පසුගිය මාස කිහිපය දෙස බැලූ කල ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් කලාප වල නිවාස මිල ගණන් සතියකට ඩොලර් 1,000 බැගින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ආර්ථික උපදේශක ආයතනයක් වන Deloitte Access Economics ආයතනයේ නවතම වාර්තා වලට අනුව මේ බව අනාවරණය වී ඇතැයි ඔස්ට්‍රේලියාවේ news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස මිල ගණන් පහළ යාම
ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව පසුගිය සැප්තැම්බර් මාසය වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස වල මිල ගණන් ජාතික මට්ටමින් 12 වන වරටත් නොකඩවා පහත බැස තිබේ.
ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයක් සිදුවුණද නිවාස වල මිල ගණන් මෙලෙස පහත බසින තත්ත්වයක් උද්ගතවී ඇති බව Deloitte Access Economics හි Chris Richardson පවසයි.
නවතම අගයන්ට අනුව සිඩ්නි නිවාස මිල පහත බැසීමේ ප්‍රතිශතය 6.2% ක්ද මෙල්බර්න් නිවාස මිල 4.4% ක ප්‍රතිශතයකින් පහත බැස ඇති බවද වාර්තා වේ.

ඉදිරි පස් වසර තුළ මිල ගණන්.
ඉදිරියටද සිඩ්නි හා මෙල්බර්න් නිවාස වල මිල ගණන් 5% - 10% අතර ප්‍රතිශතයකින් පහත බැසීමට වැඩි ඉඩක් ඇති බව Chris Richardson පවසයි.
කෙසේවෙතත්, ඉදිරි 5 වසර තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස වල මිල ගණන් වල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවත් වර්තාමානයේ පවතින මිල ගණන් වලට භෝ සමාන මිලක් ඉදිරියේද පවතිනු ඇති බවත් ඔහු අනාවැකි පළ කරයි.

පුද්ගලික ණය අතින් ඔස්ට්‍රේලියාව ලොව දෙවැනි තැනට
තමන්ගේ ආදයාමට අනුව ණය වී ඇති ප්‍රමාණය අතින් ඔස්ට්‍රේලියාව ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති බවද Deloitte Access Economics හි Chris Richardson පවසයි.
පුද්ගලික මට්ටමින් ණය වීම අතින් මේ වන විට ලොව ඉහළින්ම ඇති රට ලෙස ස්වීඩනය වාර්තා වේ.
මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ වාසය කරන පවුල් වලට එතරම් සුබදායී තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ණය වීම
වසර 2016 වන විට ඔස්ට්‍රේලියානුවාසීන්ගේ පුද්ගලික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වන බවත් සාමන්‍ය ඔස්ට්‍රේලියානු පවුලක් ඩොලර් 250,000 ක පමණ ණය වී ඇති බවත් finder.com.au වෙබ් අඩවිය පවසයි.
ඔස්ට්‍රේලියානුවාසීන් පුද්ගලිකව ණය වීමට ප්‍රධානතම හේතු කිහිපයක් ඇති බව ඔවුන් වාර්තා කරයි.
- නිවාස ණය
- ආයෝජන ණය
- පුද්ගලික බැංකු ණය
- ශිෂ්‍ය හෙවත් අධ්‍යාපනික ණය
- ක්‍රෙඩිට් කාඩ් පත් ණය
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

