ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහ හිටපු විදේශ ඇමතිනී Julie Bishop ව ඝාතනය කිරීමට මෙන්ම සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට චෝදනා ලැබ සිටි Mohamed Kamer Nilar Nizamdeen නැමති 25 හැවිරිදි ශ්‍රී ලංකික තරුණයා එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබේ.
මීට සම්බන්ධ නඩුව පසුගිය ඔක්තෝබර් 19 වන දින නැවත කැඳවූ අවස්ථාවේදී Nizamdeen ට ගොනු කළ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් මෙසේ ඔහුව නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.
කෙසේනමුත්, ඒ සම්බන්ධ පැවැත්වෙන පරීක්ෂණ නොකඩවා සිදු කරගෙන යන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසිය පවසා ඇත.
ත්‍රස්ත ප්‍රහාර සැලසුම සහ අත්අඩංගුවට ගැනීම
ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහ හිටපු විදේශ ඇමතිනී Julie Bishop ව ඝාතනය කිරීමට මෙන්ම සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට සැක කරමින් නිව් සවුත් වේල්ස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් Mohamed Kamer ව අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කරමින් පසුගිය අගෝස්තු 31 වන දින අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
Mohamed Nizamdeen නමැති මොහු ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින බවත් නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කරමින් සිටින බවත් ආරක්ෂක අංශ අනාවරණය කළේය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
IS සංවිධානයත් සමග අනුබද්ධව මොහු කටයුතු කරමින් සිටි බවට ආරක්ෂක අංශ මුලදී සැක පළ කළ බවට වාර්තා විය.
ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක කළ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ඇතුළු සිඩ්නි නුවර ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් මෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රබල දේශපාලන නායකයින් කිහිප දෙනෙකුගේ නම්ද ඇතුළත් ලියවිලි කිහිපයක් ඔහුගේ සටහන් පොතක තිබී සොයාගෙන තිබීම මෙම චෝදනා වලට මූලික හේතුව වී තිබුණි.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සහ නිව් සවුත් වේල්ස් පොලීසිය කටයුතු කළේය.

අත්අකුරු සමාන නොවීම සහ ඇප ලැබීම.
අත්අඩංගුවට ගත් සැකකාර ලියවිලි වල තිබෙන අත්අකුරු, Nizamdeen ගේ අත්අකුරු සමග සංසන්දනය කර වාර්තාවක් ලබාදෙන ලෙසට අත්අකුරු පිළිබඳ විශේෂඥයින් වෙත ඉන් අනතුරුව පැවරිණි.
මේ අතර සැකකාර ලියවිලි වල තිබූ අත්අකුරු සහ Nizamdeen ගේ අත්අකුරු නොගැලපෙන බව අත්අකුරු පිළිබඳ විශේෂඥයින් තම වාර්තාව ඉදිරිපත් කරමින්පැවසුවේය.
ඉන් අනතුරුව Mohamed Nizamdeen හට සැප්තැම්බර් අග සතියේදී ඇප ලබා දීමට තීරණය කෙරුණි.
ඒ වන විටත් ඔහු සති හතරක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටියේය.

චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම
Mohamed Nizamdeen ට එරෙහිව ගොනුකළ මෙම චෝදනා ඔප්පු කිරීමට ආරක්ෂක අංශ සතුව ඇති සාක්ෂි ප්‍රමාණවත් නොමැති නිසා සැකකරුවාව නිදහස් කිරීමට සිදුවූ බව නිව් සවුත් වේල්ස් සහකාර පොලිස් කොමසාරිස් සහ ත්‍රස්තවාදය වැළක්වීමේ සහ විශේෂ උපක්‍රම පිළිබඳ උපදේශක Mick Willing පැවසුවේය.
නමුත් මේ පිළිබඳ විමර්ශන නොකඩවා සිදුකර මීට සම්බන්ධ පුද්ගලයින්ව නීතියේ රැහැනට හසු කරගැනීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර Mohamed Nizamdeen ගෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හෝ නිව් සවුත් වේල්ස් පොලීසිය හෝ සමාව අයැද සිටීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල ප්‍රධානතම අරමුණ මහජන ආරක්ෂාව බවද නිව් සවුත් වේල්ස් සහකාර පොලිස් කොමසාරිස් Mick Willing පවසා ඇත.

Mohamed Nizamdeen වන්දි ඉල්ලයි.
ත්‍රස්ත චෝදනා වලට සැකපිට අත්අඩංගුවට පත් Mohamed Nizamdeen බන්ධනාගාරගත කර තිබුනේ ගෝල්බන් හි පිහිටි අධි ආරක්‍ෂිත super max සිර කඳවුරේය.
සති කිහිපයක් යනතුරුම ඔහුට පවුලේ උදවියට හෝ ඇමතීමට දුරකතන ඇමතුමක් ලබා ගැනීමට පවා අවස්ථාවක් ලබා දී නැති බව ඔහුගේ පවුලේ උදවිය පවසනවා.
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ මේ තරුණයාට සිදු කළ මෙම ක්‍රියාව මොහුගේ අනාගතයට තදින් බලපාන බවත් මීට එරෙහිව වන්දි ඉල්ලන බවත් Mohamed Nizamdeen ගේ නීතිඥයා වන Moustafa Kheir මාධ්‍ය වෙත පැවසීය.
එමෙන්ම Nizamdeen සඳහා සාධාරණයක් ඉටු කරන මෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමටද තමන් අපේක්ෂා කරන බව නීතිඥ Moustafa Kheir වැඩි දුරටත් පැවසුවේය.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

