ඔස්ට්‍රේලියාවේ ෆාමසි වලින් හිතේ හැටියට ප්‍රතිජීවක මිලට ගන්න බැරි ඇයි? (SBS සිංහල/වාර්තා)

Antibiotics

Pharmacist giving prescription to customer Source: Getty Images

නොවැම්බර් 12 සිට 18 දක්වා වූ සතිය ලොව පුරා Antibiotic Awareness Week හෙවත් ප්‍රති ජීවක පිළිබඳ දැනුවත් කිරීමේ සතිය ලෙස හැඳින්වේ.

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ වේලාවට මෙම ප්‍රතිජීවක වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිතා කරන අවස්ථාවන් තිබේ.

ශ්‍රී ලංකාවේදී නම් බොහෝ ප්‍රතිජීවක, ඖෂධාගාර වලින් සෘජුවම ලබා ගත හැකිය.

නමුත් ඔස්ට්‍රේලියාව තුළ මෙම තත්ත්වය වෙනස්ය.

ඔස්ට්‍රේලියාව තුළ ඔබට ප්‍රතිජීවක ඖෂධාගාර වලින් සෘජුවම ලබා ගත නොහැකි අතර ඒ සඳහා වෛද්‍ය අනුමැතිය ලත් බෙහෙත් වට්ටෝරුවක් අවශ්‍ය වේ.

Antibiotics
Source: Flickr

මොනවද මේ ප්‍රතිජීවක?

මිනිසුන්ට සාමන්‍යයෙන් ආසාදන වැළඳෙන අතර ඒවා බොහෝ විට ප්‍රධාන වශයෙන් වයිරස් මගින් ඇතිවන බව මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල සේවයට පැවසුවේය.

ඊට අමතරව බැක්ටීරියා මගින්ද ආසාදන වැළඳීමට ඉඩකඩ තිබේ.

වයිරස් මගින් ඇතිවන ආසාදන සඳහා කිසිදු ඖෂධයක් නොගෙන විවේකී සුවයෙන් සිටියත් සුව වන නමුත් බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන වලින් මිදීමට ඔබට ප්‍රතිජීවකයක් භාවිත කිරීමට සිදුවන බව වෛද්‍ය බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ අනුව බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන පාලනය කිරීමට මෙම ප්‍රතිජීවක යොදාගනී.

Antibiotics
Source: SBS

ප්‍රතිජීවක මාදිලි

1. කරල්

2. පෙති

3. දියර වර්ග

4. රුධිර වාහිනී ගත කරන මාදිලි

Antibiotics
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ෆාමසි වලින් හිතේ හැටියට ප්‍රතිජීවක මිලට ගන්න බැරි ඇයි?

Antibiotic Resistance හෙවත් ප්‍රතිජීවක ඖෂධ සඳහා ඇතිවන ප්‍රතිරෝධය මේ ක්‍රියාවට ප්‍රධානම හේතුව ලෙස ලොව පුරා දැක්වෙන බව මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල සේවයට පැවසුවේය.

මෙය ලොව පුරාම මතුවන ප්‍රධාන ගැටළුවක් වන අතර මෙයට හේතුව ලෙස රෝගීන් විසින් අනවශ්‍ය ලෙස නිතර නිතර ප්‍රතිජීවක භාවිතා කිරීම හඳුනාගෙන තිබේ.

ඒ අනුව සුළු සුළු ආසාදන වලදී ප්‍රතිජීවක අනවශ්‍ය ලෙස භාවිත කළහොත් අවශ්‍ය අවස්ථාවලදී සාමාන්‍ය ප්‍රතිජීවක භාවිත කර එම රෝගී තත්ත්වය සුව කර ගැනීමට අපහසුතාවක් හටගන්නා බව වෛද්‍ය බණ්ඩාර මහතා පැහැදිලි කළේය.

මෙවැනි තත්වයකදී මිල අධික ප්‍රතිජීවක භාවිත කිරීමට හෝ බරපතල තත්ත්වයක් ඇතිවූ විට රෝහල් ගත කිරීමට පවා සිදු වන බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ලෝකයේ දියුණු රටවල වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ප්‍රතිජීවක නිර්දේශ කරනු ලබන්නේ ඉතා සැලකිල්ලෙන් බවද වෛද්‍ය බණ්ඩාර මහතා පැහැදිලි කළේය.

Antibiotics
Source: SBS

ප්‍රතිජීවක වල ධනාත්මක බලපෑම්

  • ආසාදිත තත්ත්වය පාලනය කිරීමට හැකිවීම.
  • ආසාදනය වූ රෝගියෙකු ඉක්මනින් සුව කරගැනීමට හැකිවීම.
  • එම ආසාදනය බරපතල ලෙස පැතිරීම වලක්වා ගැනීමට හැකිවීම.

ප්‍රතිජීවක වල ඍණාත්මක බලපෑම්

  • ආසත්මිකතාවන් ඇතිවිය හැකිවීම.
  • සරළ ආසත්මිකතාවයක සිට රෝගියා මරණයට පත්වීම කරා වර්ධනය විය හැකිය.
  • ආසාදනය වූ රෝගියෙකු ඉක්මනින් සුව කරගැනීමට හැකිවීම.
  • එම ආසාදනය බරපතල ලෙස පැතිරීම වලක්වා ගැනීමට හැකිවීම.
  • අතීසාරය සහ වමනය වැනි අතුරු ආබාධ ඇතිවිය හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now