ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Lonely Planet වෙබ් අඩවිය විසින් වාර්ෂිකව පළ කරනු ලබන ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10 ලැයිස්තුවේ 2019 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10 අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.
මෙම වාර්තාව ඊයේ (23/10) දිනයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර Lonely Planet වෙබ් අඩවියට සම්බන්ධ කාර්තෘවරුන් සහ එහි සේවකයින් මෙන්ම ලොව පුරා සිටින Lonely Planet වෙබ් අඩවියේ විශේෂ නියෝජිතයින් හරහා මෙම ශ්‍රේණිගත කිරීමට දත්ත සපයා ගනී.

2019 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10
- Sri Lanka
- Germany
- Zimbabwe
- Panama
- Kyrgyzstan
- Jordan
- Indonesia
- Belarus
- São Tomé and Príncipe
- Belize

ශ්‍රී ලංකාව පළමු තැනට පත්වීමට හේතු
Lonely Planet වෙබ් අඩවියට අනුව 2019 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 10 අතරින් ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිවීමට හේතු ගණනාවක් බලපෑ බව වාර්තා වේ.
එම හේතු අතරින් ප්‍රධානතම හේතු කිහිපයක් පහත දැක්වෙයි.
- නිවර්තන රටක් වීම.
- බහු ජාතික සහ බහු සංස්කෘතික රටක් වීම.
- පූජනීය ස්ථාන රැසක් පිහිටීම.
- වන ජීවීන් බහුලව සිටීම සහ ඔවුන්ව නැරඹීමට ඇති පහසුව.
- රළ මත ලිස්සා යාමට කදිම වෙරළ තීරයන් පිහිටීම.
- රට වැසියන්ගේ මිත්‍රශීලී බව.
- ඔවුන්ගේ උණුසුම් පිළිගැනීමේ විධි.
- ඉහල ආගන්තුක සත්කාර.
- පරිසර හිතකාමී සංචාරක වැඩසටහන්.
- දැරිය හැකි මට්ටමේ ආහාර පාන.
- විවිධත්වයකින් යුතු ආහාර පාන වර්ග.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය
තිස් වසරක කුරිරු යුද්ධය නිමවීමත් සමග ශ්‍රී ලංකාවට නැවත වරක් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණීම ආරම්භ විය.
ත්‍රස්ත ප්‍රහාර සහ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් 2009 තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම ඉතා අවම මට්ටමක පැවතුණි.
The Guardian වෙබ් අඩවියට අනුව 2009 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 447,890 ක් වූ අතර පසුගිය වසරේදී එය මිලියන 2.1 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

