තවත් දින 48 කින් අවසන් වන ඔස්ට්‍රේලියාවේ 2018/19 නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ නවතම තත්ත්වය මෙන්න. (SBS සිංහල/වාර්තා

Occupation Ceiling List

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා අවස්ථාව ලබාදෙන Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුවේ” 2018/19 ලැයිස්තුව නිමාවීමට ඇත්තේ තවත් දින 48 ක පමණ කාලයකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.


 

SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (Free download)


 

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින්  ප්‍රදර්ශනය කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

ඔස්ට්‍රේලියාවේ වතමන් මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වනදායින් අවසන් වන අතර ඔස්ට්‍රේලියාවේ රැකියා සීමා ලැයිස්තුවේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Occupation ceiling list
Source: www.health.gov.au

ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්

සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් පවතින වෘත්තීන් කිහිපයක්ම හඳුනාගෙන තිබේ.

ඒ අතරින් පහත වෘත්තීන් ප්‍රධාන තැනක් ගනී.

  • Accountants
  • Civil Engineering Professionals
  • Early Childhood (Pre-primary School) Teachers
  • General Practitioners and Resident Medical officers
  • Registered Nurses
  • ICT Business and Systems Analysts
  • Software and Applications Programmers
  • Database and Systems Administrators and ICT Security Specialists
  • Computer Network Professionals
  • Telecommunications Engineering Professionals
  • Social Workers
  • Motor Mechanics
  • Carpenters and Joiners
  • Electricians
  • Chefs

නමුත් අද වන විට වාර්තාවන තත්ත්වය හමුවේ ඉහත සඳහන් බොහෝ වෘත්තීන් සඳහා ප්‍රමාණවත් ආරාධනා පත්‍ර නිකුත් කර නොතිබෙන බව පැහැදිලිව පෙනී යයි.\

මේ අතර Accountants, Civil Engineering Professionals, ICT Business and Systems Analysts, Software and Applications Programmers, Database and Systems Administrators and ICT Security Specialists සහ Computer Network Professionals වැනි වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම පසුගිය දෙසැම්බර් මාසයේ පටන් මන්දගාමී වූ බව ද දක්නට ලැබේ.

Occupation ceiling list
Source: Getty Images

ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්ගේ තත්ත්වය

2018/19 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුවේ” ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්ගේ වත්මන් තත්ත්වය පහත පරිදි වේ.

Occupation ceiling list
Source: SBS Sinhala

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.

ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

Occupation ceiling list
Source: Pixabay

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

2018/19 රැකියා සීමා ලැයිස්තුවේ මැයි 13 වන දින වන විට තත්ත්වය

Occupation IDDescriptionOccupation Ceiling Value 2018-19Invitations to 11/04/2019
1213Livestock Farmers4,8410
1331Construction Managers5,98254
1332Engineering Managers1,13121
1341Child Care Centre Managers1,000<5
1342Health and Welfare Services Managers1,30216
1399Other Specialist Managers2,6150
2111Actors, Dancers and Other Entertainers1,0000
2112Music Professionals1,0000
2121Artistic Directors, and Media Producers and Presenters1,0000
2211Accountants*3,7532,653
2212Auditors, Company Secretaries and Corporate Treasurers*1,342947
2241Actuaries, Mathematicians and Statisticians1,00085
2243Economists1,0000
2245Land Economists and Valuers1,00036
2247Management consultant3,894230
2321Architects and Landscape Architects1,251298
2322Cartographers and Surveyors1,00073
2331Chemical and Materials Engineers1,000431
2332Civil Engineering Professionals3,5101,315
2333Electrical Engineers1,000628
2334Electronics Engineers*300212
2335Industrial, Mechanical and Production Engineers*1,7801,255
2336Mining Engineers1,000<5
2339Other Engineering Professionals*700496
2341Agricultural and Forestry Scientists1,000115
2342Chemists, and Food and Wine Scientists1,0005
2343Environmental Scientists1,7160
2344Geologists, Geophysicists and Hydrogeologists1,0000
2345Life Scientists1,000<5
2346Medical Laboratory Scientists1,600135
2347Veterinarians1,00080
2349Other Natural and Physical Science Professionals1,00017
2411Early Childhood (Pre-primary School) Teachers2,488207
2414Secondary School Teachers8,480361
2415Special Education Teachers1,0007
2421University Lecturers and Tutors2,907<5
2512Medical Imaging Professionals1,22425
2514Optometrists and Orthoptists1,0008
2519Other Health Diagnostic and Promotion Professionals1,000<5
2521Chiropractors and Osteopaths1,00025
2524Occupational Therapists1,22757
2525Physiotherapists1,61386
2526Podiatrists1,0008
2527Speech Professionals and Audiologists1,00045
2531General Practitioners and Resident Medical officers3,348286
2533Internal Medicine Specialists1,00033
2534Psychiatrists1,00010
2535Surgeons1,00011
2539Other Medical Practitioners1,145611
2541Midwives1,00020
2544Registered Nurses17,3221,650
2611ICT Business and Systems Analysts*1,4661,035
2612Multimedia Specialists and Web Developers1,0000
2613Software and Applications Programmers*7,2715,138
2621Database and Systems Administrators and ICT Security Specialists2,6601,100
2631Computer Network Professionals*2,1671,506
2633Telecommunications Engineering Professionals1,000710
2711Barristers1,0000
2713Solicitors3,770145
2723Psychologists2,22857
2725Social Workers2,125208
3122Civil Engineering Draftspersons and Technicians1,00086
3123Electrical Engineering Draftspersons and Technicians1,0009
3132Telecommunications Technical Specialists1,00019
3211Automotive Electricians1,000<5
3212Motor Mechanics6,09921
3222Sheetmetal Trades Workers1,0000
3223Structural Steel and Welding Trades Workers4,6399
3232Metal Fitters and Machinists6,98912
3233Precision Metal Trades Workers1,0000
3241Panelbeaters1,0000
3311Bricklayers and Stonemasons1,59411
3312Carpenters and Joiners8,37218
3322Painting Trades Workers3,2775
3331Glaziers1,000<5
3332Plasterers2,081<5
3334Wall and Floor Tilers1,259<5
3341Plumbers5,76611
3411Electricians9,30333
3421Airconditioning and Refrigeration Mechanics1,836<5
3422Electrical Distribution Trades Workers1,019<5
3423Electronics Trades Workers1,76934
3513Chefs2,82176
3611Animal Attendants and Trainers1,0450
3941Cabinetmakers1,421<5
3991Boat Builders and Shipwrights1,0000
4523Sports Coaches, Instructors and Officials2,7010
4524Sportspersons1,0000

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


6 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now