභිබවා පිරිමින්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති ප්‍රදේශ වල මුලින්ම සිටින්නේ පතල් කර්මාන්තය සම්බන්ධ ප්‍රදේශ වේ.

එමෙන්ම යුධ ක්ෂේත්‍රය හෝ සිරකඳවුරු සම්බන්ධ ප්‍රදේශ වලද කාන්තා ප්‍රතිශතයට වඩා පිරිමි ප්‍රතිශතය වැඩි බව පෙනී ගොස් තිබේ.

නමුත් විශ්ව ව්දියාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන පිහිටි ප්‍රදේශ වල කාන්තාවන්ගේ ප්‍රමාණය පිරිමින්ට වඩා ඉහළ බව ද Mark McCrindle පවසයි.

women outnumber men
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ කැපී පෙනන ලෙස පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රදේශ

women outnumber men
Source: SBS Sinhala

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now