ඔබ ගුවන් යානයක ගමන් කරන විට ඔබේ යාබද අසුන්වල සිටින විවිධ මගීන් ඔබට හමුවී ඇති.
ඒ ඒ එක් එක් මගියා විවිධ ගති පැවතුම් සහ හැසිරීම් රටා ඇති පුද්ගලයින් බවද ඔබට වැටහී ඇති.
ඔවුන්ගේ සිතැඟි සහ ක්‍රියා කලාපයන් හේතුවෙන් ඇතැම් විට යාබද අසුන්වල සිටින ගුවන් මගීන්ට දැඩි අපහසුතාවන් ගෙනදෙන අවස්ථාද නැතුවාම නොවෙයි.
ගුවන් ගමන දීර්ග එකක් නම් එම අපහසුතාව තවත් බරපතල වෙයි.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පිළිබඳ ප්‍රකට වෙබ් අඩවියක් වන Travellers වෙබ් අඩවිය විවිධ කරදරකාරී ගුවන් මගීන් වර්ග 10 ක් පිළිබඳ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

01. අසාධාරණ ලෙස අසුන් ඇල කරන්නන්
ගුවන් යානයේ ඇති මගී අසුන් recline කිරීමට හෙවත් යම් කිසි ආනතියකට ඇල කිරීමට හැකිය.
එම ඇල කිරීම හේතුවෙන් ඉදිරි ආසනය සැලකිය යුතු ප්‍රමාණයකින් පිටු පස ආසනය දෙසට පැමිණෙයි.
මෙය යම් සාධාරණ ආනතියකින් සිදු කිරීමට බොහෝ ගුවන මගීන් වග බලගත්තත් ඇතැම් ගුවන් මගීන් ඉතා ආත්මාර්ථකාමී ලෙස මේ කටයුත්ත සිදු කරයි.
ගුවන් යානයේ මගීන් හට ආහාර ලබා දීමේදී සියලු අසුන් සෘජු ලෙස සකසන ලෙසට කාර්යමණ්ඩලය පැවසුවද ඇතැම් මගීන් එය නොතකා සිටින බවක්ද ඇතැම් විට දක්නට ලැබේ.
02. වකුටුවන්නන්
මගී ආසනයේ එක් ඉරියව්වකට සිටීමට නොහැකි, සැමවිටම වකුටු වී ඉරියව්ව මාරු කරමින් ආක්‍රමණශීලී ලෙස ගමන් ගන්නා ගුවන් මගීන්ද ඔබට හමුවී ඇති.
03. පුටු ඇන්ද ආක්‍රමණය කරන්නන්.
ගුවන් යානාවල අසුන් අතර armrests හෙවත් පුටු ඇඳි ඇති ඒවා දෙපස ඇති අසුන් දෙකටම භාවිත කරන ලෙස සකසා ඇත.
නමුත් ඇතැම් ගුවන් මගීන් එම පුටු ඇඳි තමන්ටම නතු කරගනිමින් යාබද අසුනේ සිටින ගුවන් මගියාව මහත් අපහසුතාවකට පත් කරයි.

04. අමතර ගමන් මළු දරන්නන්
සාමාන්‍යයෙන් ගුවන් මගියෙකු හට අතේ ගෙන යා හැකි ගමන් මළු ගණන එකකි. නමුත් තමන්ගේ ලැප්ටොප් පරිගණකය හෝ කාන්තා අත්බෑගය හෝ කැමරා බෑගය හෝ ගෙන යාමටද බොහෝවිට අවසර ලැබේ.
නමුත් ඇතැම් ගුවන් මගීන් ගමන් මළු කිහිපයක් ගෙනවිත් ඒවා අසුන් යට සහ අසුන් දෙපස තබන තත්වයක් ඔබට අත්දකින්නට ලැබී ඇති.
මේ හේතුවෙන් යාබද අසුන්වල සිටින මගීන් දැඩි අපහසුතාවකට පත්වේ.
05. කැස්ස ඇති මගීන්.
හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින ගුවන් මගීන් පවා ඇතැම් විට පුරුද්දක් ලෙස නිරතුරුව කැස්ස මතු කිරීම යාබද මගීන්ට කරන කරදරකාරී ක්‍රියාවකි.
06. නොකඩවා කතා කරන්නන්
ගුවන් ගමනක යෙදෙන විට පුද්ගලිකත්වය රැකගෙන බාධාවක් නොමැතිව ගමන් කිරීම සෑම ගුවන් මගියෙකුගේම අපේක්ෂාව වේ.
නමුත් ඇතැම් මගීන් නොකඩවා අනෙක් පුද්ගලයින් සමග කතා කරනවා ඔබට ඇතැම් විට දකින්නට ඇති.
මොවුන්ගේ කතාව නවත්වන හැඩක්ද බොහෝ වෙලාවට පෙනෙන්නට නොතිබේ.

07. කන් යොමු නැතිව විනෝද වෙන්නන්
ගුවන් යානාවේ ඉදිරි අසුනේ සවි කර ඇති කුඩා තිරයෙන් හෝ තමන්ගේ ලැප්ටොප් පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් හෝ කන්යොමු හෙවත් headphones නොමැතිව ගීත අසන, චිත්‍රපට බලන ගුවන් මගීන් ඔබට හමුවී ඇති.
ඔවුන් කිසිවිටෙක අනුන් ගැන නොසිතන අතර තමන් ගැනම සිතන පිරිස් වෙයි.
08. බේබදු මගීන්
බොහෝ ගුවන් යානා ආහාර වේල් වලට අමතරව මත්පැන් සහ බියර් මෙන්ම වයින් වර්ගද මගීන් වෙත ලබා දෙයි.
මත්පැන් වලට කෑදර ඇතැම් මගීන් පමණ ඉක්මවා මත්පැන් රැගෙන යාබද අසුන්වල සිටින පුද්ගලයින්ට කරදරයක් වීම සුලබ සිදුවීමකි.
09. පාවහන් ගලවා සිටින්නන්.
ගුවන් මගීන් අතරින් ඇතැම් මගීන් තම අසුනේ අසුන්ගත් සැනින් තම පාවහන් යුවල ගලවා දමයි.
ඇතැම්විට ඔවුන්ගේ පාද වලින් දැරිය නොහැකි දුර්ගන්ධයක් හමයි.
මෙවැනි ගුවන් මගියෙකු ඔබේ යාබද අසුනේ සිටියහොත් ඔබට අත්වන ඉරණම කුමක් වේද?
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

