SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකේය තරුණයෙකු මේ සති අන්තයේ ගිනස් ලෝක වාර්තාවක් තැබීමේ සූදානමක්.

Sri Lankan youth in Australia attempt to create a Guinness World Record this weekend.
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බර්න් නුවර සිටින ශ්‍රී ලාංකේය තරුණයෙකු මෙම සති අන්තයේ ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම් වෙයි.

ලෝකය පුරා ප්‍රසිද්ධ Ultra Marathon ඉසව්වකින් මෙම ගිනස් ලෝක වාර්තාව තැබීමට සූදානම් වන මෙම ශ්‍රී ලාංකේය තරුණයා නමින් සනත් බණ්ඩාර.

ඔහු අනුරාධපුර ප්‍රදේශයේ උපත ලබා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ අයෙක්.

ඔහු මෙම එළඹෙන දෙසැම්බර් 02 වන දින බ්‍රිස්බර්න් නුවරදී ට්‍රෙඩ්මිල් එකක් මත සැතපුම් 100 ක් (කිලෝ මීටර් 160) දුරක් දුවමින් මෙම ගිනස් ලෝක වාර්තාව තැබීමට සූදානම් වෙයි.

ඒ අනුව පිරිමි ඛාණ්ඩයෙන් ට්‍රෙඩ්මිල් එකක් මත සැතපුම් 100 ක් (කිලෝ මීටර් 160) දුරක් දිවූ ලොව වේගවත්ම මිනිසා වීමට සනත් බණ්ඩාර මෙම සති අන්තයේදී සූදානම් වෙයි.

ඔහුගේ මෙම ගිනස් ලෝක වාර්තාව ඔස්ට්‍රේලියානු පිළිකා සභාවට ආධාර පිණිස කැප කිරීමටද ඔහු බලාපොරොත්තු වෙයි.

ඔබ මේ සඳහා ආධාර කිරීමට කැමතිනම් පහත වෙබ් ලිපිනය ඒ සඳහා උපයෝගී කරගත හැකිය.

https://www.doitforcancer.com.au/fundraisers/sanathbandara

Sri Lankan youth in Australia attempt to create a Guinness World Record this weekend.
Source: SBS

ඉසව්ව පිළිබඳ විස්තර

දිනය - 2018 දෙසැම්බර් 02

වේලාව - පෙරවරු 7 ට (ක්වින්ස්ලන්තයේ වේලාවෙන්)

ස්ථානය - Stepz Fitness, 441 Algester Road, Parkinson QLD 4115

*********************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now