තමන්ගේ අසල්වාසීන් දැන හඳුනාගැනීම ජීවත්වීමට සුවදායී පරිසරයක් ඉදිකිරීමට මහත්වූ රුකුලක් බව නොරහසකි.
යහපත් අසල්වාසී මිත්‍රත්වය මත ඔබ ජීවත්වන පරිසරය හා වටපිටාව වඩාත් පියකරු මෙන්ම ආරක්ෂාකාරී එකක් වනු ඇත.
නමුත් ඔස්ට්‍රේලියාවේ මේ තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බව essentialkids වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අසල්වාසී සම්බන්ධය පහත බසියි.
ඔස්ට්‍රේලියාවේ වාසය කරන සෑම පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම තම අසල්වාසීන් සමග කතා බහ නොකරන බව HSBC බැංකුව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි essentialkids වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අතර 19% ක පිරිසක් ඔවුන්ගේ අසල්වාසීන් හඳුනාගෙන ඇත්තේ දැකීමෙන් පමණි.
එමෙන්ම තමන් වෙත තම අසල්වාසීන් පැමිණ කතා බහ කරනතුරු ඔවුන් නොහඳුනන බව 7% ක පමණ පිරිසක් පවසා තිබේ.

ඔස්ට්‍රේලියානු අර්බුදය
ඔස්ට්‍රේලියානුවන් තම අසල්වාසීන්ගෙන් ඈත් වීමට ප්‍රධානතම හේතුව ලෙස කාර්ය බහුල ජීවන රටාව හේතුවන බව සමාජ පර්යේෂක Mark McCrindle පවසයි.
මේ හේතුවෙන් හුදකලා වීම ඇරඹීම සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
ජනගහනය වැඩිවන විට අප ජීවත් වන බිම් කඩ කුඩා වන අතරම අසල්වාසීන් සමග භෞතිකව අප සමීප වෙයි.
නමුත් ඔවුන් හඳුනානොගැනීම අවාසනාවන්ත තත්ත්වයක් ලෙස Mark McCrindle පවසයි.

අසල්වාසීන්ගෙන් ඈත් වීමට හේතු
සමාජ පර්යේෂක Mark McCrindle පෙන්වාදෙන ආකාරයට ඔස්ට්‍රේලියනුවන් තම අසල්වාසීන්ගෙන් ඈත් වීමට පහත හේතු සුලබව බලපෑ තිබේ.
01. කාර්ය බහුල ජීවන රටාව.
02. කුලී නිවාස වල දීර්ග කාලයක් වාසය නොකර නිවාස මාරු කිරීම.
03. තමන් වාසය කරන නිවාසය පිළිබඳ තෘප්තිමත් නොවීම.
04. සමාජගත වීමේ භීතිකාව
05. හීන මානය

ඔස්ට්‍රේලියනුවසීන්ගේ නිවාස රුචි අරුචිකම්
මෙම සමීක්ෂණයෙන් පහත සඳහන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබේ.
බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් තනි තට්ටුවේ නිවාස වලට කැමැත්තක් දක්වයි.
ඒවායේ නවීන පන්නයේ මුළුතැන්ගෙයක් හා නාන කාමරයක් තිබීම අත්‍යවශ්‍ය වෙයි.
බිත්ති වලටම සවි කළ අල්මාරි සහ රූපවාහිනිය නැරඹීමට වෙනමම කාමරයක් තිබිය යුතු වීම.
සාම්ප්‍රදායික barbecue පහසුකම් තිබිය යුතු වීම.
ඔස්ට්‍රේලියනුවන් තුනෙන් දෙකක්ම තම දරුවන්ට වඩා සුරතල් සතුන්ට අවධානය යොමු කිරීම.
තම නිවාසය පාසල් වලට යාබද වනවාට වඩා සුරතල් සතුන්ට සුදුසු පරිසරයක පිහිටා ඇත්දැයි බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් සලකා බලයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

