ඔස්ට්‍රේලියාව තුළ බීමත්ව රිය පැදවීම බරපතල දඩ සහ දඬුවම් හිමිවන වරදකි.
ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල බීමත්ව රිය පදවන රියදුරන් හට ලබා දෙන දඩ මුදල් සහ දඬුවම් එකිනෙකට වෙනස් වෙයි.
නමුත් ඇතැම් රියදුරන් හැරුණුකොට ඒ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල රියදුරන්ගේ blood alcohol concentration (BAC) හෙවත් රුධිරගත ඇල්කොහොල් මට්ටම 0.05 ට වඩා අඩුවෙන් තිබීම පොදු නීතිය වේ.
කෙසේවෙතත්, Probationary drivers හෙවත් P-platers රියදුරන්, learner drivers හෙවත් L-platers රියදුරන් සහ කුලී රථ, බස්, සහ බර වාහන ධාවනය කරන රියදුරන් ගේ රුධිරගත ඇල්කොහොල් මට්ටම බින්දුව විය යුතු බවද වාර්තා වේ.
බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට පොලීසිය විසින් breathalyzer test නමැති පරීක්ෂණය සිදුකරන අතර සාධාරණ හේතුවක් නොමැතිව එයට මුහුණ දීම ප්‍රතික්ෂේප කිරීම ද වැරද්දක් බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල බීමත්ව රිය පදවන රියදුරන් හට ලබා දෙන දඩ මුදල් සහ දඬුවම් පහත පරිදි වේ.

Australian Capital Territory

එක්වරකට වඩා බීමත්ව රිය පදවා හසුවූවුවහොත්….
- ඔබේ රියදුරු බලපත්‍රය අවම මාස 12 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $4,200 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- ඇතැම් විට බරපතල තත්ත්වයන් හමුවේ උපරිම මාස 12 කට බන්ධනාගාරගත කිරීමටද හැකිය.
- බීමත් රියදුරන් දඬුවම් කාලයෙන් පසුව නැවත රිය ධාවනය කිරීමට පෙර ඇල්කොහොල් පිළිබඳ දැනුවත්වීමේ අනිවාර්ය පාඨ මාලාවකට සහභාගී විය යුතුය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

එක්වරකට වඩා බීමත්ව රිය පදවා හසුවූවුවහොත්....
- ඔබේ රියදුරු බලපත්‍රය අවම වසර 2 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $5,500 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- ඇතැම් විට බරපතල තත්ත්වයන් හමුවේ උපරිම වසර 2 කට බන්ධනාගාරගත කිරීමටද හැකිය.
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.08 හෝ ඊට වඩා වැඩිනම් එවෙලෙහිම රියදුරු බලපත්‍රය තහනම් කෙරේ.

Northern Territory

බීමත් රියදුරන් දඬුවම් කාලයෙන් පසුව නැවත තම රියදුරු බලපත්‍රය ලබාගැනීමට පෙර බීමත්ව රිය පැදවීමේ බරපතල කම සම්බන්ධව නිර්මාණය කර ඇති පුහුණුවකට සහභාගී විය යුතුය.
එම පුහුණුව Northern Territory හි රථ වාහන සම්බන්ධ රෙජිස්ටාර්වරයා විසින් පනවන ලබන පුහුණුවකි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

එක්වරකට වඩා බීමත්ව රිය පදවා හසුවූවුවහොත්....
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.15 හෝ ඊට වඩා වැඩිනම් ඔබේ වාහනය එවෙලෙහිම පොලීසිය බාරයට ගැනේ.
- ඔබේ රියදුරු බලපත්‍රය අවම වසර 2 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $6,600 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- බරපතල තත්ත්වයන් හමුවේ අධිකරණය තීරණය කරන කාලයකට බන්ධනාගාරගත කිරීමටද හැකිය.
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.10 හෝ ඊට වඩා වැඩිනම් එවෙලෙහිම රියදුරු බලපත්‍රය තහනම් කෙරේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

එක්වරකට වඩා බීමත්ව රිය පදවා හසුවූවුවහොත්....
- ඔබේ රියදුරු බලපත්‍රය අවම වසර 3 කට අත්හිටුවීමට ඉඩ ඇත.
- $2,900 දක්වා දඩයකට යටත්වීමට ද සිදුවේ.
- රුධිරගත ඇල්කොහොල් මට්ටම (BAC) 0.08 හෝ ඊට වඩා වැඩිනම් එවෙලෙහිම රියදුරු බලපත්‍රය තහනම් කෙරේ.
ටස්මේනියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තය

බීමතින් රිය පදවා හසුවීමෙන් ඔබේ අහෝසි කළ රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමට පෙර Behaviour Change Program හෙවත් බීමත්ව රිය පැදවීමේ බරපතලකම විදහා දක්වන සහ එය නැවත නොකිරීමට උපදෙස් දෙන වැඩසටහනකට සහභාගී විය යුතුය.
එම අතර බීමත්ව රිය පදවා හසුවීමෙන් අනතුරුව නැවත රියදුරු බලපත්‍රය ලබාගෙන මාස 6 ක් යනතුරු alcohol interlock මෙවලමක් ඔබේ වාහනයේ සවි කරගත යුතුවේ.
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

----------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------

